IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බිරිය ගෙනත් දෙනු නැතිනම් දරුවන් බලා ගනු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

බාල වයස්කාර දරු තිබෙන තිදෙනා ද කැටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තංගල්ල කාර්යාලයට ආ තිදරු පියකු බිරිඳ නැවතගෙන දෙන ලෙස එහි නිලධාරීන්ට බලකරමින් දරු තිදෙනා එම කාර්යාලය අසල  අතහැර දමා ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

පියා විසින් අතහැර දමා ගිය අවුරුදු එකයි, අවුරුදු හය සහ අවුරුදු දහයක වයසේ පසු වන දරු තිදෙනා පොලීසිය භාරයට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම දරු දෙදෙනාගේ මව පසුගිය වසරේ ජූලි මාසයේ රැකියාවක් සඳහා විදෙස්ගතව ඇත විදෙස්ගත වූ තම බිරිඳ නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලා ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාරයංශය කාර්යාංශය තංගල්ල කාර්යාලය ට මීට පෙර පැමිණිල්ලක් කර තිබී ඇත.

මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාරයංශ කාර්‍යාලයට කැඳවා තිබිණි යැයි පොලීසිය පැවසීය.

අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවකු වන මොහු මෙම බාලවයස්කාර දරුවන් තිදෙනා ද සමඟ එම කාර්යාලයට පැමිණ පසුව දරු තිදෙනා එහි දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි 

 



අදහස් (4)

බිරිය ගෙනත් දෙනු නැතිනම් දරුවන් බලා ගනු

රන්මුතුගල Wednesday, 22 February 2023 12:53 PM

මහලොකුවට කියනවා දැන් විදේශ ශ්‍රමිකයින්ගෙන් රටට ලැබෙන ඩොලර් මෙච්චරයි, මේ මාසේ, මේ වසරේ මෙච්චර මෙච්චර රට ගියා කියලා. මේ ගියපු ගොඩක් දෙනෙක් කාන්තාවන්. ආර්ථික ප්‍රශ්න නිසයි මේ අයට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් මේවගේ පවුල් ප්‍රශ්න තව ඉදිරියට ගොඩක් වැඩිවෙනවා. දරුවන් ගැන හිතන්නේ නැතිව විදෙස්ගත වූ පිරිස ඉහළ මට්ටමක ඇති. මෙවැනි ප්‍රශ්න ඇති අය විදෙස්ගත කරන්න පෙර ඒ ගැන සොයා බලන වැඩපිළිවෙලක් තියෙනවා නම් හොඳයි. දරුවන්ට ආරක්ෂාවක් ඇති පිරිස් පමණක් විදෙස්ගත කරනවා නම් වඩා හොඳයි..., දෙගොල්ලන්ටම. මුදල් හොයාගෙන ගෙදර එනකොට පවුල විසිරිලා නම් වැඩක් තියේද ඒ හොයපු මුදල්වලින්...?

:       1       12

fairoos Wednesday, 22 February 2023 01:29 PM

අනේ මෙහෙමත් කාලකණ්ණි.. බිරිය වැඩට එවලා දැන් එනවා ළමයි බලන්නේ නැහැ කියලා කියාගෙන...

:       0       15

කමිල සංජීව Wednesday, 22 February 2023 02:02 PM

මොනදේ උනත් දරුවො මරණ කාලකන්නින්ට වඩා නම් මේ මනුස්සයො හොඳයි.

:       0       16

Dinesh Wednesday, 22 February 2023 04:12 PM

ළමයි බලාගන්න තවත් ගැහැණියක් ගන්නකෝ... ඕන තරම් මිනිහා රට ගිය ගෑණු ඉන්නේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2187 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 524 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1057 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5761 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 759 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4682 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site