(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
දිවයිනේ ඇතැම් පොලිස් ස්ථානවලින් ඉදිරිපත් කෙරුණු "බොරු මත්ද්‍රව්‍ය සාම්පල" පරික්ෂා කිරීම සඳහා රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට වැඩි මුදලක් අපතේ ගොස් ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් පොලිස් ස්ථානවලින් පසුගිය වසරේදී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සාම්පල 16,479 කින් සාම්පල 1035 ක කිසිදු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුළත් නැතැයි පසුගියදා තොරතුරු අනාවරණයවිය.
ඒ තොරතුරු අනාවරණය වූයේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පසුගියදා ගොස් කළ විමර්ශනයකදීය.
සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය සාම්පලයක් පරීක්ෂා කිරීම සඳහා රුපියල් විසිපන්දහසක පමණ මුදලක් වැයවන බව ගණන් බලා ඇත. කෙසේවෙතත් මත්ද්‍රව්‍ය නොමැති සාම්පල පරීක්ෂා කිරීමට රුපියල් 35,000 ක පමණ මුදලක් වැයවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වියදම එසේ වැඩි වන්නේ ඒවායේ සෑම මත්ද්‍රව්‍ය වර්ගයක්ම තිබේ දැයි වෙන වෙනම පරීක්ෂා කිරීමට සිදුවන නිසා බව පැවසේ.
මේ අතර පන්සල් ඇතුළු ආගමික ස්ථාන වල පිං කැට ( පොඩි) කැඩීම් වල සොරුන් අල්ලා ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ කරවා ගැනීමටද ඇතැම් පොලිසිවලින් ජෛව සාම්පල එවන තත්වයක් දක්නට ලැබෙන බව රජයේ රස පරීක්ෂිකා දීපිකා සෙනවිරත්න මහත්මිය පැවසුවාය.
එවැනි සාම්පල දෙසීයකට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේදී ලැබී ඇතැයි සඳහන් කරන සෙනෙවිරත්න මහත්මිය මෙවැනි සාම්පල පරීක්ෂා කිරීමටවීමෙන් විශාල මුදල් ප්‍රමාණයක්
නාස්ති වන බවද සඳහන් කළාය.
සාමාන්‍යයෙන් කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන එක් සාම්පලයක ඩී.එන්.ඒ පරීක්ෂාව සඳහා රුපියල් විසිදාහක් පමණ වැයවන බව ගණන් බලා ඇත. යම් අපරාධයකට අදාළව සාම්පල කිහිපයක් තිබේ නම් එම මුදල රුපියල් හතළිස් පන්දහසක් දක්වා වැඩි වන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.
මේ අතර රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙවැනි අනවශ්‍ය සාම්පල නැවත හරවා යැවීමට එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී ඇත.
ඇතැම් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි නොමනා ක්‍රියා ක්‍රියාකාරකම් හේතුවෙන් විශාල පිරිසකට පසුගිය කාලයේදී නිකරුණේ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීමට සිදු වූ බවට තොරතුරු අනාවරණයවී යැයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එම නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට වාර්තාවක් බාරදීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’බොරු කුඩු පාර්සල්’’ පරික්ෂා කරන්න කෝටි තුනක් වතුරේ‘