(සුමිත් පොතුපිටිය)
බ්‍රිතාන්‍ය ජාතික අඹුසැමි යුවලකගේ විදෙස් ගමන් බලපත් දෙකක්, මුදල් ඇතුළු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරකම් කල සැකකරුව පැමිණිල්ල ලැබී පැය 24 ක් ගතවන්නට මත්තෙන් අත්අඩංගුවට අද (07) ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී වැටකෙය්යා පදුරක් අස්සේ සගවා තිබූ විදෙස් ගමන් බලපත් දෙක, වීසා බලපත්, බැංකු කාඩ්, කැමරාවක් සහ රන් සහ රිදී ආභරණ සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු තවත් පුද්ගලයකු සමග එක්ව බ්‍රිතාන්‍ය යුවලගේ මුදල් සහ භාණ්ඩ බහාතිබූ සේප්පුව සොරකම් කර හිස් සේප්පුව මුහුදට විසිකර ඇති බවට ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය කීය.
අනෙක් සැකකරු ප්‍රදේශයේ විදේශිකයන්ට ජුවලරි භාණ්ඩ අලෙවි කරන වෙළද සැලක කාන්තාවකගෙන් ස්ටර්ලිං පවුම් මාරුකර ගෙන ප්‍රදේශයෙන් පලාගොස් සිටින බවත්,ඔහු සොයා පරීක්ෂණ අකණ්ඩව සිදුකරන බවත් වැටලීමට එක්වූ නිළධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතා ගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂිත වීරසිංහ සහ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ,සැරයන් මනෝජ් (5778) සහ කොස්තාපල් තිලකරත්න (94014) යන නිළධාරීන් වැටලීමට එක්වූහ .
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
බ්‍රිතාන්‍ය යුවලට සුද්දයක් දුන් අයෙකු අත්අඩංගුව
පැරකුම් Friday, 07 April 2023 10:20 PM
මෙන්න ශ්‍රී ලංකා පොලිසිය විශේෂ ඇගයුමට ලක්කළ යුතු පුවතක්... අහන්නත් සතුටුයි...