(*** නිමන්ති රණසිංහ)
රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියා වශයෙන් තමා සහ්රාන් හෂීම් සම්බන්ධයෙන් 2015 සිට බුද්ධි වාර්තා 347ක් ඉහළ නිලධාරීන්ට යොමු කළත් ඊට අදාළව ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පෙරේදා (25) ප්‍රකාශ කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් තමන් යැවූ කිසිදු ලේඛනයකට කිසිම අයකු වැඩිදුර වාර්තා ඉල්ලා නොසිටි බවත්, එසේ වැඩිදුර වාර්තා ඉල්ලූ බවට ඔප්පු කළහොත් තමන් මේ දැන් සේවයෙන් ඉල්ලා අස්වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය.
2015 වර්ෂයේ සිට යැවූ කිසිදු බුද්ධි වාර්තාවක් සම්බන්ධයෙන් කිසිදු ඉහළ නිලධාරියකු වැඩිදුර වාර්තා තමාගෙන් ඉල්ලා නැති බවත්, පොලිස්පතිවරයා පමණක් තුන්වරක් වැඩිදුර වාර්තා ඉල්ලා ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී සඳහන් කළේය.
ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා සාක්ෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සාක්ෂියට අනුව ඇසූ හරස් ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ජනාධිපති නීතිඥවරයා: අප්‍රේල් 4 වැනිදා ඔබට ලැබුණු විදේශීය බුද්ධි තොරතුර ගැන අප්‍රේල් 9 වැනිදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් නොකළේ ඇයි?
සාක්ෂිකරු: මගේ උසස් නිලධාරියකුව සිටි ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාට මම ඒ වනවිටත් අදාළ තොරතුර ගැන දැනුම් දීලා තිබුණා. ඒ නිසා මම බුද්ධි සමාලෝචන රැස්වීමේදී විශේෂයෙන් ඒ ගැන සාකච්ඡාවට බඳුන් කිරීමට උත්සාහ ගත්තේ නැහැ.
ජනාධිපති නීතිඥවරයා: “නිලන්ත ඇයි අර කොළේ දාන්නේ නැත්තේ?” අදාළ රැස්වීම අවසානයේ ජාතික බුද්ධි ප්‍රධානියා ඔබෙන් විමසූ බව ඔබ පිළිගන්නේ නැද්ද?
සාක්ෂිකරු: එම රැස්වීමේදී සිසිර මෙන්ඩිස් මහතා මගෙන් එවැනි විමසීමක් කළේ නැහැ. ඒ වුණාට රැස්වීම පටන් ගන්න ඉස්සර වෙලා මම ඇහුවා “සර් ඕක තාම අතේනේ. ඇයි දැම්මේ නැත්තේ?” කියලා.
ජනාධිපති නීතිඥවරයා: අප්‍රේල් 20 වන දින එනම් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර දින පස්වරුවේ ඔබ, සිසිර මෙන්ඩිස් මහතා අමතා “සර් මේක ලෙඩක්. මම අයි.ජී.පී.ට කිව්වා” කියලා සිසිර මෙන්ඩිස් මහතා කියනවා. ඔබ මෙය පිළිගන්නවා ද?
සාක්ෂිකරු: නැහැ. මම කිව්වා පල්ලියකටයි හෝටලයකටයි ඇතුළු ස්ථාන අටකට ගහනවා කියලා. ඒ දුරකතන ඇමතුම තත්ත්පර 5ක්. එතකොට ඒ ටික විතරක් කිව්වා වෙන්න පුළුවන්. මා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවට පෙර දින ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා අමතන අවස්ථාවේදී ඒ මහතා ද පල්ලි යන්න සූදානම් වෙලා හිටියේ. මා කිව්වා “බෝම්බ ගහනවා” කියලා. ඔහු පල්ලි ගියා ද නැද්ද කියලා මම දන්නේ නැහැ.
ජනාධිපති නීතිඥවරයා: “21 වැනිදා හෝ ඊට පෙර ගහනවා” කියලා 20 වැනිදා රාත්‍රිය වෙද්දිත් පැහැදිලි තොරතුරක් ලැබිලා තියෙද්දීත් ඔබ ජනාධිපති ලේකම්වරයා අමතා හදිසි නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කර මහජන සාමය ආරක්ෂා කිරීමට යුද හමුදා සහාය ලබාගැනීමට ක්‍රියා කළා ද?
