IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


බොරලු කැපීමට එරෙහිව දංකොටුවේ උද්ඝෝෂණයක්

(හේමලතා ඩී හේවගේ)                                     
 
දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  බටහිර හාල්ඳඬුවන ප්‍රදේශයේ අක්කර පහකින් යුත් පොල් ඉඩමක බොරලු කැපීමට එරෙහිව එම ගම්වාසීන් අද( 23)  දහවල්  දංකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී  විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවක නිරත වූහ.
 
මෙම කඳු ප්‍රදේශය කැපීම තුළින් හාල්ඳඬුවන බටහිර, උතුරු සහ නැගෙනිර යන  ග්‍රාමසේවා වසම් තුනකට අයත් කුඹුරු අක්කර 400 ක පමණ ප්‍රමාණයකට ජලය නැතිවී යන බවත් කඳු සහිත මෙම ඉඩම ස්වභාවික ජල උල්පත්වලින් හෙබි  ප්‍රදේශයක් බවද මිඩ්ලන්වත්ත ප්‍රජාමූල කමිටුවේ ලේකම් ගාමිණි හේරත් මහතා පැවසීය.
 
පසුගිය රජය පැවති කාලයේද මෙම ඉඩම කැපීමට ගිය අවස්ථාවේ විහාරස්ථානය, ගොවිසමිති හා ප්‍රදේශවාසීන් එක්ව එය නතර කළ  බවත් ප්‍රාදේශීය ලේකම්ල ග්‍රාමනිළධාරීන් සහ පොලීසියද දැනුවත් නොකරමින් මෙම රජය පත්ව මසක් ගතවීමටත් පෙර නැවත එම ඉඩම කැපීමට සූදානම් වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

බොරලු කැපීමට එරෙහිව දංකොටුවේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

දියත

අග්‍රාමාත්‍යවරිය විදෙස් තානාපතිවරුන් හමුවෙයි
2024 නොවැම්බර් මස 28 25 0

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ රටවල් කිහිපයක තානාපතිවරු අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවත්විණි.


විභාග තව දින තුනක් ඉදිරියට කල් දමයි
2024 නොවැම්බර් මස 28 116 0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි,


‘‘සුළි කුණාටුව තවම අවසන් නෑ‘‘
2024 නොවැම්බර් මස 28 559 0

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලයට කිලෝ මිටර් 100ක් ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


ගංවතුරට අසු වූ උතුර
2024 නොවැම්බර් මස 28 446 0

සුලිකුණාටු සහිත අධික වර්ෂාව මේ වනවිට මුලතිව් දෙසට වර්ධනය වී ඇති අතර මුලතිව් වට්ටුවාක්කල් පාලම සහිත ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නැවති


රුපියල් මිලියන 205,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් අද
2024 නොවැම්බර් මස 28 571 0

රුපියල් මිලියන දෙලක්ෂ පන් දහසක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක් අද (28) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලින්
2024 නොවැම්බර් මස 27 28 0

2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 566 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 770 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2157 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site