(නුවන් කුමාර)
පියකු සහ පුතකු එක්ව නිවෙසේ මහ රෑ වළක් හාරා නිධන් සොයද්දී ඔත්තු බැලූ මවක, දියණියක සහ මවගේ සහෝදරියක පොලිසිය එද්දී බොරු ආරුඪයක් පෙන්වා බෝතල් කටුවලින් අතපය කපා ගැනීම නිසා ඔවුන් ලේ පෙරෙන තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මැදවච්චිය පුරා විද්‍යා බිමකට ආසන්න නිවසක මෙම සිද්ධිය සිදුව තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත්ගම,මැදවච්චිය ලිපිනයේ පදිංචි පියෙකු හා පුතෙකි. රෝහල් ගත කර ඇත්තේ මව,දියණිය හා මවගේ නැගණිය වේ.
මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති වරිච්චි බිත්ති සහිත විදුලිය විසන්ධි කර ඇති නිවසක එකම පවුලේ කාන්තාවන් තිදෙනකු නිවස ඉදිරිපිට ඔත්තු බලමින් සිටියදි එම පවුලේ පිරිමි දෙදෙනා නිවස ඇතුලේ වළක් හාරමින් සිටි බව පොලීසිය කීය.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ළද තොරතුරකට අනුව විමර්ශනයට ගිය මැදවච්චිය පොලීසියේ නිලධාරීන්ට නිවස ඇතුළට යෑමට ඉඩ නොදි කාන්තාවන් තිදෙනා මායම් විමට පටන් ගෙන තමන් යක්ෂයන් බව කියා බෝතල් කටුවලින් ඔවුන්ගේ අත් කපාගෙන නිලධාරීන් බිය ගන්වා ඇති බව පොලීසිය සදහන් කළේය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර
2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බොරු මායම අතේ පත්තු වෙයි