IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බේරේ ගඳ බේරේ

(ඉන්දිකා  රාමනායක)

කොළඹ බේරේ වැවේ සති කිහිපයක පුරා අපද්‍රව්‍ය  එක්රැස් වී පල්වීම  නිසා දින ගණක සිට එම ප්‍රදේශයේ හටගන්නා දුර්ගයන්දය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ ජනතාව දැඩි  අපහසුතාවට පත්ව  සිටිති.

මෙම  අධික දුර්ගන්දය හේතුවෙන්, බේරේ වැව ආසන්නයේ පිහිටි  ශ්‍රි ජිනරතන  කාර්මික විද්‍යාලයේ සිසුන්, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වැද පුදාගන්නා දෙස් විදෙස් බැතිමතුන්, විහාරවාසී භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිස, බිෂොප් විද්‍යාලයේ සිසුවියන් ඇතුලු  පිරිස, ගාමීණි මාතා වැඩිහිටි නිවාසයේ වයෝවෘද්ධ පිරිස, ජේම්ස් පීරිස් මාවතේ ගමන් ගන්නා  පිරිස උදේ හවා දැඩි පීඩාවට පත්ව සිටිති.

ඒ අවට පිරිස හා එම මාර්ගයේ ගමන් ගන්නා පිරිස නිරන්තරයෙන්  මුහුණ වසාගෙන  ගමන් කරනු දක්නට ලැබුණි.

බේරේ වැවේ ජේම්ස් පීරිස් මාවතේ කාර්මික විද්‍යාල දෙසින් වු බේරේ වැවේ කොටසේ සති කිහිපයක  සිට කැළි කසල හා අපද්‍රව්‍ය ඒක රැස් වී  ඒවා පල්වීමෙන් ප්‍රදේශය පුරා මෙලෙස දුගද  හමිමන් පවතියි.

එම කැලි කසල හා පාසි   එක් රැස් වී පල් වීම නිසා  එම ප්‍රදේශය  ජලය  තද කොළපාට  හුරු  වී ඇති අතර, එම ජලයේ   තෙල් තට්ටු හා අපද්‍රව්‍ය තට්ටු  බැදී  පල් වී  ඇත.

පුද්ගලික ආයතනයතට  සම්බන්ධ සේවකයින් කිහිප දෙනෙකු අප එම ස්ථානයට යනවිට එම අපද්‍රව්‍ය ඉවත්  කරනු දැක්නට ලැබුණු අතර, ඔවුන් ඉවත් කරන අපද්‍රව්‍ය එම ස්ථයේද ගොඩ ගැසීම නිසා දුර්ගන්දයේ අඩුවක් දැක්නට නොවීය.

මේ  සම්බන්ධයෙන් හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ  විහාරවාසී  භික්ෂූන් වහන්සේ නමක් ලංකාදීපයට  පැවසූහ.

මෙම දුර්ගයද  හැමීම   වසරකට  අවස්ථා කිහිපයක   සිදුවන බවයි. 

මේ සම්බන්ධයෙන්  බලධාරීන් අවස්ථා කිහිපයකම දැනුවත් කළ ද  ඔවුන් මේ සදහා  නිසි ක්‍රමවේදයක් අනුගමන නොකර පැලැස්තැර විසදුම් පමණක් සිදු කරන බවට උන්වහන්සේ චෝදනා කරයි.

මෙම පැලැස්තර විසදුම් හේතුවෙන්  අවට   ජනතාව වරින්වර   දැඩි දුෂ්කරතාවට පත්වන බවද  එම විහාරවාසී හිමියෝ සඳහන් කළහ.

මෙම තතත්වය දිගටම පැවතියහොත්    වැවේ  මසුන් ද   මිය යා හැකි බවත්, එසේ වුවහොත්   ප්‍රදේශයේම ජනතාව දැඩි අපහසුතාවට පත්විය හැකි බවද උන්වහන්සේ කියා සිටියහ.

ගංගාරාම විහාරය වැද පුදා ගැනීම සදහා දිනකට දෙස් විදෙස්,  භික්ෂූන් වහන්සේලා,  බැතිමතුන්   විශාල පිරිසක්   පැමිණෙන බවත්,  මෙම තත්ත්වයට අනුව ඔවුන් ද දැඩි අපහසුතාවට පත් වන බවද  උන්වහන්සේ පෙන්වා දුන්හ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)

 



අදහස් (11)

බේරේ ගඳ බේරේ

Dharmatileke Friday, 12 August 2022 04:28 PM

මැයි 09 වෙනිදා කව්දෝ ගඳයින් වගයක් ඕකේ නෑවා ඊට පස්සේ බෑනේ

:       34       21

ravin Friday, 12 August 2022 04:55 PM

අවුරුදු ගණනාවක සිට මේ කාලයට ඔය දුගඳ හමන එක සාමාන්‍ය දෙයක්... ඒ දවස්වල කියූ ආකාරයට නම් ඇල්ගී වර්ගයක් නිසාවෙන් සිදුවන්නක්. කොහොම වුණත් දැන් ඕකේ නෑවිය යුතු කට්ටියකුත් ඉන්නවා.

