(යොහාන් භාසුර)
ග්‍රාමීය ප්‍රදේශවලට දුම්රියෙන් දැනට ප්‍රවාහනය කරන සියයට 40 ක ඉන්ධන ප්‍රමාණය සියයට 100 ක් දක්වා ඉහළ දැමීමටත් ඩිපෝ සඳහා අවශ්‍ය සියලුම ඉන්ධන දුම්රියෙන් පමණක් ප්‍රවාහන කිරීමට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා උපදෙස් දී තිබේ.
ඉන්ධන ප්‍රවාහනය බාධාවකින් තොරව පවත්වා ගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (1) පස්වරුවේ නිකුත් කළේය.
නව ඉන්ධන බවුසර් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පැය 24 පුරා ක්‍රියාත්මක කර සතියක් තුළදී නව බලපත්‍ර ලබාදීමට ද, ඉන්ධන පිරවුම්හල් සතු බවුසර්වලට වෙනම ඉන්ධන පැටවීමේ පර්යන්ථයක් වෙන්කිරීමට මෙන්ම ප්‍රමුඛතාව ලබාදීමට ද, නිර්දේශ කර තිබේ.
ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන ඉන්ධන බවුසර්වල බලපත්‍ර අහෝසි කිරීමට සහ සේවයට වාර්තා කරන බවුසර්වලට බාධාකරන පුද්ගලයන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට, රජයේ බවුසර් උපරිමයෙන් ඉන්ධන බෙදාහැරීමට යෙදවීම, පෞද්ගලික ඉන්ධන බවුසර්වලට ස්ථිර මිල සූත්‍රයක් යටතේ ගෙවීම් සංශෝධන කිරීම, අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සහ අමතර ඉන්ධන තොග නිකුත් කිරීම සඳහා පැය 24 පුරා පර්යන්ථය ක්‍රියාත්මක කිරීම යන නිර්දේශ ද අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබේ.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බලශක්ති ඇමැති දැඩි තීරණයක
ළාමක ටිංටිං Sunday, 01 May 2022 09:48 PM
මේ ළපටියන්ට හැකියාවත් නෑ. රට ගැන සාමාන්‍ය අවබෝධයත් නෑ. රටේ හැම තැනටම යන්න කෝච්චි නෑ කියලා මේ ළපටියා දන්නේ නෑ. රට මැදට කෝච්චියෙන් ඉන්ධන ගෙනියන්න මුලින්ම රේල්පාරවල් හදන්න වෙයි. ඊට පස්සේ කෝච්චියෙන් ගෙනියන්න පුළුවන්. ඒකට තව අවුරුදු 200ක් විතර යයි. කිසිම හේතුවක් නැතුව තාත්තාගෙන් පුතාට බලය දීමේ කරුමය තමයි ඡන්ද දායකයාට විඳවන්න වෙලා තියෙන්නේ...
sachith Sunday, 01 May 2022 10:00 PM
කියන විදිහට කරන්න පුළුවන්නම් හොඳයි. හැබැයි තව සතියෙන් ඕක රිවර්ස් කරනවා.
sampath Sunday, 01 May 2022 10:05 PM
ඉන්ධන ප්‍රවාහනය හමුදාවට බාරදෙන්න. රටක් මේ විදිහට විනාශ කරන්න ඉඩ නොදිය යුතුයි. කැමැති කෙනාට සේවයෙන් ඉවත් වෙන්න ඉඩදෙන්න.
