(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මානුවන්ගම ප්‍රදේශයෙදී පැහැර ගැනීමට ලක්වු තරුණ කාන්තාව සමග ඇය පැහැර ගැනිමට සිදු කළ සැමියා 22 දින හලාවත පොලිසියට බාර වු බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
පසුගිය 19 දින සැමියා විසින් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි විවාහක තරුණ කාන්තාව මෙසේ ඇගේ සැමියා බව කියන දඹුල්ල ප්‍රදේශයෙ 21 හැවිරිදි සැමියා හලාවත පොලිසියට ඉදිරිපත් කර ඇති අතර ඒ සමගම අදාල සැකකරු පොලිසිය අත් අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය කියයි.
අදාල සිද්දිය හලාවත පොලිසියට 18 හැවිරිදි තරුණ කාන්තාවගෙ මව්පියන් විසින් පැමිණිලි කිරීමේන් පසුව හලාවත මුලස්ථාන පොලිසියෙ පොලිස් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් විමර්ශන ආරම්භ කර තිබු බව කියයි.
එසේ පොලිස් කණ්ඩායම දඹුල්ල ප්‍රදේශයට ගියද සැකකාර සැමියා හා පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාව සොයා ගැනිමට නොමැකි විම හේතුවෙන් සැකකරුගේ ඥාතියකු පොලිස් බාරයට ගෙන තිබුණි.
එයින් පසු සැකකාර තරුණයා තමන් පැහැර ගැනිමට ලක්වු 18 හැවිරිදි තරුණ කාන්තාව ද සමග පොලිසියට පැමිණ ඇති බව කියයි.
පොලිසිය සිදුකළ පරික්ෂණවලදි තහවුරු වී ඇත්තේ අදාල තරුණ කාන්තාව පැහැර ගැනිමේන් පසු කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවත් මෙම පැහැර ගැනිමට අදාල තරුණ සැමියාගේ බාප්පා සැලසුම් කර ඇති බවටත් පොලිස් පරික්ෂණ වලදී හෙළිව තිබුනී.
මෙම සැකකරුගෙ බාප්පා අදාල සැලසුම සකස් කර පැහැර ගැනිමටද පැමින ඇති බව කියයි. පොලිසිය පවසන්නේ මෙම බාප්පා නැමති සැකකරු හෙරෝයින් ජාවාරම ඇතුළු සිද්දින් රැසකට සම්බන්ධ ප්‍රද්ගලයකු බවත් එම චෝදනා වලට මෑතක දී මත්ද්‍රව්‍ය ජාවාරමකට බන්ධනාගාර ගතව පැමිනි පුද්ගලයකු බවත් ඔහු පතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වන අයකු බවද පොලිසිය අනාවර්ණය කර තිබේ.
මේ වන විට පැහැර ගැනිමට ලක්වු තරුණ කාන්තාව රෝහල් ගත කර ඇති බවත් ඇය බරපතල මානසික ආකුලතාවයකින් පෙළෙන බවද පොලිසිය පවසයි.
මෙම තරුණ කාන්තාව මෙම සිද්දියෙන් පසු දැඩි බියකට පත්වි සිටින බවත් මෙම පැහැර ගැනිමක් නොවන බවට පොලිසියට පවසන ලෙසද මෙම සැකකරුවන් තර්ජනය කර ඇති බව කියයි.
එසේ පැහැර ගැනිමක් බව පැවසුහොත් නැවත සිරගතව පැමිණිමේන් පසු 18 තරුණ කාන්තාව හා ඇගේ මව්පියන් මරා දමන බවටත් තර්ජනය කර ඇති බව ඇය පොලිසියට පාපොච්චාරණය කර තිබේ.
කෙසේ නමුත් පොලිසිය පවසන්නේ මෙම සැකකරුවන්ගෙන් තරුණිය හා ඇගේ මව්පියන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වී ඇති බවයි.
මෙම පැහැර ගැනිමට සම්බන්ධ සැකකාර තරුණයාගේ පියා ,බාප්පා ඇතුළු පස් දෙනකු එක්වි ඇති බවත් ඔවුන් අත් අඩංගුවට ගැනිමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිස් විමර්ශණවලදි අනාවර්ණය වී ඇත්තේ මෙම සැකකරුවන් තරුණිය පැහැර ගැනිමට යොදා ගත් වෑන් රථය කුලි පදනමට ලබා ගත් එකක් බවත් එය පොලිස් කොස්තාපල්වරයකු කුලි පදනමට වාහන ලබා දෙන ආයතනයකට ලබා දී තිබු එකක් බවයි.
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිරිය පැහැරගත් සැමියා අත්අඩංගුවට