IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


‘බොරතෙල් අඩු කාලේ ලාබ දැන් ජනතාවට දෙන්න‘

(අංජුල මහික වීරරත්න)

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් බැරලයක මිල ඩොලර් 30ක අගයේ තිබියදී රජයට ඉතිරි වූ ඩොලර් බිලියන 2 ක මුදල යොදවා ඉන්ධන හෝ බෙහෙත් ගැනීමට වයස අවුරුදු 18 ට වැඩි පුරවැසියන් වෙනුවෙන් වවුචර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (17) රජයට දන්වා සිටියේය.

කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිරීමට පටන් ගත් දිනයේ සිට ලෝක වෙලෙඳපොලේ බොරතෙල් මිල දවසින් දවස අඩු වී ඒ තත්ත්වය පසුගිය මැයි මාසය තෙක්ම පැවැති බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ සූම් තාක්ෂණය ඔස්සේ  පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

ලෝක වෙළෙඳපොළේ  බොරතෙල් මිල අදටත් යහපාලන රජය පැවති 2019 වසරේ තිබූ අගයට ඇවිත් නැති බව සඳහන් කළ රනිල් වික්‍රමසිංහ මහතා තෙල් වලින් රජය ඉතිරි ඉතිරිකරගත්  ඇමෙරිකා ඩොලර් බිලියන දෙක මේ අසීරු අවස්ථාවේ ජනතාව වෙනුවෙන් යෙදවිය යුතුව ඇතැයිද පැවසීය.

වත්මන් රජය යටතේ ඉන්ධන මිල මේ වන විට 2015 යහපාලනය ආණ්ඩුව බාර ගන්නට පෙර පැවති ගණනටම වැඩි කර ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය .

 



අදහස් (10)

‘බොරතෙල් අඩු කාලේ ලාබ දැන් ජනතාවට දෙන්න‘

Navodya Thursday, 17 June 2021 02:42 PM

සංචාරක අන්ශයේ සත පහක් එන්නෙ නැතිව සාමාන්‍ය තත්වයක් වගේ අපනයන ආදායම් විදේශ ප්‍රේරණ නැතිව ඔහේගෙ ආණ්ඩුවක් තිබ්බත් මේ ටිකම නෙමේ මීටත් වඩා අන්තයි..

:       152       204

SUNIL MILANO Thursday, 17 June 2021 03:37 PM

ඔක ඉතින් ඉලලගනන වෙනනේ අර්ජුන් මහෙන්ද්‍රන්ගෙන් තමයි

:       256       276

Sam Thursday, 17 June 2021 03:38 PM

ඔයාටත් BMW/Benz ගෙනාවේ ඒ සල්ලි වලින් තමයි. දැන් දන්නැ වගේ ඉන්නේ.

:       209       89

ශන්ක Thursday, 17 June 2021 04:07 PM

මෙයා මේ චාටු බස් කියල අපිව ගොනාට අන්දල පාර්ලිමේන්තුවට හිමින් සීරුවේ රින්ගගන්න හඩන්නෙ

:       309       178

Sri Lanka Thursday, 17 June 2021 04:16 PM

දැන් පාඩුවේ හිටියනම් හොදයි ඉතින්

:       164       26

Chris Thursday, 17 June 2021 04:41 PM

කොරෝනා වසංගතයේ ශීඝ්‍ර ව්‍යාප්තිය, කොරෝනා මරණ, දැඩි සංචරණ සීමා හේතුවෙන් අහිමි වී ගිය ආදායම් මාර්ග, අධික ජීවන බර, රැකියාවල අවිනිශ්චිත බව, ගිනිගත් නැව හේතුවෙන් ඇතිවූ සංකීර්ණ ගැටලු‍, මහවැසි ආපදා ඇතුළු අට අනූවක් දෝෂ භංගකර ගැනීමේ අභියෝගයට ඔවුහු මුහුණ දී සිටිති. ඒ අතරේ ආණ්ඩුව ඇතුළේ මතභේද මහජනතාව හමුවේ ගිනිකෙළි සංදර්ශන බවට පත් කිරීම තරම් ඛේදවාචකයක් තවත් නැත.

:       2       67

Kumara Thursday, 17 June 2021 05:08 PM

ඔබට හිතෙන්නැද්ද දැන් රටට ඇනයක් කියලා

:       0       0

ganegoda Thursday, 17 June 2021 05:38 PM

රටත් ඉවරයි, පක්ෂයත් ඉවරයි, ඔහෙත් ඉවරයි... දැන් ඉතින් බොරතෙල් කාලය තමයි පටන් අරගෙන තියෙන්නේ..

:       0       0

Raveendra Thursday, 17 June 2021 08:26 PM

අපේ මේ පිං මාමා දැන් බබාය..

:       0       0

Bamunuarachchi Friday, 18 June 2021 09:03 AM

ඔහේ එන්නත ගහගත්තේ පිනට නේද? එ්කට ඩොලර් 20ක් රජයට වැය වුණා... රටටම ගහන්න ඩොලර් කෝටි 40ක් පමණ යනවා. දෙන්න තිබෙනවාද සාක්කුවේ...?

:       0       14

ඔබේ අදහස් එවන්න

දියත

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 5 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) අද (05දා) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැ


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1507 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 988 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 15 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 335 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 447 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site