IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බාලතෙල් නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි

(කේ. බුද්ධික කුමාරසිරි)

මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කරන නිශ්පාදනාගාරයක් මාලබේ කහන්තොට ප්‍රදේශයේදී පාරිභෝගික සේවා අධිකාරියේ නිළධාරීන් සමඟ එක්ව වැටලීමට කටයුතු කල බව මාලබේ පොලිසිය පවසයි.

අදාළ මධ්‍යස්ථානය පිළිබඳව ලද තොරතුරක් මත පොලිස් නිලධානින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ පරික්ෂාවකින් අනතුරුව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

ඒ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් අධ්‍යක්ෂක අවිස්කා විරාජණී මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ එම ස්ථානයේ සිදුකළ පරික්ෂාවේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු පොල්තෙල් නිෂ්පාදනය කරන ආකාරය දැක එම ස්ථානය හිමිකරු අත්අඩංගුවට ගෙන ඇපකරයක් මත මුද හැරීමට කටයුතු කර ඇත.

එම ස්ථානයේ තිබී පොල්තෙල් යනුවෙන් හඳුන්වන පිරවූ ලීටර් 45 කෑන් 94 ක් මිලි ලීටර් 500 පිර වූ බෝතල් 73 ක් ලීටර් 45 හිස් කෑන් 240 ක් හමු වූ බවත් පසුව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් එම නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබූ බවත් පොලිසිය පවසයි.

අදාළ පොල්තෙල් නිෂ්පාදනය කිරීමේදී ආර්ඩීබී නමැති තවත් තෙල් වර්ගයක් මිශ්‍ර කර තිබූ බවත් ඊට අමතරව පුන්නක්කු මිරිකා යොදාගත් තෙල් කලවම්කර බෙදා හැර ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

 

 



අදහස් (3)

බාලතෙල් නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි

චන්දිම ෆොන්සේකා Friday, 23 August 2024 11:30 AM

අපේ රටේ පිළිකා රෝගය ඉහළ යාමට එක හේතුවක් තමයි මේ විෂ දේවල් ආහාරයට ගැනීම. ආහාර පිළියෙළ කිරීමේදී භාවිතා වෙන තෙල් වර්ග මේ අතුරින් ප්‍රධානයි. ඒ තෙල් වල වරදක් නිසාම නොවෙයි. මේ තෙල් කියලා වෙළඳ පොලට එවන්නේ එක එක ජාවාරම් කාරයන්ගේ වංචනික නිෂ්පාදන නිසයි. සුපිරි වෙළඳ සල් වලත් සමහර තෙල් බෝතල් වල ලේබලයේ මේ ආර්ඩීබී කියන අකුරු තුන ඉතාම කුඩාවට කොහේ හරි අස්සක මුද්‍රණය කරලා තියෙනවා. ඔය කියන්නේ වෙන රටවල ආහාර බැදුම් වලට පාවිච්චි කරලා කරවෙලා අහක දාන තෙල් ජාවාරම්කාරයෝ නැව් පිටින් මේ රටට ගෙනල්ල ප්‍රධාන වශයෙන් සාන්ද්‍ර සල්පියුරික් අම්ලය සහ එක්තරා මැටි වර්ගයක් සමග අධික උෂ්ණත්වයක රත් කර තවත් නොයෙකුත් සංකීර්ණ ක්‍රියාවලියක් ඔස්සේ පිරිසිඳු පෙනුම තියෙන ඉතා හොඳ තෙල් වගේ පෙනෙන අයුරින් සකසන තෙල් කියන එකයි. බොහෝ දෙනෙක් නොදැනුවත් කමට මේ විෂ තෙල් අරන් ගිහින් බැදුම් හදාගෙන කනවා. බත් කඩ, ආපන ශාලා බොහොමයක මේවා තමයි යන්නේ. මේවා කන වැඩිහිටි, බාල, තරුණ, පරපුර අනාගතයේ අකාලයේ මිය යනවා. මහා අපරාධයක්. ගෙදරක කුස්සියට වත් වැද්ද ගන්න එපා ඔය ආර්ඩීබී තෙල් නම්.

:       0       10

achini Friday, 23 August 2024 01:42 PM

සීදුවේ එකෙත් තත්වෙ ඕක තමයි. හොඳ තෙල්වලට ජරාව කළවම් කරනවා.

:       0       6

sam Saturday, 24 August 2024 07:31 AM

මේ වගේ කාලකණ්ණි ජීවිතාන්තය දක්වා හිරේ දැමිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 340 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2501 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1939 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 206 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1202 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26857 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23507 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site