(දයාරත්න ඇඹෝගම)
නාච්චාදුව ප්‍රදේශයේ නිවසකින් රුපියල් සීයක් සොරාගත් බවට චෝදනා කර 11 හැවිරිදි බාල වයස්කාර දැරියකගේ අත් දෙක යකඩ හැන්දක් රත්කර පුලුස්සා බරපතල තුවාල සිදුකළ දැරියගේ පියාගේ සොයුරිය අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාච්චාදුව,පාඩියන්කුලම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි විවාහක කාන්තාවකි.
මෙම දැරියගේ මවත් පියාත් යන දෙදෙනාම වෙනත් විවාහයන් සිදුකර ගැනිමේ හේතුවෙන් සිය පියාගේ සොයුරියගේ නිවසේ නතර වි එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලබති.
මෙම හිංසාවට ලක්වු දැරිය දින කිහිපයක්ම පාසලට නොපැමිණ පාසල් ගිය අවස්ථාවේදි දැරියගේ දෙඅත්වල තිබු තුවාල දැක ඒ සම්බන්ධයෙන් පංතිභාර ගුරුවරිය සිදුකළ විමසුමේදි ඇය කියා ඇත්තේ උණුවතුර වැටිම නිසා දෑත් පිළිස්සුන බවයි. එහෙත් දැරියගේ එම පිළිතුර පිලිනොගත් ගුරුවරිය මේ බව විදුහල්පතිවරයාට දැනුම් දී තිබුණි.
පසුව විදුහල්පතිවරයා විසින් සිද්ධිය පොලිසියට පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව විමර්ශණ කටයුතු ආරම්භ කළ පොලිස් නිලධාරින් දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව දැරියගේ නැන්දනිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර අධිකරණය වෙත ඉදිරිපත් කර මේ මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලිසිය පැවසිය.
ලොරියකින් ලී කොටන් බාමින් සිටී පුද්ගලයෙකු ලී කොටන් දෙකකට යටවී මියගොස් ඇති බව එගොඩ උයන පොලිසිය පවසයි.
ශක්තිමත් ආර්ථික අත්තිවාරමක සිට නැවත නැඟී සිටීමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට ආරාධනා කර සිටියේය.
මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාග
කොළඹ කොටුවේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ල දෙවැනි දිනටත් යළි ගිනි ගෙන ඇත.
වතුකරය ආශ්‍රිතව ආපදා අවධානම් සහිත පාසල් 35ක් ඇති බව අනාවරණය වූ බවත්, ඉදිරියේදී එම පාසල් හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත් වැවිලි සහ ප්
කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා බලාගිය රියදුරුගේ සේවය අත්හිටුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධි
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
බාලවයස්කාර දැරියගේ අත පිළිස්සූ නැන්දනිය අත්අඩංගුවට
Ajith Friday, 07 February 2025 05:04 PM
ගුරුවරියගේ මෙම ක්‍රියාව ඉතා අගය කළ යුතුයි.