:       0       0

sirisena Friday, 12 August 2022 04:59 PM

සුද්දන් නහය වහගෙන අපේ රටේ සංචාරය කරනකොට තමයි අපේ රට කොච්චර ලස්සනද කියලා හිතෙන්නේ...?

:       0       1

Vijitha Friday, 12 August 2022 06:59 PM

ගෝඨාභය රාජපක්ෂ මහතා බේරේ වැව ඉතා හොඳ තත්වයට ගෙනාවා.ඒවා අමතක කලගුණ නැති අමනුස්සයන්ට ඔහොම වීම පුදුමයට කරුණක් නොවේ

:       15       18

ganegoda Friday, 12 August 2022 08:11 PM

එයා හදපු ඔක්කොම දැන් ගඳ ගහනවා නේද?

:       3       16

විපරමා Saturday, 13 August 2022 02:16 AM

බේරේ වැව එයාගේ බූදලෙන් ද හැදුවේ. මව් පියන්ගේ සොහොන් කොත් පවා හැදුවේ මහජන මුදලින්. කොළඹ නගරේ වටිනා දේපළ විනාශ කරපු එකයි,කටුගෙයි වටිනා පුරාවස්තු අතුරුදහන් කරපු එකත් එයාගේ වැඩ තමා.

:       3       7

සක්‍රයාSaturday, 13 August 2022 07:45 AM

කුණු ගඳ ගසන බේරේවැව හාරලා වටේට බැමි බැඳලා දැන් තියෙන ලස්සන තත්වයට ගෙනාවේ ගෝඨා නොවෙයි මංගල සමරවිර...!

:       1       0

useless water board-Mahawali Authority - Environmental authority Friday, 12 August 2022 07:05 PM

සමනල කන්දට ගියොත් පෙනෙයි උඩහින් වැටෙන වතුර ටිකේ ලස්සන, උන්නස්ගිරියට ගියොත් පෙනෙයි උල්පත් වලින් පහලට එන වතුරේ ලස්සන. කොළඹට ආවොත් පෙනෙයි කැළණි ගඟේ නාන්නවත් බැරි සමනල කන්දෙන ආපු සුපිරිසිදු වතුර ටිකට කරල තියෙන දේ.මහාවැලියටත් එහෙමයි. ශ්‍රීලාංකික යා අහසෙන් වැටුණු ,පොළවෙන් පිරිපැහැදු වුනු වතුර ටිකට, කුණු කානු, ගෙවල් වලට වැසිකිලි, කර්මාන්ත වල කුණු වතුර, හෝටල් වල අප ජලය ඔක්කොම ගංගා වලට හරවල විනාශ කරලා ඒවා බිලියන ගණන් වියදම් කරලා බොන්න හරි හපන්නු . බේරේ වැවටත් වෙලා තියෙන්නේ ඔය ටිකමයි. වටේ තියෙන කුණු වතුර ඔක්කොම බෙරේ වැවට දාල වැව කුණු කරලා.

:       1       20

menna Saturday, 13 August 2022 05:23 AM

ලංකාවේ ප්‍රධාන නගරයේ තියෙන වැවක් නිකම් අසුචි වලක් වගේ කිසිම පිරිසිදු කිරීමක් නොකොර ගඳ ගහන තැනක් වෙලා. නීතිවිරෝධී ලෙස මෙයට අපද්‍රව්‍ය බැහැර කරන පුද්ගලයින් සහ අයතන ගැන සොයා බැලුවොත් හොඳයි. ලංකාවේ ප්‍රධාන නගරයේ අසුචි වලක් තියෙන එකම මුස්පේන්තුයි.. මෙය පරිසිදු කිරීමට සහ වතුර අනුරාධපුරයේ තියෙන වැවක් හා සමානව වතුර හොඳ මට්ටමට ගැනීමට කටයුතු කළොත් හොඳයි..!.

:       0       0

de silva Saturday, 13 August 2022 08:44 AM

බයියන්ගෙ swimming pool එක.

:       1       4

Podi malli Saturday, 13 August 2022 09:54 AM

නිදහසෙන් පස්සේ රටම ගඳ ගැස්සූ, දේශපාලුවන් හිටපු රටේ... බේරෙ වැව ගඳගැසීම පුදුමයක්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1644 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 324 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 662 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4232 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 570 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3177 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site