(රෝෂන් තුෂාර)
ඇමති ආරක්ෂක අංශයේ සේවය කරන සිය සැමියාගේ පාසැල් ප්‍රේමයේ නිරුවත් දර්ශන පැරණි පෙම්වතියගේ සැමියාට මුදා හරිමින් අන්තර්ජාලයට මුදා නොහැරීමට ලක්‍ෂ පනහක කප්පම් ඉල්ලුවේ යැයි කියන විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරිය ඇප මත මුදා හැරී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා පොලිස් කොස්තාපල් වරයාට ලබන 27 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට අද (24) නියෝග කළේය.
ඇප මත සිටින පොලිස් කොස්තාපල්වරයා තමන්ට දුරකථනයෙන් තර්ජනය කළ බවට පැමිණිලිකාර පෙම්වතිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම හේතුවෙන් මෙසේ නොතීසි නිකුත් කළේය.
අගතියට පත් පාසල් පෙම්වතිය විසින් ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව සැකකාර පොලිස් යුවළ පසුගිය විසි එක්වෙනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැමියා ඇපමත මුදා හැර පොලිස් කොස්තාපල්වරිය ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදයංග මුණවීර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකාරිය කිසිවිටක ලක්ෂ පණහක කප්පමක් ඉල්ලා නොමැති බවය.පැමිණිලිකාරිය විසින් එය අන්තර්ජාලයට මුදා නොහරීන ලෙසට ඉල්ලමින් එසේ කිරීමට ලක්ෂ පණහක් මුදලක් ලබා දෙන බවද සඳහන් කර ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් මෙය වසර විස්සකට වඩා පැරණි පාසල් ප්‍රේමයේ අතුරු පලයක් බවද නීතිඥවරයා සඳහන් කර සිටි නීතිඥවරයා මෙම නිරුවත් දර්ශන මෙම පුද්ගලයින් සිව් දෙනා අතර පමණක් මේ වන විට සංසරණය වී ඇති බව සඳහන් කළේය.
අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා කප්පම් ඉල්ලීමක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොවන හෙයින් සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළේය.
එසේ නියෝග නිකුත් කිරීමෙන් ටික වේලාවකට පසුව අගතියට පත් පැමිණිලිකාරිය අධිකරණයේ පෙනී සිටි අතර සිය පැරණි පෙම්වතා වූ පොලිස් කොස්තාපල්වරයා තමන්ට තර්ජනය කළ බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළාය.
එසේ තර්ජනය කළේ නම් පැමිණිල්ලක් ඉදිරිපත් නොකළේ මන්දයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
අගතියට පත් පාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර කොස්තාපල්වරයාට ලබන විසිහත්වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කළේය.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බිරිය සැමියාගේ පැරණි පෙම්වතියගෙන් ලක්ෂ 50ක කප්පම් ඉල්ලලා
Chandana Monday, 24 June 2024 05:40 PM
කලකදී යාලු කලකදී වහ වෙනවලු...
රංබොඩ Monday, 24 June 2024 06:42 PM
පරණ කුණු ඇද ඇද තවත් පවුලක් විනාශ කරන්න හැදීමේ පාපයෙන් නම් ඒ කාන්තාවට බේරෙන්න බැරිවෙයි. මේවාට හරි හමන්. නීති රටේ නැති නිසා නීතියෙන් බේරෙයි.
pakeer Monday, 24 June 2024 07:39 PM
මුන් සත්තු
Lalith Monday, 24 June 2024 10:40 PM
පින්තුර ගත්තේ ඒ කාලේ වුනාට සම්බන්ධය දිගටම තියෙන්න ඇති
බින්දු Tuesday, 25 June 2024 11:42 PM
අවුරුදු විස්සකට කලිනුත් කෙල්ලෝ මෙහෙම නිරුවත් පොටෝ අරන් තියෙනවා නේද.
රවින්ද්‍ර Tuesday, 25 June 2024 11:43 PM
පොටෝ බලන්නේ නැතිව මොකුත් කියන්න බෑ.