(අංජුල මහික වීරරත්න)
සමහර දේශපාලන පක්ෂ බුදුදහම පාවිච්චි කර බලයට පැමිණියත් බලය ලබා ගැනීමෙන් පසු බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කිසිවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බුදු දහමේ චිරස්ථිතිය වෙනුවෙන් කැපී පෙනෙන දැවැන්ත මෙහෙවරක් කරන්නට ඉතිහාසයේ සිට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු ක්‍රියා කර තිබෙන බවද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.
විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ බෞද්ධ කමිටුව යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
නිරෝධායන නීති වලට අනුකූල වෙමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මෙම උත්සවය පැවැත්විණි.
“ඩී.එස් සේනානායක මහතා ඇතුළු සියලු නායකයන් රටේ අණ පනත් ගෙන ඒමේ දී පවා මුලින්ම කළේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමයි .එය එදා සිටම එක්සත් ජාතික පක්ෂයේ සිරිතක් ලෙස පැවතුණා. එක්සත් ජාතික පක්ෂය යළිත් නිසි ස්ථානයේ තැබීම සඳහා අප සියලුම දෙනා ඇප කැපවී ක්‍රියා කරනවා”යනුවෙන් ද රුවන් විජයවර්ධන මහතා කීය.
සේදවත්ත පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද එක්සත් ජාතික පක්ෂ මහාලේකම් පාලිත රංගෙ බණ්ඩාර,එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති, බෞද්ධ කමිටු අනුශාසක සාගල රත්නායක,බෞද්ධ කමිටු සභාපති සුදත් ජයසුන්දර මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වෙනවා‘‘
Raveendra Friday, 15 October 2021 04:04 PM
සත්‍ය ප්‍රකාශ කිරීම පිළිබඳව අප හදවතින්ම අගය කරන්නෙමු.
sisil Friday, 15 October 2021 04:31 PM
“ඩී. එස් සේනානායක මහතා ඇතුළු සියලු නායකයන් රටේ අණ පනත් ගෙන ඒමේ දී පවා මුලින්ම කළේ භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා ලබා ගැනීමයි. නමුත් මේ වනවිට භික්ෂූන් වහන්සේලා අනුශාසනා ලබාදීම වෙනුවට දේශපාලනයට පැමිණ තිබේ. එමෙන්ම ඔවුන් විවෘත සමිති සඳහා නායකත්ව ලබාදීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අනුමත කළ නොහැක... ලෝකයේ කිසිඳු රටක්, රාජ්‍ය පාලනයේදී ආගමික නායකයන්ගේ උපදෙස් ලබානොගනී. කෙසේ වෙතත් ගෞරවනීය ආගමික නායකයන්ගේ වැදගත් අගයකළ යුතු උපදෙස් අප අගය කරමු...
මොට්ටපාලFriday, 15 October 2021 05:46 PM
සමිතිය යනු සමගියයි. බුදුන් වහන්සේ වදාලේ සමගිව රැස්වන ලෙසත් සමගිව සාකච්ඡා කර සමගිව විසිර යන ලෙසයි. අපේ පාලකයින් එහෙම කළ දවසක් තිබේද? ඒ වගේම වත්මන් සමාජයේ හාමුදුරුවෝ එසේ නොකර දේශපාලන කටයුතුවල යෙදීම පක්ෂග්රාහීව පක්ෂවලට බෙදීම රටේ අන්ත පරිහානියට හේතුවී ඇත... (දුටුගැමුණු රජතුමා වුණත් රට පාලනය කළේ හාමුදුරුවන්ගේ අවවාද අනුව බව කිවහැකියි)...
Prabha Friday, 15 October 2021 06:09 PM
හාමුදුරුවන්ටත් බුද්ධාගම අමතක එකේ ගිහියන් ගැන කුමන කතාද?
සෙනෙවිරත්න Friday, 15 October 2021 07:28 PM
බුදුදහම රකිනවා කියලා මිනිස්සු ගොනාට අන්දන එක මිසක් බුදුදහම රකින්න අවශ්‍ය නැහැ. අනෙක බුදු දහම රකින්න වෙලා තියෙන්නේ සංඝ සමාජයෙන් සහ ඔය දේශපාලකයින්ගෙන්...
BamunuarachchiSaturday, 16 October 2021 02:28 PM
හලෝ ඔහේගේ දැනුමටයි මේ කියන්නේ ඇෆ්ගනිස්තානය, ඉරානය, ඉන්දුනේශියාව, පකිස්තානය අතීතයේ බෞද්ධ රටවල්. ඒවායේ සිටි බෞද්දයෝ බෞද්ධ ප්‍රතිපත්ති වලම ජීවත් උන නිසාද කොහෙද ඔවුනට ආගම රැක ගන්න බැරිඋනා. ඒ නිසා ඒ රටවල් මුස්ලිම් කාරයන් ආක්‍රමණය කළා. අපිත් බෞද්ධ ප්‍රතිපත්ති වලම රැඳී සිටියොත් අපේ දරුවන්ට අනාගතේ හැදෙන්නේ වෙන්නේ හම්බ සංස්කෘතියේ ගන්න මුස්ලිම් ව්‍යාප්තිය 1881- 197800-7.17%. 1891-212,000-7.05% 1901-246,100-6.90% 1911-283,600-6.091% 1921-302000-6.72% 1931-354200-6.67% 1946-436,6.56% 1953-541,500-6.69% 1963-724000-6.84% 1971-901,785-7.11% 1981-1121717-756% 2012-1967,523-9.66% 2020-2434,049-9.7% ෂර්යා නීති ඉල්ලන එක පුදුම නැහැ. අපිත් බෞද්ධ ප්‍රතිපත්ති වලම රැඳී ඉන්නේ නැතුව අනාගත දරුවන්ට මේ බෞද්ධ සංස්කෘතිය රැකදෙමු.
sisil Saturday, 16 October 2021 05:29 AM
බලය ගැනීමෙන් පසු ගොඩක් අයට බුදු දහම අමතක වන්නේ නැත. නමුත් දේශපාලකයා පන්සල සහ දේශපාලකයට උදවු කල භික්ෂුන් වහන්සේලා අමතක වේ. දේශපාලකයා පන්සල පල්ලිය සහ කෝවිල සමග සම්බන්දකම් පවත්වන්නේ එම පුජනිය ස්ථානයන්ට ජනතාව පැමිණෙන නිසාවෙන් සහ එම ආගමික නායකයන් කියන ඕනෑම ඉල්ලීමක් කිරීමට සුදානම් වන ජනතාවක් අපේ ලංකාවේ සිටින නිසාවෙනි.
Bamunuarachchi Sunday, 17 October 2021 07:33 PM
මොන ආණ්ඩුව කාලේද කොළඹ උසස් යයි සම්මත පාසලක උදේට පන්සිල් ගැනිල්ල නතර කළේ...?