IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බ්‍රිතාන්‍යයේ රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි

කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සාමි මණ්ඩලය ඇමතුවාය.

කෘත්‍රිම බුද්ධි රොබෝ යුවතියක්, සාමි මණ්ඩලය හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙයයි. ‘අයි-ඩා’ යන නමින් හැඳින්වෙන මෙම රොබෝ යුවතිය පෙනී සිටියේ සාමි මණ්ඩලයේ සන්නිවේදන සහ ඩිජිටල් කටයුතු පිළිබඳ කටිමුට හමුවේය.

රොබෝ යුවතිය සාමි මණ්ඩලය අමතමින්, නව තාක්ෂණය නිර්මාණශීලී වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් අදහස් දක්වූවාය.

‘අයි-ඩා’චිත්‍ර ශිල්පිනියක ද වෙයි. ඇගේ නිර්මාණ, චිත්‍ර ප්‍රදර්ශනවලට ඇතුළත් වෙයි. ‘අයි-ඩා’ පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රිය වූයේ, ඇය තනිවම ඇගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන ඇසුරින් දෙවැනි එලිසබත් මහ රැජිනගේ රුව සිතුවමට නැගූ බැවිනි. ‘අයි-ඩා’ගේ ඇස් වෙනුවට කැමරා දෙකකි.

ලොව පළමු, සැබෑ යුවතියකට සමාන පෙනුමැති, කෘත්‍රිම බුද්ධියකින් තනිව සිතිය හැකි, මානවරූපී රොබෝ චිත්‍ර ශිල්පිනිය ලෙස සැලකෙන්නේ ද ‘අයි-ඩා’ය. ‘අයි-ඩා’ නිර්මාණය කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන්ය. ‘අයි-ඩා’ගේ ඇස්වලට කැමරා සවි කර ඇත. ඇගේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන විශේෂ ඇල්ගෝරිදමවලින් නිර්මාණය වූවකි.

පෙනුමෙන් සැබෑ යුවතියක වුවත්, මානවරූපී කෘත්‍රිම බුද්ධි රොබෝවකු වුවත්, ‘අයි-ඩා’ ට තනිවම ඇවිදීමට හැකියාව නැත. ඇය හැසිරවීම සිදුකරන්නේ ඇගේ නිර්මාණකරුවන්ය.මෙම රොබෝ යුවතිය ‘අයි-ඩා’ යනුවෙන් නම් කර ඇත්තේ බ්‍රිතාන්‍ය ගණිතඥයකු මෙන්ම පරිගණක ක්ෂේත්‍රයේ පුරෝගාමියකු ද වන අයිඩා ලව්ලේස්ට ගරු කරමිනි.

(ඩේලිමේල්)



අදහස් (6)

බ්‍රිතාන්‍යයේ රොබෝ යුවතියක් පාර්ලිමේන්තුව අමතයි

Malith Wednesday, 12 October 2022 11:14 AM

ආදරේ හිතෙනවා...!

:       3       8

නිහාල් Wednesday, 12 October 2022 12:16 PM

අපේ පාර්ලිමේන්තුව අමතන්නේ පිස්සන්, හොරු, අරක්කු මුදලාලිලා සහ සමාජයේ පහත්ම වැඩකරන මිනිස්සු...! 

:       1       22

Kuma Wednesday, 12 October 2022 01:07 PM

ලංකාවෙ පර්ලිමෙන්තුවෙ 225ට රොබෝල දැම්මනම් දූශන වංචා කක්කුස්සි කතා ඔක්කොම නතරකරගන්න පුලුවන් කුමා.

:       0       12

jayath Wednesday, 12 October 2022 01:38 PM

මෙහෙ ඉන්න වාහෙලා කරන්නේ නිදාගන්න එක නෙවැ...!!

:       0       9

amila Wednesday, 12 October 2022 03:19 PM

ඕවා මොනවද? අපේ ඉන්නේ 225ම රොබෝලා... කිසිම හැඟීමක්, දැනීමක් නැති...

:       0       9

sampath Wednesday, 12 October 2022 10:01 PM

පඹයන්ට වඩා රොබෝලා හොදයි එක අතකට

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site