IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරටට ගෙන්වා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදිත දිනයක් පෙන්වමින් යැයි රේගු අංශය පවසයි.

ඒ පිළිබඳව ආරම්භ කළ රේගු විමර්ශනය තවමත් අවසන්වී නොමැති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.

එම වාහන 2022 වසරට අයත් බවත් මෙරට වාහන ආනයනකරුවන් සීමිත පිරිසක් සහ ජපානයේ එක් අපනයකරුවකු එකතු වී මෙම වංචාව සිදුකර ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. මතභේදයට තුඩුදී ඇති වාහන 197 මෙරටට ඒවා ඇත්තේ ජපාන අපනයන සමාගමක් වන එන්.වයි.කේ බවත් මෙරට සීමිත ආනයනකරුවන් පිරිසක් වෙනුවෙන් එම වාහන තොගය මෙරටට ඒවා ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.

වංචාව සිදුකළ ජපාන වාහන අපනයනකරුවා, මෙරට වාහන ආනයනය කිරීමේ රෙගුලාසිවලට අනුව නිෂ්පාදන සමාගමෙන් මෙරටට එවූ වාහනවල නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබා නොගෙන වාහන එවීමට පෙර අපනයන පරීක්ෂණ සහතික ලබාගත් කාර්යාංශයට විශේෂ පෙළඹවීමක් කර නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.

මෙතෙක් කල් වාහන ආනයනය කරනු ලැබුවේ වාහනය ලියාපදිංචි කළ වසරේ සිට අවුරුදු 3 ක කාලයක් දක්වා වුවත් පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් පත‍්‍රයේ ලියාපදිංචි කළ වසර නිෂ්පාදිත දිනය ලෙස වෙනස් කර තිබෙන බවත් එවිට නිෂ්පාදිත දිනය නොදන්නේ නම් මෙරටට ආනයනය කරන වාහනවල නිෂ්පාදිත දිනය ලෙස සැළකෙන්නේ ජනවාරි මාසයේ 14 වැනිදා බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. එවිට නව රෙගුලාසිවලට අනුව 2022 වසරේ නිෂ්පාදනය කළ වාහනයක නිෂ්පාදිත දිනය නොදන්නේ නම් එම වාහනය මෙරටට නීත්‍යානුකූලව ගෙන්විය නොහැකි බවද ආරංචි මාර්ග පැවැසුවේය.

 



අදහස් (16)

බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන

Rasi Monday, 10 March 2025 01:03 PM

කොච්චර ෆේස්බුක් වලයි, හැමතැනමයි පාරම්බෑවත් ඔන්න ඕක තමයි සිංහල එවුන්ගේ විශිෂ්ටත්වය. ඕක ඇරෙන කම්, මොකා බලයට ගෙනාවත් වැඩක් නැහැ.

:       4       93

de silva Monday, 10 March 2025 01:12 PM

විහිළුවක් නොවේ වසර 5-6 පමණ පැරැණි විට්ස් එකක් ලංකාවට එනකොට කෝස්ට් වන්නේ ලක්ෂ 6-8 අතර මුදලක්, එකට එකක් බදු ගහලා කිසිම ප්‍රශ්නයක් නැතුව ලක්ෂ 12-15 අතර මුදලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන්..., එක එක නීති දමමින් වාහනයක වටිනාකමට වැඩිය 3-4 ගුණයක් ගෙවලා, පුරවැසි අපට වාහන ගන්න සිදුවීම අසාධාරණයක්, රටේ පොදු ප්‍රවාහන සේවයත් ඉතා ප්‍රාථමික තත්වයේ පවතින්නේ..., ආණ්ඩුව අපට කිසිම ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ.. ඉදිරි මැතිවරණ වලදී මාලිමාවට නැවත ඡන්දේ දෙනවාද කියලා සිතලා බලන්න වෙනවා..

:       59       69

පුරවැසි Monday, 10 March 2025 01:48 PM

මේ ආණ්ඩුවට බලය දෙන එක කොහොම වුණත්, කට්ටිය අවුරුදු 76 ක් හොඳටම කරලා, දිලා ගිය දෑවැද්ද තමයි මේ. ඩොලර් එකවුන්ට් එකේ තියෙන ගානත් එක්ක, මේ වගේ කමෙන්ට්ස් දාන එකත් ලැජ්ජාවක්. අපි ඉන්න තැනවත් අපි දන්නේ නැහැ...!

:       31       50

WanniarachchiMonday, 10 March 2025 01:49 PM

බදු ගහන්නේ නැතුව ආණ්ඩුවට ආදායම් ලැබෙන ක්‍රමයක් නෑ. බදු වැඩිනම් ලංකාවේ සියලු රෝහල්, විශ්ව විද්‍යාල සහ නොමිලේ සේවා පුද්ගලීකරණ ය කරලා ඒවාට මිලක් නියම කරන්න ඕනේ, එහෙම නැත්නම් ජෙප්පෝ හිතන් ඉන්නව වගේ මන්ත්‍රී වැටුප පැලවත්තට නැතුව මහා භාණ්ඩාගාරයට දෙන්න ඕන. හොරකම් කරපුඑක නවත්වල රටක් හදන්න බෑ කියල දැන් හැමෝම අවබෝද කරගෙන ඉන්නේ

:       24       36

සිල්වා Monday, 10 March 2025 01:58 PM

මාලිමාවට ඡන්දය දුන්නෙ ආකල්ප වෙන්කරවා ගැනීමටයි. උද්ඝෝෂණ වැඩ වර්ජන සන්නද්ධ අරගල වැනි ක්‍රියාමාර්ග පිළිබඳව ඊට දායක වන අයගේ ආකල්ප දැන් දැන් වෙනස් වෙමින් පවතී.

