(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රදේශයේ දි යතුරු පැදියක් අනතුරට ලක් කර හත් හැවිරිදි දැරියකට තුවාල සිදුකර පලා ගොස් නැවත 32 හැවිරිදි පියා විදුලි කණුවක හප්පා මරණයට පත් කිරිම සිදුකල බව කියන ලොරි රථය බලන්ගොඩ මාවවෙල ප්‍රදේශයේ සගවා තිබියදිි අද (03) දා සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ මාවෙල ප්‍රදේශයේ පදිංචි එම සිද්ධියට සමිබන්ධ රියදුරු අත්අඩංගුවට ගැනිමෙන් පසු ඔහුගෙන් ලබා ගත් තොරතුරු මත මෙම ලොරි රථය සොයා ගෙන ඇත. යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.
ඉකුත් (01) දා සවස බලන්ගොඩ නගරයේදි මෙම ලොරි රථ රියදුරු විසින් යතුරු පැදියක ලොරි රථය හප්පා හත් හැවිරිදි දැරියකට තුවාල සිදු කර පලා ගොස් තිබුණි .
පසුව එම දැරියගේ පියා සිය යතුරු පැදියෙන් ලුහුබැඳ ගොස් ලොරි රථයේ රියදුරු අසුන පැත්තේ ඇති දොරට නැග රියදුරු බස්සවා ගැනිමට උත්සාහ කර තිබුණ අතර එහිදී ලොරි රියදුරු විසින් ලොරි රථය විදුලි කණුවක හප්පා පල්ලෙබැද්ද ,අමිබැවිල ප්‍රදේශයේ පදිංචි තිලිණ රංගලාල් නැමති අයෙකු මරණයට පත් කර පලාගොස් තිබු බවට සිදුකල මුලික විමර්ශනවලදි අණාවරය වු බව පොලිසිය පැවැසීය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බලංගොඩ ඝාතනයට සම්බන්ධ ලොරිය මාවවෙලින් හමුවෙයි
Lalla Saturday, 03 August 2024 10:33 PM
දරුවා රෝහලට ගෙන යන එක පැත්තක තියල පලිගන්න ගිය මෝඩ පියෙක්... ජීවිතයෙන් වන්දි ගෙව්වා...
Bamunuarachchi Monday, 05 August 2024 09:40 PM
ඔහේ වගේ නිවටයෙක් නොවෙයි ඒ තාත්තා.
Rata Perata Sunday, 04 August 2024 12:56 PM
අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි