IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


බරපතල අකටයුතු දෙකකට 2025ට පෙර වැට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මූල්‍යකරණයට එරෙහි නෛතික රාමුව 2025ට පෙර ශක්තිමත් කිරීමට රජයේ අවධානය යොමුව ඇත.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මූල්‍ය බුද්ධි ඒකකය කරන ලද ආරාධනයකට ප්‍රතිචාර දක්වමින් මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ ඉහළ පෙළේ දූත පිරිසක් ද ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූහ.

එම දූත පිරිසට මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ සම සභාපති සහ කැනඩාවේ ඔටාවා ප්‍රාන්තයේ මුදල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය ජූලියන් බ්‍රාසූ, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියානු පැසිෆික් කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ගෝඩ්න් හූක් සහ එහි අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ අධ්‍යක්ෂ ඩේවිඩ් ශැනොන් මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

ඔවුන්ගේ මෙම සංචාරයෙහි ප්‍රධාන අරමුණ වනුයේ ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදී මුල්‍යකරණයට එරෙහි (AML/CFT) රාමුවේ ඉදිරි අන්‍යෝන්‍ය ඇගයීම් කටයුතු සිදු කිරීමට පෙර ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයට තීරණාත්මක අවබෝධයක් ලබා දීම බව ජනාධිපති කාර්යාලය පවසයි.

මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් ශ්‍රී ලංකාව “අළු ලැයිස්තුවට” ඇතුළත් කිරීමත් සමග ඇතිවී ඇති අහිතකර ආර්ථික ප්‍රතිවිපාක වලක්වා ගැනීම වෙනුවෙන් ඵලදායී ලෙස සූදානම් වීම සඳහා, ශ්‍රී ලංකාවේ කාර්යසාධනය වැඩිදියුණු කිරීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීමේ සූදානමක් ද පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (1)

බරපතල අකටයුතු දෙකකට 2025ට පෙර වැට

Lalla Thursday, 14 September 2023 07:48 PM

ඉස්සර වෙලාම පාර්ලිමේන්තුවේ ඉන්න හොරෙන් රත්රන් ගෙනාව මන්ත්‍රී හාමුදුරුවෝ පන්නල ඔය පනත්වලට අත උස්සන්න සුදුසුකම ඇති අයෙක් ගත්තනම්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 17 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 161 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 192 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 411 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 153 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 108 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site