(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බල්ලන් දෙදෙනකු සමග ලොරි රථයකින් සහල් කිලෝ 8,750 ක් ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ වෙළෙඳසැල් වලට බෙදා හැරි ලොරි රථයේ රියදුරුට සහ සහල් මෝලේ හිමිකරුට එක් අයෙකුට රුපියල් දස දහස බැගින් දඩ සහ වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවම් වසර පහකට අත් හිටුවීමටද බලන්ගොඩ මහෙස්ත්‍රත් භාග්‍යා දිල්රුක් වික්‍රමසිංහ මෙනවිය අද (10) නියම කළාය.
මෙිි අතර එක් අයෙකු වෙනුවෙන් නියම කළ දඩ මුදල නොගෙවන්නේ නමි තවත් මසක පමණ කාලයක සිහිල් සිර දඩුවමක් ලබා දෙන ලෙස නියෝග කළාය.
තිස්සමහාරාම සුරියවැව පදිංචි සමන්ත අනුර කුමාර සහ සුරංග කොඩිතුවක්කු යන අයට දඩුවම් නියම කෙරිණි.එමෙන්ම සහල් තොග අධිකරණ බාරයෙතබන ලෙසත් ලොරි රථය රැපියල් ලක්ෂ පනහ බැදුමිකරයක් මත නිදහස් කරන ලෙසද එහි නියෝග කෙරිණි.
සහල් තොගය සත්ව ආහාර වශයෙන් සතුන්ගේ පරිභෝජනය සදහා මුදා හැරීම සදහා ප්‍රධාන ආහාර බළධාරියා ලෙස සලකන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ වාර්තාවක් කැදවා ලබන 31 වැනිදා අධිකරණය ඉදිරිපත් කරන ලෙසද එහිදී මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වෙත මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ලක්ෂ විසි හතරක් වටිනා එම සහල් තොගය ඉකුත් 04 වැනිදා තිස්සමහාරාම ප්‍රදේශයේ සිට බල්ලන් දෙදෙනකු සමග ප්‍රවාහනය කර බලන්ගොඩ නගරයේ ඇති වෙලෙද සලකට බෙදා හරිමින් සිටියදී බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ නිළධාරින් විසින් එම වැටලීම සිදු කර තිබිණි.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බල්ලන් සමඟ හාල් ගෙන ගිය දෙන්නාට දඩ සහ වසර 5ක අත්හිටවු සිරදඬුවම්
karolis Friday, 10 January 2025 06:15 PM
අත්හිට වූ සිරදඬුවම් දීලා නිකන් ඉඳලා මදි. criminal record එකකට දාලා අදාළ පුද්ගලයාට දැනෙන විදියට යමක් විය යුතුයි. ණයක් ගන්න, රක්ෂණයක් ගන්න, දුරකථන සම්බන්ධයක් ගන්න, බැංකු ගිණුමක් විවෘත කරන්න ආදී කටයුතු මෙවැන්නන්ට අපහසු කළ යුතුයි. නැත්තන් දැනෙන්නේවත් නෑ..
sam Saturday, 11 January 2025 06:23 AM
ඕවට දෙන්න ඕනෑ කසපහර 10ක් විතර.. එතකොට තමයි හැදෙන්නේ. නැතිනම් ඔවුන් ඕවා ගණන් ගන්නේ නෑ.
Nandalal de Silva - France Saturday, 11 January 2025 11:32 PM
දැන් රටේ තිබෙන දැවෙන හාල් ප්‍රශ්නය නිසා, තමන්ගේත් සහල් තොගයේ ආරක්ෂාවත් වෙනුවෙන් ඔහු (හෝ ඔවුන්) බල්ලන් රැගෙන ගියාද කියා මගේ අදහසයි.