IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න

(ඩයනා උදයංගනී)

ප්‍රකාශයට පත් කර ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධා නොකර, ඊට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට කටයුතු කරන්නැයි ,ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් සහ අදාළ සියලු රාජ්‍ය ආයතනයන්හි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.

ඡන්දය කල් දැමීමට හේතුව රජය කෙරෙහි නැගී එන ජනතා අප්‍රසාදය නම් එයට මුහුණදීමට හා ඒ ප්‍රතිඵල අනුව වෙනස්වීමට ඔවුන් නිහතමානී විය යුතු බවද කාදිනල්තුමෝ සඳහන් කරති.

එමෙන්ම තමන් පරාජයට බිය බියගුල්ලන් කොටසක් ලෙස ඉතිහාසගතවීම වළකාගැනීමට තරම් බුද්ධියක් අප රටේ නායකයන් සතුව ඇතැයි තමන් සිතන බව ද අගරදගුරුතුමන් සඳහන් කර ඇත්තේ විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අගරදගුරුමැදුරේ දී අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම නිවේදනය මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 දින ප්‍රකාශයට පත් කර ඇති පලාත් පාලන මැතිවරණ නොපවත්වා සිටීමට ඇතැම් රාජ්‍ය නිලධාරීන් උත්සාහ දරමින් සිටින බව පෙනෙන්නට ඇතැයි ද එහි දැක්වේ.

මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය සකසාදීමට ජනාධිපතිවරයා ඇතුළු රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බැඳී සිටින අතර, මැතිවරණ කොමිසමට අවශ්‍ය සියලූ සහාය ලබාදීමට අදාළ සියලුම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නිලධාරීන් ද බැඳී සිටින බව එම නිවේදනයේ සඳහන්ය.



අදහස් (19)

බියගුල්ලන් නොවී ඡන්දෙ තියන්න

pradeep Tuesday, 21 February 2023 02:53 PM

ශ්‍රේෂථයි. අපි හැම වැටම ඔබව අගයකරන අතර ඔබේ නායකත්වය

:       173       54

සංකල්පTuesday, 21 February 2023 07:19 PM

උන්නාන්සේ බලාගෙන ඉන්නෙ රටේ ජනතාව සියලු දෙනාම තමන්ගෙ යටතේ තබාගෙන ආගම පැතිරවීම කියලා ඉතාමත් අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා එහෙම කොලොත් ඉතින් බෝට්ටුවක් පදවමින් ඉන්න උන්නාන්සේට නැවේ කැෆ්ටන් වෙන්න පුළුවන් වේවි නේද සමගිය අගයන බුදුනුවන් වන අපිව බේද කරන්න තමයි මේ බලන්නෙ කියලා මම විශ්වාස කරනවා.(බලන්න මෑතකදී ඇතිවූ සෑම අරගලයකම මෙතුමාගේ අනුගාමිකයන් හිටිය නිසා තමයි එහෙම කියන්නෙ ) නුවනැත්තෝ සිතත්වා

:       0       3

JudeTuesday, 21 February 2023 08:16 PM

ජෙප්පො හදන්නේ තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න. මෙයාලා දන්නවා ණය හම්බුනොත් මෙයාලාට ජනතා ප්‍රසාදය නැති වෙනව කියලා. ඒකයි ඔච්චර දඟලන්නේ.

:       0       3

දාස Tuesday, 21 February 2023 03:12 PM

ස්තුතියි කාදිනල් තුමනි , අපේ මලවතු අස්ගිරි මහානාහිමවරු තවම නිහඩ ඇයි

:       105       55

යෝගා Tuesday, 21 February 2023 03:27 PM

පූජකයෝ දේශපාලනේට අත දාන එක තමයි මේ රටේ කරුමේ

:       52       97

pradeepTuesday, 21 February 2023 03:58 PM

මේක දේශපාලන ප්‍රශ්ණයක් නොවෙයි.