ගෙම්බාපිල ධර්මසේන Monday, 02 May 2022 02:03 PM
සම්පත්, හමුදා පාලනය ඉල්ලන්නේ.. හමුදා පාලනය යන්තමින් තිබියදී මෙහෙම නම් සම්පූර්ණයෙන් තිබුණොත් කොහොමද කියලා නොදැන නේද..? ඇත්තටම මොලයක් කියලා එකක් ඇත්තේම නැද්ද? බලන්නකෝ දැන් අමාත්‍යාංශවල, සංස්ථාවල, මණ්ඩලවල හමුදා ලොක්කන් කොතරම් ඉන්නවාද කියලා..? ඒවායේ පාලනය කඩා වැටිලා කියලා තේරුම් ගන්නම බැරිද? නුඹලා වගේ ලක්ෂ හැටනවයක් නිසා තමයි මේ රට හිඟමනට වැටුණේ...!
de silva Sunday, 01 May 2022 10:21 PM
පහුගිය කාලේ ඔය බලපත්‍ර ලබපු බවුසර් හිමියන් බොහොමයක් ශ්‍රිලනිපෙ හෝ පොහොට්ටු සාමාජිකයෝ.. ඔවුන් සමග හැප්පෙන්න ඔබට පුළුවන්ද? එහෙම නැතිනම් තෙල් නැති නිසා ජනතාව නොමග යවන්න ඔබලා එකතු වෙලා කරන බොරු රඟපෑමක්ද?
සමන් Sunday, 01 May 2022 10:34 PM
මොවුන්ගේ මේ ප්රජාතන්ත්රවාදී නොවන හැසිරීම් සහ තීන්දු තම පරම්පරාවෙන් එන දේවල් විය යුතුයි. නොපැහුණු අපරිණත බව විද්‍යාමාන කිරීමක්...!
රටවැසියා Sunday, 01 May 2022 10:52 PM
හිතලම රටම අසරණ කරන අපේ මිනිස්සු...! මේ වෙන දේවල් දුටුවහම විදේශිකයෝ රටට එයිද? බක්කියෙන් යන කාලයකට අත වැනීමක්ද?
Bandara Sunday, 01 May 2022 11:04 PM
අන්න එහෙම තමයි කෙළින් වැඩකරන්නේ. හැකිතරම් බවුසර භාවිතයට වඩා දුම්රිය භාවිතය වාසි සහගතයි.
ව්ජේවර්ධනMonday, 02 May 2022 02:09 PM
අපේ පැත්තේ තිබුණු දුම්රිය මාර්ගය 1970ත් 1977ත් අතර කාලයේ හිටපු ප්‍රවාහන උප ඇමතිගේ අවශ්‍යතාවක් සඳහා කිරිඇල්ලේ හිටපු මන්ත්‍රී වාසුදේවගේ අනුග්‍රහයෙන් වසා දැමුවා. වාසියට තමන්ගේ ආසනය දක්වාවත් මාර්ගය රැකගැනීමට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ..
මැක්ස් Monday, 02 May 2022 07:04 AM
නියමයි... අන්න එහෙමයි වෙන්න ඕනෑ. තද තීරණ ගන්න ඕනෑ. මෙතුමා ජනාධිපතිවරයාටත් හොඳ ආදර්ශයක්...
Sunil Monday, 02 May 2022 07:08 AM
ජනතාව රවටන්න ජනාධිපතිට වඩා දක්ෂයි. ඕවා කරන්න පුළුවන් වැඩද?
චන්දන Monday, 02 May 2022 07:16 AM
ඉතාමත් හොඳයි. දැඩි සාධාරණ තීන්දු ගැනීම දැනටමත් ප්‍රමාද වැඩියි.
samira Monday, 02 May 2022 08:21 AM
අපරිණත ගොබ්බ ඇමතිලා ප්‍රශ්න සමග ගනුදෙනු කරන විදිය තමයි අන්තිමට කරන දේ මුලින් කරනවා. ප්‍රශ්නේ අනනවා ආයෙත් මුලට යනවා.
