IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


බිල් ගෙවන්න සල්ලි නෑ:තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ

(උපුල් හේරත්)

අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන් එම නිවෙස්වල පාසල් දරුවන්, සිඟිති දරුවන් සහ වැඩිහිටියන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි ගම්වාසීහු පවසති.

විදුලිබිල ඉහළ යෑමත් ස්ථීර ආදායම් මාර්ග නොමැති වීමත් නිසා තමන්ට විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි වී ඇතැයි ද ගම්වාසීහු පවසති.

තමන් මුහුණ බී ඇති ආර්ථික දරිද්‍රතාවය නිසා නැවත විදුලිය ලබා ගැනීම සිහිනයක් යැයි එම නිවෙස් හිමියෝ පවසති.

තන්තිරිමලේ, ඉහළ ගෝනෑව, තම්බියාව, සඳමල්එළිය ඇතුළු ගම්මාන රැසක පදිංචිකරුවන් සෘජුව මෙම ගැටළුව බලපා ඇති බව අප කළ සංචාරයේදී දැකගත හැකි විය.

දවල්ට සහ රෑට එකවේලාක් ආහාරයට ගන්නා මෙම පිරිස වල් අලින්ගෙන් ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් ඉහළ ගෝනෑව,තම්බියාව ප්‍රදේශයේ පදිංචි එච් සමරකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.

ජීවත්වෙන්න බැරිම තැන ගමේ හත් අට දෙනෙක් එකතුවෙලා කුලියට ඩිමෝ බට්ටෙක් ඇරගෙන හැතැක්ම 25ක් පමණ දුර පිහිටි අසිරික්ගම යන මුස්ලිම් ගම්මානයේ කුලී වැඩට යනවා.දවස් දහයකට පසු ඒ වැඩ කරලා ආපසු එනවා.රුපියල් 2500න් රුපියල් අටසීයක් විතර දවසකට වියදම් වෙනවා. ඉතිරි මුදල ගෙදරට වියදම් කරනවා. සමෘද්ධියක් ලැබුනට ඒක සෑහීමකට පත් වෙන්නෙ නෑ. මේ වන විට බිරිඳක් දරුවොත් කරුවලේ ගෙදරට වෙලා ඉන්නවා. රුපියල් හතළිස් පන්දහසක් ගෙවා ගන්න බැරිව විදුලිය විසන්ධි කරේ ,විදුලි රැහැණක් ගලවාගෙන ගිහින්. දැන් තියෙන ආර්ථික තත්වය අනුව ආයෙ මට කවදාවත් ලයිටි ගන්න බැරිවෙන බව කදුළු සලමින් කිවෙිය.

ඉහළ ගෝනෑව,තම්බියාව ලිපිනයේ පදිංචි එච් රාජකරුණා (48) යන අය මෙසේ කියා සිටියේය. මගේ විදුලියත් විසන්ධි කළා. දවසකට රුපියල් දෙතුන්සීයක්වත් ඉතිරි කර ගන්න බැරිව තිබියදී අපි කොහොමද මෙතරම් මුදල් කන්දරාවක් ගෙවන්නේ. විදුලි බිල විතරක් නම් කමක් නැහැ.ඒකට වැට් එකතු කරල,දැන් ඒ බිලේ මුළු එකතුව එකට තුනක්.දවසේ එක වේලක් කන අපිට නැවත විදුලිය ගන්නා එක නම් හීනයක් යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කකයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සිරි කුලරත්න මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය. තන්තිරිමලේ ප්‍රදේශයේ විදුලි පාරිභෝගිකයින් එකසිය පනස් පස් දෙනකුගේ විදුලිය විසන්ධි කළා. ඉන් 75 දෙනෙකු නැවතත් විදුලිය ලබාගෙන තිබෙනවා.

තන්තිරිමලේ ප්‍රදේශයේ ගම්මාන කිහිපයක පදිංචිකරුවන්ගේ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් මහවිල්ලච්චය ප්‍රාදේශීය ලේකම් මංජරී සී.චන්ද්‍රදාස මහත්මියගෙන් කළ විමසීමකදී මෙසේ කීවාය. විසන්ධි කළ විදුලි බිල ගෙවීම සඳහා රජයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නැහැ. එහෙත් මේ වන විට විවිධ ස්වේච්ඡා සංවිධාන මගින් ආධාර උපකාර කරන බවට තොරතුරු ලැබී තියෙනවා. ස්වයං රැකියාවක් සඳහා ඉල්ලුම් කරන්නේ නම් ඒ සඳහා සොයා බලා අවශ්‍ය කටයුතු කළ හැකියි.



අදහස් (5)

බිල් ගෙවන්න සල්ලි නෑ:තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ

Perera Tuesday, 05 March 2024 07:41 AM

පොහොට්ටුවට ගිය පාර ඡන්දෙ දීපු අය, මේ පාරත් ඔවුන්ටම දීපල්ලා..

:       0       0

pina Tuesday, 05 March 2024 08:48 AM

පව් අසරණ මිනිස්සු .රටේ නායකයාට උතුරට ගිහින් නල්ලූර් කෝවිලට වඩා ලොකු කෝවිලක් හදලා දෙන්න පොරොන්දු උනා.මේ අසරණ සිංහල මිනිස්සුන්ගේ දුක පේන්නේ නැහැ.වතුකරේ සුද්දා වෙනුවෙන් ආපු මිනිස්සුන්ගේ අයිතිය වෙනුවෙන් පෙනීසිටිනවා .නමුත් රජවෙන්න චන්දෙ ලැබුනේ මේ අසරණ සිංහලයන්ගෙන් විතරයි

:       0       6

රංබොඩ Tuesday, 05 March 2024 09:31 AM

මේවා තමයි සැබෑ ප්‍රශ්න මිනිසුන් මුහුණ දෙන. ටයි මාමලාට මේවා කවදාවත්ම අවබෝධ කරගන්න බෑ. ඡන්දයක් කිට්ටු වුණාම හඳේ ගෙවල් හදන්න හදනවා.

:       0       7

thepanis Tuesday, 05 March 2024 09:37 AM

ඒ ගම්වැසියන්ට සෞබාගේ දැක්මයි යහපාලනයයි එකවර උදාවෙලා

:       0       4

Jayasekara Tuesday, 05 March 2024 09:50 AM

කාලකන්නි පාලකයොයි ,දූෂිත ආයතන ලොක්කොයි ඉන්නකල් අහිංසක ජනතාවට ඔහොම තමයි .මුන් හිටියොත් රටේ තත්වේ තවත් දරුණුයි .අලුත් පාලනය වෙනසකට දැන්නම් හොඳම කාලේ තමයි

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

උප්පැන්න
2024 ඔක්තෝබර් මස 03 50 0

උප්පැන්න සහතික නොමැති ළමුන්ට ඒවා ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.


බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 74 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 58 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 228 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 557 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


හිටපු ජනපතිගේ පෞද්ගලික ලේකම් සී අයිඩියට කැඳවයි
2024 ඔක්තෝබර් මස 03 15 0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38755 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site