:       7       34

දොන් සේතං Monday, 10 March 2025 02:02 PM

ලංකාවට වාහනයක් ගෙන්වන සෑම වෙලාවකම රටේ විදේශ විනිමය පිටට ගලා යනවා. ඊට පස්සේ අමතර කොටස්, ටයර්, ඉන්ධන වලට රටේ විදේශ විනිමය පිටවෙනවා... පුද්ගලික වාහනයක් ගෙන්වීම දේශද්‍රෝහී කමක්. සංචාරක ව්‍යාපාරයට විතරක් විශේෂ පහසු කමක් දීම හොඳයි..

:       18       30

අරවින්ද මොණරවිල Monday, 10 March 2025 02:11 PM

පොහොට්ටුවට, ගෑස් සිලින්ඩරයට හා ටෙලිෆෝනයට ඡන්දය දුන්නු අයට මාලිමාවට ඡන්දය දෙනවාද කියලා හිතලා බලන්න වෙන එකම හොඳ අදහසක්...!

:       20       23

nalaka Monday, 10 March 2025 04:16 PM

මාලිමා මගුලක් කියවනවා ලන්කාවේ හොරු ගැන කියද්දී...

:       3       16

Nihal Monday, 10 March 2025 01:23 PM

හොරුන්ට අසුබ කාලයක්

:       10       22

බකල ජයා Monday, 10 March 2025 01:27 PM

මං දන්න ටුවරිසම් කරන අය, ජපානේ ජීවත්වෙන අය කියනවා ජපන් ජාතිකයින් පොදුවේ ගත්තාම හැමෝම වගේ හරිම අවංකයි කියලා. හැබැයි වංකකම, වංචාව මම හිතන්නේ බෝවෙනවා...

:       1       31

අරවින්ද මොණරවිල Monday, 10 March 2025 02:32 PM

පොඩ්ඩක් හොයලා බලන්න ඔය ආනයනයකරුවන් අතර රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා ප්‍රේමදාසලාට ගෑවුණූ අය ඉන්නවාද කියලා !

:       20       28

Asela Monday, 10 March 2025 04:05 PM

රේගුවේ මේ ලොකු ලොක්කන් සියලු දෙනාම කන්ටේනර් 332ක් මුදා හැරීමේදී නිහඬව සිටියහ. ඒ අතර එහි ඇතුළත තිබුණේ කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. ඉතින්, මෙම පාලනයේ කාලකණ්ණි ආධාරකරුවන් නිහඬ පිළිවෙත අනුගමනය කළහ. විපක්ෂ නායකවරයා පවා එය කළේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් බව පිළිකුල් සහගත වූ අතර කිසිදු වචනයක් කතා කළේ නැත. රාජපක්ෂ සහ රනිල් නොමැතිව මෙම පාලනයේ කිසිවෙකුට පැවැත්මක් නැත...

:       9       15

ගුණරත්න Monday, 10 March 2025 04:06 PM

අපට ඉතින් මේවා බලන්න හිතෙන නිවුස් නොවෙයි... දුක හිතෙන නිවුස්, ලක්ෂ 20ක් අතේ තියන් ත්‍රී වීල් එකක් ගන්න හිත හදාගන්න එක තමයි අමාරු...!

:       3       12

Ravi Monday, 10 March 2025 07:20 PM

මොනවහරි කරලා ඔය එන වාහන අවම කෝටියෙන් උඩට යවපල්ලා.. ධනය ඇත අයට (ධනපතියන්ට) වෛර කරන ආණ්ඩුවක් හැටියට එහෙම නොකර බෑනේ.. ධනපතියන් (රෝද 4ක් ඇති) අය භංග වේවා..!

:       3       3

ලූට මූස් Monday, 10 March 2025 07:24 PM

ඩෝබිලා සෙට් එකම කරලියට බැහැලා, යෝග ඩෝබි විතරයි අඩු...! එතකොට කලින් ආණ්ඩුව වගේ වාහන ගෙන්නලා නවත්තලාම තිබ්බා නම් හරි නේ...!

:       4       7

Rashmi Monday, 10 March 2025 09:10 PM

මට නම් මේ ප්‍රවෘත්තිය දැක්කාම මහම මහ කාලකණ්නි හැඟීමක් ආවේ. අවුරුදු 5කට පස්සේ රටට ආපු මුල්ම වාහන තොගයෙනුත් කට්ටියක් ජිල්මාට් දාලා. මේක ගොඩ ගන්න පුළුවන් රටක් නොවේ. කොටින්ම මේ රටේ හුස්ම ගන්න වාතයෙත් හොරකම, වංචාව, ඩීල් කියන දේවල් පිරිලා තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 31 0

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 25 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1599 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 492 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 792 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 241 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 568 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site