බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.
‘මොන්ට්රොස්’ නෞකාවේ අණදෙන නිලධාරී වන කමාන්ඩර් කෝනර් ඕනේල් මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති සහ රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවිය. එහිදී සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
දිගින් මීටර් 133 ක් වන ‘මොන්ට්රොස්’ නෞකාව ටොන් 3610 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයකින් ද සමන්විතය.
සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (03) ‘මොන්ට්රොස්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය න
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව කොළඹ වරායට
anura Tuesday, 02 April 2019 10:56 AM
මේක අහල අද දවස වීරවංශ බයට ඇද යට හැංගිලා ඉන්නවා කියල ආරංචියි.
sirimal Tuesday, 02 April 2019 11:38 AM
ඕස්ට්‍රේලියාවෙන් ආව කට්ටිය ලවා කරගත්තා වගේ මේ කට්ටිය ලවාත් මුහුඳු තීරයේ ඉතුරු ටිකත් පිරිසිදු කරගන්න බැලුවොත් හොඳයි.
sena Tuesday, 02 April 2019 12:13 PM
අපේ රටට සංචාරකයෝ එනවාට වැඩිය යුද නැව් එනවා
rasika Tuesday, 02 April 2019 07:36 PM
ඇඳ යට හැංගෙන්න වෙන්නේ වීරවංසට කෙසේ වෙතත් ලංකාවේ මිනිස්සුන්ට තමයි.. ලංකාව ජාත්‍යන්තර නාවික බල අරගලයකට මැදි වෙන්න යන්නේ.. මේවා හරියට කළමනාකරණය කලේ නැත්නම් ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වෙන්නේ.. චීනේ පන්නන්න ඇමෙරිකාව ගෙනාවොත් චීනෙට හම්බන්තොට, ඇමෙරිකාවට ත්‍රිකුණාමලය.. ඉන්දියාවට මත්තල ... බ්‍රිතාන්‍යට තව කොහේ හරි දීලා අරාබියට කැලේ කපලා දුන්නට පස්සේ ලංකාවේ දේශපාලකයෝ ටිකයි, සල්ලිකාරයෝ ටිකයි ඇමෙරිකාවේ, එංගලන්තේ , කැනඩාවේ පදිංචියට යාවි.. ඒ අයට කඩේ ගිය, මේවයේ ලොකු කතා කියපු කට්ටියට වහල් සේවය සහ යුද බිය ඉතුරු වේවි.. ඒක උතුරේ, දකුණේ , නැගෙනහිර බටහිර කියල හෝ සිංහල, දෙමල ,මුස්ලිම් කියලා වෙනසක් නැතිවේවි...
තේජාන්විත Thursday, 04 April 2019 04:48 AM
අනේ ප්ලිස් අපිට ගහල අයෙත් මේ රට අල්ලගන්නකො . උඹලගේ මුළු අධිරජයම නොකරපු තරම් කාබාසිනියාවක් අද 255 එකතුවෙලා මේ රටට කරනවා. අපේකම ගැන පුරසාරම් බෑවට අපි තාමත් වැඩ කරන්නේ උඹල හදල ගිය නීතියට. එකත් සමහර වෙලාවට උන්ට ඕනේ ඕනේ විදිහට නාවනවා. ඉතුරු වෙලා තියන ගහකොළ සතා සිව්පාව වතුර ටිකවත් පරිස්සන් වෙයි. වදින්නම් අපිට ගහල අල්ලගන්න.