sujeewa Monday, 02 May 2022 08:37 AM
මේ වගේ රටක් හදන්න ඕනේ දැඩි නීතිරීති වලින් මිසක් බබාලා වගේ ඉඳලා නෙවෙයි. දැන හෝ නොදැන අපේ රට, අපේ ජාතිය, අපේ සංස්කෘතිය, බෞද්ධාගම විනාශ කරන බොහෝ ක්‍රියාමාර්ග අතීතයේ සිට මේ දක්වාමත් අනාගතයටත් ක්‍රියාත්මකයි. මන්ද බුද්ධික මිනිස්සු කවුරු හරි, මොනවා හරි කිව්ව ගමන් කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව වීරයින් වෙන්න යනවා. එහෙම රටක් එහෙම සමාජයක් හදන්න කෙලින් තීරණ ගන්න පාලකයින් අවශ්‍යයි... ජනාධිපතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කළේ එවැනි සෘජු සහ දැඩි පාලනයක් වුණත් එය සිදු නොවුණු නිසා ඇති වූ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්නේ. සමස්ථ රාජ්‍ය සේවය තුළමත් එවැනි දැඩි තීන්දු ගත යුතු වන අතර එලෙස දැඩි තීන්දු ගත හැකි අයට ඒ ඒ ආයතනවල පාලනය බාරදිය යුතුව ඇත. වල්බූරු නිදහසේ අවසානය වල්මත් වීම සහ විනාශයයි. එබැවින් ඔබගේ සෘජූ තීරණය බහුතර ජනතාවක් අගය කරනු ඇති අතරම එය සාර්ථක වේවායි සුබ පතනු ද ඇත.
සුජිත් පල්ලේවත්ත Monday, 02 May 2022 11:53 AM
ඇත්ත කතාව. මමත් මේ තීරණයට එකඟයි, සතුටුයි. මෙවැනි අත්‍යාවශ්‍ය සේවාවන් කඩාකප්පල් නොකර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කාලෝචිත ක්‍රියාමාර්ගයක්... මග අත්හිටුවන්නේ නැතුව අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න.
වර්ණකුලසූරියMonday, 02 May 2022 02:37 PM
එක්කෙනෙක් දැඩි තීන්දු තීරණ ගන්න ගිහින් අන්තිමට රටක්ම විනාශ කරලා මට වැරදුණා කියන්න සිදුවුන බව අමතකයි වගේ. අද පාලකයින් තීන්දු, තීරණ ගන්නේ තමන්ගේ බලය රැක ගැනීමටත්, තමන්ගේ පවුල් බලය වගේම තමන්ගේ මඩිය තරකර ගැනීමටත් බව තවමත් තේරුම් නොගත් අයද සිටියි. අද මෙතුමගේ මාධ්‍ය සාකච්ඡාවක් අහලා එපා වුණා. එතුමා කියන දේ එතුමාවත් නොදන්නා බවයි අසන්නාට තේරුම් ගියේ. ළදරුවන් වැනි පාලකයින් ගන්නා දැඩි තීන්දු තීරණ අවසානය විනාශයක්ම වී ඇත.
suboda Monday, 02 May 2022 12:09 PM
ජනාධිපතිවරයාගෙන් ජනතාව අපේක්ෂා කළේ එවැනි සෘජු සහ දැඩි පාලනයක් වුණත් එය සිදු නොවුණු නිසා ඇති වූ ප්‍රතිඵල තමයි අද භුක්ති විඳින්නේ. සමස්ථ රාජ්‍ය සේවය තුළමත් එවැනි දැඩි තීන්දු ගතයුතු වන අතර එලෙස දැඩි තීන්දු ගතහැකි අයට ඒ ඒ ආයතනවල පාලනය බාරදිය යුතුව ඇත.
Hafeel Monday, 02 May 2022 12:57 PM
ජනාධිපති හැමවිටම සන්නද්ධ හමුදාව කැඳවනවා. දැන් බලශක්ති ඇමැති දැඩි තීරණයක... මෙහෙම තමයි මහින්දානන්ද, බන්දුල, සරත් වීරසේකර, ගම්මන්පිල, අලි සබ්රි සේරම දැඩි තීරණ අරන්, අවසානයේ ඇමැතිකමත් දාලා යන්න වුණා. මෙයාලාගේ දැඩි තීරණ සේරම කටට එන වචනවලට සීමාවෙලා මිස රටේ ප්‍රශ්න නම්, විසඳිලා නැහැ.
