(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බුර්කාව සහ මද්රසා පාසල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
පාස්කු ප්‍රහාරයට ලක්ව මියගිය ජනතාව වෙනුවෙන් එම සහාසිකයනට සහ එය සැලසුම් කළ අපරාධකරුවනට නීති ප්‍රාකාරව උපරිම දඬුවම් දීමට ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
එම ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ ඉදිරි ආරක්ෂව සඳහා රජය ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිරන්තරයෙන් පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බව ද අමාත්‍යවරයා කීය.
පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.
ගොවි ගිණුම් වලට පොහොර සහනාධාර මුදල් ලැබීමේ පමාවක් පවතින්නේ යැයි පිළිගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 9 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ ’’අමුල්’’ වර්ගයේ ආනයනික සහල් ක
පවතින අධික වර්ෂාවත් සමඟ නොච්චියාගම කටුරොදගම ගම්මානය ජල ගැලීමෙන් හතර වටින්න ජලයෙන් කොටුවී ගම්මානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය හා පාලමද ජලයෙන් ය
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුන විද්‍යා දෙපාර්තම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බුර්කාව - මද්රසා පාසල් කඩිනමින් තහනම් කරනවා-මහජන ආරක්ෂක ඇමැති
Raveendra Wednesday, 10 March 2021 11:02 AM
කටමැත දොඩවන එක විතරයි.
Raveendra Wednesday, 10 March 2021 11:21 AM
"අවංකව නිසි ලෙස" වැඩ කරන මිනිසා "අඩුවෙන් කතාකරයි" යන පැරණි කියමන දියවනාව පට්ටියට අදාළ නොවීම කණගාටුවකි. 225 ම වාචාල විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය ඉහළින්ම සමතුන් වීම මොනතරම් ආඩම්බරයක්ද..? කතාව අඩුවෙන් වැඩ වැඩියෙන් කිරීම ලංකා මාතාවට හදවතින්ම ආදරය කරන මිනිසුන්ගේ නැණවත් ක්‍රියාවකි. 225 ටම මෙම අදහස් කියවීමට හැකිවේවා...!!!
බුර්කා Wednesday, 10 March 2021 11:29 AM
දැන් දොළොස් මාසයකටත් වැඩි කාලයක් ගෙවුණා. ඒත් වැඩේ කරන්න වුවමනාවක් තිබුණු බවක් පෙනෙන්න තිබුණේ නැහැ. ඡන්දයක් ගැන කතා බස් ඇහෙනකොට ඔන්න ආයෙත් එළියට ඇවිත්...
BamunuarachchiThursday, 11 March 2021 02:38 AM
ආයිත් ඒවා පිහිටුවා ගන්න බැරි විදිහටම අයින් කරන්න ඕනේ. ඒවාට ටිකක් කල් යනවා. ඒ වුණාට වැඩේ වෙනවා ෂුවර්... මොකද වැඩේට අතදාලා තිබෙන්නේ නියම සිංහලයෙක්...
සිරිබිරි Wednesday, 10 March 2021 11:32 AM
ඔට්ටුයි බැරුවට... !!
janabala asamagi Wednesday, 10 March 2021 11:37 AM
ඕවා කළ හැකි දේවල් නොවේ.. ඇමැතිතුමා සුළු ජාතික ඡන්ද පදනම හදාගත්ත ප්‍රධාන දේශපාලන පක්ෂයක් තියෙනවා. මූලික අරමුණ බලය ලබාගැනීම, පාර්ලිමේන්තුවේ බහුතරයත් උගත් අය නොවේ.. බාර්කරුවන්, පස් කපන්නන්, කුඩු ව්‍යාපාරිකයන්, කැලෑ කපන්නන් ලංකාවේ පාලන බලය ලබාගන්න හෝ ප්‍රබල බලපෑම් කරන්න පුළුවන් විදිහට සියල්ල සිදු වී හමාරය.