:       3       0

Dasa PTuesday, 21 February 2023 06:53 PM

මැතිවරණයක් ඉල්ලන එක කරුමයක් නම් ඒ කරුමේ අපිට හොඳයි

:       1       0

විජිත් Tuesday, 21 February 2023 03:58 PM

ගරු කාදිනල් තුමනි, දැන් මේ රටේ චන්දයක් නොතියන්න රටේ පාලකයින් නොකරන දෙයක් නැති අවස්තාවක, නොයෙකුත් අහේතුක හේතුන් ඉදිරිපත් කරන වෙලාවක, ඔබ වහන්සේටත් යමක් කලහැකියි කියා සිතනවා.රජය මේ මුසාවාදා දෙසාබාමින් කියන්නෙම " මුදල් නැහැ "යන්නයි. ඔබතුමන්ට හැකියාවක් තියෙනවා කියලා හිතනවා, මානුෂිය හේතුන් මත , මානුෂිය හිමිකම් රැකගැනීම උදෙසා, වතිකානුවෙන් හරි යම් කිසි මුදල් ආධාරයක් ඉල්ලා සිටීමට.එමෙන්ම ඒ මුදල් ශ්‍රී ලංකාවට ලැබෙන ක්‍රමවේදය අනිවාර්යයෙන්ම සහතික කරගත යුතුයි.මුදල් මහබැංකුවට ලැබුනොත් බැංකුවේ ඉන්න ආණ්ඩුවේ බහිරවයින් ඒ මුදල් ගිලින්නත් බැරි නැහැ.ඔවුන් සියලුදෙනාම මේ මොහොතේ වැඩ කරන්නේ ජනාධිපති නම් හොරු 134 දෙනෙක් විසින් පත්කරගත් ,ජනතා ප්‍රසාදයක් නොමැතිව විසිවී සිටි නිකම්ම නිකමෙක් කියන විදිහටයි.ඔබ වහන්සේගේ අවධානය මේ අදහස කෙරෙහි යොමුවෙයි කියා සිතමි.

:       2       0

Gunendra Tuesday, 21 February 2023 04:20 PM

යෝග ඔබ හරියටම හරි

:       0       2

fairoos Tuesday, 21 February 2023 04:44 PM

නන්දසෙනවා එලෙවුවා වගේ රනිල් රාජපක්ෂවත් එලවන්න ඕනේ

:       2       0

අරවින්ද මොණරවිල Tuesday, 21 February 2023 04:56 PM

පූජ්‍ය පක්ෂයට ඇහුම්කන් දෙන්නේ උන්ගේ බැරිවෙලාවත් උන්ගේ වාසියට මොනවා හරි කිව්වොත් විතරයි. බුදු බණත් තමන්ගේ වාසියට විකෘති කරන පට්ට හොරු.

:       2       0

Jayalath Tuesday, 21 February 2023 05:08 PM

ඔබතුමා ධර්මය පිලිබද කටයුතු කරන්න චන්දය ගැන දෙෂපාලකයො බලාගනිි

:       0       4

nishantha ranaweera Tuesday, 21 February 2023 05:43 PM

පූජකයෝ දේශපාලනය නොකර හිටියොත් හොඳයි .මේ දූපතේ විතරයි මේ කෝලම් සේරම .කතෝලික පල්ලිය දැන් කුරුසේ බිම දාලා උස්සන් යනවද

:       0       0

kamal Tuesday, 21 February 2023 06:43 PM

චන්දයක් තියනවා කිව්වොත් හුගක් හොරුන්ට නින්ද යන්නේ නැති එකයි තියෙන ලොකුම ප්‍රශ්නේ.

:       1       0

Kumara Tuesday, 21 February 2023 07:16 PM

චන්දෙට යන සල්ලි පල්ලියෙන් දෙන්න

:       0       4

මැක්ස් Tuesday, 21 February 2023 07:22 PM

ජන්දය තිබ්බොත් පාස්කු බෝම්බයේ මහ මොළකරැ හම්බ වෙයි ද කාදිනල් තුමා?

:       0       4

Kapila Tuesday, 21 February 2023 09:30 PM

අගරදගුරු හිමිපානනි, ඔබ වහන්සේ මහානායක හිමිපාණන් ට ආදර්ශයකි. එත් උන්වහන්සේලා තාම සැතපෙනවා. මහජනයාට වෙන අසාධාරණය පිලිබඳව සංවේදී නෑ.

:       3       0

Hira Tuesday, 21 February 2023 09:37 PM

මෙතුමා 13 ගැන සද්දක් නැහැ. සද්දෙන් කියන්න බලන්න පල්ලියෙ මතය. අපිට මතකයි ප්‍රබාකරන් ඉන්න කලයෙ ගහපු ඩබල් ගේම්. මහනායක හිමිවරු තමයි සිංහලය වෙනුවෙන්, රට වෙනුවෙන් සත්බාවයෙන් හඩ නැගුවෙ. ඒ ප්‍රකාශ තුල දෙබිඩි පිලි‌වෙතක් තිබුනෙ නැහැ ඉතිහසය පුරාවටම.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2354 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 574 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1137 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 6010 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 806 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 5001 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site