Pradeep Monday, 02 May 2022 01:45 PM
ගන්න තීන්දු ප්‍රායෝගික විය යුතුයි.. නැතිනම් අන්තිමට දුක් විඳින්නේ ඇමැතිවරු නෙවෙයි. සාමාන්‍ය ජනතාව... මේ ගොල්ලන්ටත් හොඳ අවස්ථාවක්... තෙල් හිඟය බවුසර් පිටට දාලා ඉන්න පුළුවන්.
යකාගෙ නීතිය Monday, 02 May 2022 02:36 PM
මෙතන තියන අදහස් දැක්කාම හිතාගන්න පුළුවන් අපේ රටට යන කලදසාව. හැමෝම කරන්නේ මහජනයාට හිරිහැර වෙන දේවල්. ඒවාට හුරේ දාන පිරිස ඉන්නකන් රට හදන්න බැහැ. ආණ්ඩුවේ අඩුපාඩු, වැරැදි තියනවා ඉහටත් උඩින්. නමුත් මේවා කාලයක් තිස්සේ එකට ඇමිණුනු දම්වැල් පුරුක් මේ අවසාන පුරුක. එතැනයි අවුල.. නමුත් අවුරුදු දෙකක් පාසල් වහලා තිබ්බා. අඩුපාඩු ඇතුව හෝ ළමුන්ට දුරස්ථ අධ්‍යාපනේ දෙනකොට වැඩිපඩි ඉල්ලලා මාසගාණක් ඒක ඇදලා තමන්ගේ වැටුප වැඩිකර ගත්තා. ඒ කියලා ළමයින්ට එක විනාඩියක් වැඩියෙන් ඉගැන්නුවාද? අන්තිමට කොහොම කොහොම හරි පාසල් පටන්ගත්තා. මේ සති තුනට එක දවසක් හර්තාල් කියලා ලෙඩ නිවාඩු දැම්මා. ඊළඟ සතියේ සමස්ත වැඩවර්ජනේට සහයෝගේ දීලා තව දවසක් කාලා දැම්මා. දැන් අමාරුවෙන් තෙල්ටික ගෙනැල්ලා පෝලිම්ටික අඩුකරගෙන යනකොට ඒ බෙදා හැරීම අඩපණ කරන්න මේ අය වර්ජනය කරලා. මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේ අයට බැරිනම් යන්නලු.. හැබැයි ගන්න කෙනෙක් නැහැ. ඔක්කෝටම මස් රාත්තලම ඕනේ... ඔය මස් රාත්තලම ඉල්ලන අය අරගත්ත ගමන් මේ ප්‍රශ්නෙ විසඳෙනවද? ඔක්කෝටම ඕනේ බලේ පාලකයින්ට ඕනේ... එහෙයි කියන මෝඩ ජාතියක් එහෙම අය ඉන්න තාක්කල් ඔවුන් ගොඩ. මේවා 1990න් පස්සේ ඉපදුණු අයට තේරෙන්නේ නැහැ..
WCA Monday, 02 May 2022 03:31 PM
ඔන්න බලන්න මෙයා නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ.. අන්තිමට, තෙලුත් නෑ. මේක මේ අයට තෙල් නැති හින්දා ගහපු ගැටයක් කියලයි මට හිතෙන්නේ... දැන් තෙලුත් ඕනේ නෑ... කිසි කෙනෙක් කතාකරන්නෙත් නෑ...
Rex fernando Tuesday, 03 May 2022 08:42 PM
දුම්රියෙන් ස්ටේෂන් එකට ගෙනැල්ලා ෂෙඩ් එකට බාල්දි වලින් අදිනවා. මෙයාගේ ටිකිරි මොලේ කොහොමද?
ජිලානි මොහිදීන් Wednesday, 04 May 2022 01:57 PM
විෂය පිළිබඳ මෙලෝ දැනුමක් නැතුව සිංහයා වෙන්න හදන බවක් තමයි මට දැනෙන්නේ...