(කාංචන කුමාර ආරියදාස)
කිසිදු බලපත්‍රයක් නොමැතිව කාලාන්තරයක් තිස්සේ ගලේවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ලී මෝලක් වටලා විශාල කඳන් සහ විවිධ ප්‍රමාණයන් වලට සකස් කරන කොටස් කරන ලද දැව තොගයක් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දැව අපරාධ මෙන්ම වන විනාශයන් පිළිබඳව හදිසි දුරකතන ඇමතුම් හරහා තොරතුරු ලබා දෙන්නැයි රජය කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මහා පරිමාණ බලපත්‍ර නොමැති දැව මඩුව අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම ස්ථානයේ කිසිදු බලපත්‍රයක් නොමැතිව තේක්ක, මහෝගනී, කටකෑල, කොහොඹ, ආදී විවිධ වර්ගයේ දැව කොටන් සහ විවිධ ප්‍රමාණයන් වලට ඉරන ලද සකසන ලද දැව විශාල ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ගලේවෙල වන සංරක්ෂණ නිලධාරීන්ට භාර දී එම නිලධාරීන් සමග එක්ව ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු පැවසීය.
මෙම දැව වල වටිනාකම සහ ප්‍රමාණය පිළිබඳව විමසීමේ දී ගලේවෙල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු කියා සිටියේ මෙතෙක් ඒවා ගණන් බැලීම සඳහා අවසන් කර ගැනීමට නොහැකි ව පවතින බවයි. මෙම දැව සඳහා යොදාගත් ගස් කුමන ප්‍රදේශයකින් රැගෙන ආවේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
තිරප්පනය සහ කැකිරාව යන පොලිස් වසම්තුල සිදුවූ රිය අනතුරු දෙකකින් යුද හමුදා සෙබළෙකු සහ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බලපත් නැති ලී මෝලක්
mihira Monday, 22 February 2021 08:43 AM
මේවා විහිළිනේ... මේවා මේ පොලිසියට සහ අනික් අයට පගාව දීලා කරන්නේ ඔහේ විතරක් නොවේ... රටේ හැම තැනම තියෙනවා ඔහොම ඒවා.
Pradeep Tuesday, 23 February 2021 03:17 AM
ගලේවෙල පොලීසියත් තියෙන්නේ මේ අසලමයි. දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය එනතුරු ගලේවෙල පොලිසිය මේ ගැන ක්‍රියාකර නොතිබුණේ ඇතැම්විට ඔවුන් දැනුවත්ව මෙය සිදුවූ නිසාද? මේ පුවතේ සඳහන් පරිදි දීර්ඝ කාලයක් තිස්සේ මෙය පවත්වාගෙන ගොස් ඇති නමුත් ගලේවෙල කිසිඳු අදාල බලධරයෙකුගේ නෙත නොගැටීම හාස්‍යයට කරුණක්. මේත් සමගම ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා සහ ගලේවෙල වනසංරක්ෂණ නිලධාරියාවද අත්ඩංගුවට ගන්නයි තිබුනේ...