IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


බ්‍රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(සන්ඩේ ටයිම්ස්)

බ්‍රික්ස් සංවිධානයට පූර්ණ සාමාජිකයකු ලෙස සම්බන්ධවීමට ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයැදුම් පත්‍රය එම සංවිධානය පිළිගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අප පුවත්පතට ප්‍රකාශ කළේය.

එම සංවිධානයේ සාමාජිකයන් සංඛ්‍යාව නවයක් ලෙස පවත්වාගෙන යාමට ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා අයැදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට බ්‍රික්ස් සංවිධානය කටයුතු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.

කෙසේ නමුත් හවුල්කාරිත්ව සාමාජික රටක් ලෙස එක්වීමට බ්‍රික්ස් සංවිධානය ශ්‍රී ලංකාවට අවසර ලබාදී ඇතැයිද විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

සාමාජික රටවලට මූල්‍ය සහාය සපයන බ්‍රික්ස් නව සංවර්ධන බැංකුවට සම්බන්ධ වීමටද ශ්‍රී ලංකාවට අවසර ලැබී ඇතැයිද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය. ඒ අනුව නව සංවර්ධන බැංකුවට සම්බන්ධවීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලය කඩිනමින් අනුමැතිය ලබාදෙනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

ලොව ප්‍රමුඛ නැගී එන වෙළඳපල ආර්ථිකයන් සහිත රටවල්වලින් බ්‍රික්ස් සංවිධානය සෑදී තිබේ. බ්‍රික්ස් සංවිධානයේ සාමාජික රටවල් වන්නේ බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වේ. ලබන වසරේදී බ්‍රික්ස් සංවිධානයේ සභාපතිත්වය බ්‍රසීලය බාර ගැනීමට නියමිතය.

 



අදහස් (10)

බ්‍රික්ස් සංවිධානයට කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

සිලින්ඩර බිල්ලා Sunday, 27 October 2024 04:56 PM

ලැජ්ජයි මෙතෙක් කල් ලංකවේ මිනිස්සු විහිලුවකට ගත්තු ඉතියෝපියාවත් සාමාජික රටවල් අතර ඉන්නවා. මොකද ඉතියෝපියාව දැන් හරි පාලකයකු යටතේ සීග්‍රයෙන් දියුණු වෙන රටක්. ලංකාව වගේ හොරු එකතුවෙලා බංකොලොත් කරපු රටක් නෙමෙයි.

:       0       0

රම්බොඩ Sunday, 27 October 2024 05:54 PM

තවත් ණය ගන්න තැනක් හොයාගෙන වගේ.

:       0       0

යෝගා Sunday, 27 October 2024 05:55 PM

කොහොමත් අනාගතය අඳුරු රටකට ජාත්‍යන්තර සංවිධානවල සාමාජිකත්වය ගන්න අමාරුයි. මෙහේ රැඟුවට බොරු විදලා ජාත්‍යන්තරය දිනන්නත් බෑ.

:       0       0

Asith Sunday, 27 October 2024 06:27 PM

ඇයි එහෙම ප්‍රතික්ශේප වුනේ කියලා ජනතාව විදියට පැහැදිලි උත්තරයක් ඕන. මීලඟ යුරෝපා සංගමය වගේ එකක් බ්‍රික්ස් කියන්නේ. ඒක දෙකේ කොලේට දාලනේ මෙයාලා වැඩ කරේ. උන් මේ ආණ්ඩුවට පස්සට පයින් ගහල එලවල තියෙන්නෙ.

:       0       0

de silva Sunday, 27 October 2024 07:00 PM

ස්තුතියි හර්ෂ මහත්මයා... දේශීය සංචාරක ව්‍යාපාරිකයා සහ ශ්‍රමිකයා ගැන කතා කළාට, විදේශිකයෝ මෙහෙ ඇවිත් සංචාරක වීසා අරන් මෙහෙ ව්‍යාපාර කරනවා. රස්සාවල් කරනවා.... අපිට තමා බඩේ පාර වදින්නේ කරුණාකර කොණක ඉඳන් මේවා පරික්ෂා කරලා වර්ක් වීසා නැති , නීතිවිරෝධීව මෙහෙ ඉන්න සුද්දෝ ටික අත්අඩංගුවට අරන් ඩිපෝර්ට් කරන්න. ආණ්ඩුව අපි ගැනත් බලන්න. රටේ වලංගු නීතිය ක්‍රියාත්මක කරන්න ඡන්දෙට කලින්...

:       0       0

Sanjeewa Anthony Sunday, 27 October 2024 08:38 PM

ඉල්ලුම්පත්‍රය සිංහලෙන්ද දැම්මේ?

:       0       1

බණ්ඩා Sunday, 27 October 2024 10:56 PM

මේ ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණට ඇති ජාත්‍යන්තර පිළිගැනීම පිළිබඳ ඇති ප්‍රබල සාක්ෂියක් බව වටහා ගන්න.

:       1       1

ලුම්බිණි Monday, 28 October 2024 04:49 AM

ඒක හොඳයි...

:       0       0

Sugath Monday, 28 October 2024 10:33 AM

බයියෝ ටෝයියෝ ගොඩක් සතුටු වෙන්න ඇති. ඉදිරි රැස්වීම්වලදී සජිත්ගේ මෝඩ කතා මට සිතාගත හැකිය. මේ වගේ කමෙන්ට් වලට deslike කරන්න ෆේක් එකවුන්ට් පාවිච්චි කරන සජිත්ට එයාගෙම මාධ්‍ය හමුදාවක් ඉන්නවා... බොරු නෙවෙයි. මම එවැනි ව්‍යාජ ගිණුම් 75ක් පමණ ඇස්තමේන්තු කරනවා. රුපියල් 500 කහින උන්...ලජ්ජයි , හිරිකිතයි.

:       6       14

Bunny Preena Monday, 28 October 2024 12:34 PM

මෙලෝ රහක් නැති දේශපාලකයෝ මෙම කාරණාවත් මහ ලොකුවට තලු මර මරා කතා නොකළොත් ලෝක පුදුමයක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 303 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 458 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 946 0

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


ටි 56 උණ්ඩ-ආයුධ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 18 292 0

විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන සමන් සපුගේ මනෝච් මුතු කුමාර නොහොත් කයිවාරු මුතු නමැත්තාගේ අපරාධ කටයුතු සඳහා සඟවාගෙන සිටි ටී56 ගිනි


දළදා වඳින්න යන බැතිමතුන්ට විශේෂ දුම්රිය 13 ක්
2025 අප්‍රේල් මස 18 260 0

සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය 13 ක් අද (18) සිට ධාවනයට යොදවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


ගලබඩඇල්ලේ නාන්නගිය තරුණයා අතුරුදන්
2025 අප්‍රේල් මස 18 506 0

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 202 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 379 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1123 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site