(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
තංගල්ල උසාවියේ විභාග වෙමින් පවතින නඩුවක් සඳහා සාක්ෂි ලබාදීමට ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කර සිටි අපේ ජන බල පක්ෂයේ සභාපති ඇතුළු පස් දෙනෙකු ඝාතනය සඳහා වෙඩි උණ්ඩ තිස් හයක් භාවිතා කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාවේ නිහල් තල්දුව මහතා පැවසීය.
කොට්ඨාස අපරාධ ස්ථානයේ පරීක්ෂණ නිලධාරීන් විසින් වෙඩි තැබූ ස්ථානයේ තිබී ටී 56 පතුරම් කොපු 36 හමුවී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ඝාතනය පිළිබඳ විමර්ශන සිදු කිරීම සඳහා දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් හයක් යොදා ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ අනුව දකුණු පළාත් අපරාධ කොට්ඨාසය, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, තංගල්ල මූලාස්ථාන පොලිස් පරීක්ෂකවරයා යටතේ පොලිස් කණ්ඩායමක්, බෙලිඅත්ත පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක්, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ පොලිස් කණ්ඩායමක්, සහ බුද්ධි නිලධාරීහු සියලු දෙනාද මේ පිළිබඳ විමර්ශන සිදු කර බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයන් විසින් සිදු කර ඇති බවට පොලිසිය විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෙලිඅත්තේ ඝාතනය සොයන්න පොලිස් කණ්ඩායම් 6ක්
Prabha Tuesday, 23 January 2024 12:06 AM
දැන් ඉතින් අතන මෙතන ගිහින් සාක්ෂි හොයන්න තමා වෙන්නේ
chandima Tuesday, 23 January 2024 07:18 AM
ඔය විදියටම අනික් පක්ෂ වල නායකයෝ යන වාහන වලටත් වැඩේ දුන්නා නම් මේ කල්ලියේම නමට වැටෙන්න ,පින්ගුත්තරට ලබන චන්දෙ නොතියාම දිගටම ඉන්න පුළුවන් ,ඒ විතරක්ද ?වැඩ බලන්නට ස්ථිර වෙන්නත් පුළුවන්