(වයි.ඵ්.ඵස් වීරවංශ)
බලංගොඩ සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයකු පෙරේදා (08) උදෑසන සිට අතුරුදහන් වී ඇතැයි බලංගොඩ පොලිසිය සදහන් කරයි.
වයස අවුරුදු (38) ක් වන මෙම පුද්ගලයා සමනළවත්ත ප්‍රදේශයේ පදිංචි තුෂාර සමිපත් නැමැති විවාහක අයෙකි.
තම තේ වත්තට යන බව පවසා නිවසින් පිටව ගිය බව සිය බිරිඳ විසින් පොලීසියට පැමිණිලි කර තිබෙ.
දහවල් 11.00 වන වටත් නිවසට නොපැමිණි නිසා බිරිඳ තේ වත්තට ගොස් සොයා බැලීමේදී අතුරුදහන් වු පුද්ගලයා පැලද සිටි සෙරෙප්පු දෙකන් එකක් හා තේ දලු නෙලීමට යොදා ගත් පොහොර උරය සොයා ගෙන තිබේ.
ඊයේ දවස පුරා පොලීසිය මගින් පුලුල් සෝදයි මෙහෙයුමක් ආරම්භ කළ ද අතුරුදහන් වු පුද්ගලයා පිලිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.
ඉකුත් (03) දින සිට සමනළ වත්ත ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි පුද්ගලයකු ද අතුරුදහන් වී අදට (11) දිනට දින නවයකි.
ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක් අනුව නිවසින් පිටව ගිය බව ඥාතීන් විසින් පොලීසියට පැමිණිලි කර තිබිණි.
මීට වසර පහකට පමණ පෙර පාසල් දරුවකු වු (09) හැවිරිදි සහන් කුමාර ධර්මසිරි නැමති අයකු ද අතුරුදහන් වු අතර ඔහු පිළිබඳව ද මෙතෙක් කිසිදු තොරතුරක් නොලැබුණු බව පොලීසිය කියයි.
සමනළ වත්ත ප්‍රදේශයේ නිතර දිවියන් ගැවසෙන බව ප්‍රදේශීවාසිහු ප්‍රකාශ කරති. නිවෙස් වල ඇති කරන සුනඛයින්, බලලුන් එලුවන් ,කුඩා ගව පැටවුන් නිතර අතුරුදහන් වන බව ප්‍රදේශීවාසිහු වැඩි දුරටත් පෙන්වා දෙති.
අතුරුදහන් වු පුද්ගලයින් පිලිබඳව සොයා බැලීම සඳහා විශේෂ සෝදිසියක් අද දවස පුරා පැවැත්වේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බලංගොඩ තවත් අයෙක් අතුරුදන්