බද්රානි Wednesday, 10 March 2021 11:40 AM
බුර්කාව හා මද්රසා පාසල් තහනම් කරනවා කියලා රටටම ඇහෙන්න කියන්න කලින් ගරු, අලි සබ්රි මහත්මයාගෙන් මේ ගැන ඇහුවා නම් නේද හොඳ? නැත්නම් ඉතින් අපට අන්තිමේ කියන්න සිදුවෙන්නේ "කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා" කියලා කියන්න තමයි. අර භුමදානයක් අල්ලාගෙන කරපු විගඩම මතකයිනේ..!!!
sarath Wednesday, 10 March 2021 11:48 AM
සබ්රි කරන්න දෙයිද?
sanjeewaWednesday, 10 March 2021 04:40 PM
අලි සබ්රිගෙන් ඇහුවද?
sachith Wednesday, 10 March 2021 12:10 PM
ඔයා තහනම් කරනවා. අප්පුච්චා ඒක අහක් කරනවා.
සිරිබිරි Wednesday, 10 March 2021 12:39 PM
හොඳ බයිලා කියන කෙනෙක් තමයි...
firda Wednesday, 10 March 2021 12:50 PM
ඒ වගේම දුශ්ශීල චීවරධාරී පිරිසත් ඉවත් කරන්න.
jayasekaraThursday, 11 March 2021 06:28 AM
ඒක අපි බලාගන්නම්. ඒවට අපේ මහ නායක හාමුදුරුවරු ඉන්නවා. දුස්සීල චීවරධාරීන් ගැන රජයට අයිතියක් නැහැ. ඒවා කරන්නේ බුදුහාමුදුරුවෝ පැනවපු විනය නීති මගින් මිසක්, ‘‘ව්‍යවස්ථාවෙන්‘‘ නොවේ... දන්නේ නැති දේවල් ගැන කියවන්න එපා.
RoshanThursday, 11 March 2021 05:37 PM
අපිටත් ඔහොම තමයි කියන්න තියෙන්නේ... අපිටත් නීතියක් තියෙනවා. බුර්කාවට අත තියන්න රජයට අයිතියක් නැහැ.
Ruhunu Wednesday, 10 March 2021 12:52 PM
හරක් මරණ එක තහනම් කළාද? භූමදානය කරන එක තහනම් කළාද? නැහැනේ.. දැන් දැන් බුර්කාව තහනම් කරන්න හදනවා. ඔක්කොම කටින් විතරයි. තව ටික කාලයක් යනකොට ලංකාවේ හැමෝටම බුර්කාව දාන්න වේවිද දන්නේ නැහැ.
fairoos Wednesday, 10 March 2021 12:55 PM
මේක තහනම් කළොත් තමයි මහජාතියට සතුටක් තියෙන්නේ. හැබැයි මාස්ක් නම් තව අවුරුදු ගාණක් දාන්න වෙයි හැමෝටම...
BamunuarachchiFriday, 12 March 2021 10:54 AM
නැතුව නැතුව. අද මම සාප්පුවකට ගියා... ඒ ගොල්ලෝ කතා කරපු භාෂාව ඇසුණු ගමන් ආපසු හැරුණා.
Nihal Wednesday, 10 March 2021 01:12 PM
විඳින දුකක්...
Bandara Wednesday, 10 March 2021 01:43 PM
තවත් පම්පෝරි කාරයෙක් විතරයි.
jim kuruThursday, 11 March 2021 03:03 AM
සහතික ඇත්ත...
Hafeel Wednesday, 10 March 2021 01:45 PM
මෙහෙම තමයි පළාත් සභාව අහෝසි කරනවා කිව්වේ. කෝ වුණාද? දැන් පළාත් සභා ඡන්දත් තියනවයි කියලයි ආරංචි. මෙයාගේ කයිවාරු තමයි. රට පුරාම දිනපතා අහන්න ලැබෙන්නේ අපරාධ...
Nuwan Wednesday, 10 March 2021 01:58 PM
අනේ හැකිනම් ගමට ගිහින් පෙන්වන්න ගම්මුන්ගෙන් ගුටි නොකා... බොරුව තමයි.
Raveendra Wednesday, 10 March 2021 02:01 PM
අපරාදෙ කියන්න බෑ.. හරි අපූරුවට වෙනවා. ඩීල් දැම්මා එහෙම වෙන්න ඕනෑ තමයි. ඔහොම යන්... ඔහොම යන්...!!!
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 March 2021 02:06 PM
මෙතුමා මේ මොනවා කීවත්, ඔන්න අසාද් සාලි චැනල් එකක දුන්නා නියම උත්තරේ... ආණ්ඩුව මොනවා කීවත්, ඒ අයගේ නීතිය කිසිසේත් වෙනස් කරන්නේ නැහැ කිව්වා. මේ වෙලාවේදී බද්රානි මහත්මිය පැවසුවා වගේ මටත් මතක් වුනේ අර මලමිනී භූමදානයක් අල්ලාගෙන නටපු විගඩම ගැන තමයි. කොහොම වුණත්, සාලි ඇතුළු කණ්ඩායමට අප හිතුවාට වඩා ගැම්මක් තියෙනවා. මේ ඇමැතිතුමා ඒවා නොදන්නවා වගෙයි වැඩ කරන්නේ...
විපරමා Wednesday, 10 March 2021 03:24 PM
කටින් බතල හිටවනවා. වැඩක් කරපු පාටක් නම් නැහැ. ඕකනේ කවදත් සිද්ද වෙන්නේ...
Niaha Wednesday, 10 March 2021 04:39 PM
සිංහල බෞද්ධයා රවට්ටලා ඡන්දෙ දිනලා දොඩවන හැටි. අප්පිරියයි.
Ruwan Wednesday, 10 March 2021 04:50 PM
මෙච්චර කාලෙකට කරපු දෙයක් නෑනේ මහත්තයෝ... බොරු බයිලා ගහන්න එපා.
Toni Wednesday, 10 March 2021 05:29 PM
ගැසට්වලින් එහෙම නොවේ. නීති ගැන අහන්න.
Perera Wednesday, 10 March 2021 05:35 PM
බොරු කයිවාරු.. කිය කිය ඉන්නේ නැතිව කරලා පෙන්වන්න. මේ අර 69 ලක්ෂයට සතුටු වෙන්න කියන කතා.
L.G.P.Jathunarchchi Thursday, 11 March 2021 01:51 AM
කරුණාකර දේශපාලකයින්ගේ වැල්වටාරම් විශ්වාස කරන්න එපා..!!!
chinthaka Thursday, 11 March 2021 02:07 AM
කරනවා නම් හොඳ වැඩක්...
Lankaputha Thursday, 11 March 2021 02:24 AM
කඩිනමින් නේද? එහෙනම් කල් තියෙනවා...
Chinthaka Thursday, 11 March 2021 03:14 AM
අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්. නමුත් වෙනකම් විශ්වාස නැහැ.
සෙනෙවිරත්න Thursday, 11 March 2021 04:29 AM
කෙරුණාම කළා කියලා කියන්නම් ඇමතිතුමෝ...!!!
සත්‍ය Friday, 12 March 2021 03:44 AM
බලය ලබා ගැනීමට යම් අවස්ථාවක ඡන්දය මදි වුණොත්, සිංහලයින්ට හෙනගැහුවත් , පාලනය අතට ගෙන සාක්කු පුරවාගැනීම සිංහල බෞද්ධ දේශපාලකයින් වන අපේ අධිෂ්ඨානය. නැතිනම් ප්‍රධාන පක්ෂ දෙකේ නායකත්වයට සිංහල රට රැකගැනීම සඳහා එක්සත් වීමට බැරි ඇයි?