සාක්ෂිකරු: ජනාධිපතිට කිව්වා ද ඇහුවා, අගමැතිට කිව්වා ද ඇහුවා, ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා ද ඇහුවා. දැන් ඒ පාර ජනාධිපති ලේකම්ට කිව්වා ද කියලත් අහනවා. මේ ඔක්කෝටම කියන්න ඕනේ මම ද? ඊළඟට අහයි නිලන්ත ඇයි ඔයා රටටම කිව්වේ නැත්තේ කියලා. රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ තොරතුරු රැස් කරන්න ඕනේ. පණිවිඩ තියන්න ඕනේ. ලියුම් ගහන්නත් ඕනේ නිලන්ත ද? එතකොට අනිත් අයට පඩි ගෙවන්නේ නිකන් ද? රට තුළ ක්‍රමානුකූලව සැකැසුණු ධූරාවලියක් තිබෙනවා. එහි එක් එක් නිලධාරීන්ට පැවැරුණු වගකීම් තිබෙනවා. හැමදේටම හරි හරි කියන්න නිලධාරීන් ඕනේ නැහැ. ජනාධිපතිගේ වැඩෙයි, ආරක්ෂක ලේකම්ගේ වැඩෙයි, පොලිස්පතිගේ වැඩෙයි ඔය හැම වැඩේම මම කරන්න ඕනේ නම් ඒ අය ඕනේ නැහැනේ. මට ජනාධිපතිකම දුන්නා නම් ඉවරයි. මට කනගාටුයි මේ වගේ ටීම් එකක් එක්ක වැඩ කරන්න සිදුවීම ගැන. 21 දායින් පස්සේ තමයි ඇත්ත පුද්ගලයෝ කවුද කියලා මම දැනගත්තේ. ගත්තු දුරකතන ඇමතුම්වල ස්ක්‍රීන් ෂොට් නැත්නම් අද වෙද්දි රාජ්‍ය බුද්ධි සේවය මුකුත් කරලා නැහැ. එහෙම නොවුණා නම් මම අද හිරේ. ප්‍රහාරය ගැන පූර්ව දැනුවත් කිරීමක් කරලා තියෙද්දී සමහරු අවුරුද්දට ආයතන වැහුවා. ඒවා නැවත විවෘත කළේ ප්‍රහාරයෙන් පස්සේ. තවත් අය පූර්ව දැනුවත් කිරීම් කර තිබියදී රට ගියා. තවත් මිනිස්සු ගෙදරට වෙලා බුදියගත්තා. තවත් අය පල්ලිවලට ගහනවා කියද්දි පල්ලි ගියේ නැහැ. අන්තිමට ඇයි කිව්වේ නැත්තේ කියලා අහන්නේ මගෙන්. මම මට කරන්න පුළුවන් හැමදේම කළා.
ආරක්ෂක ලේකම්ට කිව්වා. ජාතික බුද්ධි ප්‍රධානියාට කිව්වා. පොලිස්පතිට කිව්වා. ඒ හැමෝටම කියලා ජනාධිපතිට කියන්න උත්සාහ කළා. එතුමා ආන්සර් නොකළ එක මගේ වරදක් නොවේ. මම මට පුළුවන් හැමදේම කළා” යැයි ද ඔහු කීවේය.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලධාරීන්ට දුන් බුද්ධි වාර්තා 347කට වෙච්ච දෙයක් නෑ
සෑම් Thursday, 27 August 2020 07:11 AM
ඕනවටත් වැඩියෙන් පැහැදිලි වෙනවා ඔතන වුනේ කුමන්ත්‍රණයක් කියලා. කට්ටිය හිතාමතාම සැලසුම් සහගතව ප්‍රහාරය වෙන්න ඉඩ හැරියා. කුමන්ත්රණයේ අසාර්ථක වුණු එකම පියවර තමයි ප්‍රහාරය ගැන විදේශ බුද්ධි තොරතුරක් සති කිහිපයකට පෙර ලැබුණා කියන එක ප්‍රසිද්ධියට පත්වීම වළක්වා ගත නොහැකි වීම. මේ ප්‍රහාරය වෙන්න ඉඩ හැරීම පිටිපස්සේ හිටපු සහ දැන් ඉන්න ඉහළම පුද්ගලයින් දෙන්නා ඉන්නවා. එකම රටක්... නීති දෙකක්.
RasikaThursday, 27 August 2020 11:03 AM
අනේ , ඒ කාලෙත් රටේ නායකයින් වුනේ දැන් ඉන්න දෙන්නද..? කිසිම බලයක් නැතිව හිටපු දෙන්නෙක්ට ඔච්චර හරියක් කරන්න පුලුවන්ද..? ඔය වගේ වහල්ලු ඉන්න රටක් මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්...
hashanMonday, 31 August 2020 11:43 PM
නිකන් මෝඩ කතා කියන්න එපා.. මොලේ උඩද වාඩිවෙලා ඉන්නේ?
isurandi Thursday, 27 August 2020 07:31 AM
හිතාගන්න පුළුවන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. එක්කෝ ලොක්කෝ නිදාහිටියා... නැතිනම් ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඇහැ කණ වහගෙන හිටියා.. අසාර්ථක පාලනයක් තුළ තවත් මොනවද බලාපොරොත්තු තියාගත හැක්කේ?
ana Thursday, 27 August 2020 07:31 AM
2015 ට පෙර සහරාන් හිටියේ නැද්ද? එයා ඒ කාලේ සිල් ගත්තද? හරියටම 2015න් පස්සෙද මෙයා වැඩ පටන් ගත්තේ...? හිතන්න.
Nihal Friday, 28 August 2020 12:54 AM
අවසානයේදී බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය වැරදිකරුවන් වෙයි. ඒ අනතුරක් වළක්වා නොගැනීම යටතේ...