(එම්.සුසිල් ප්‍රියන්ත සහ එස්.ඒ.වයි ද සිල්වා )
බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද අද (30) නියම කළේය.
වසර 09කට ඉහත කළ වරද සඳහා නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 15000/-ක දඩයක්ද නියම කළ විනිසුරුවරයා වසර 30ක සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද නියම කළේය.
චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ ආර්”එම්” මර්වින් නමැත්තාටය.
2004 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා 03ක් යටතේ නඩු පවරා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
විත්තිකරුට එරෙහහි එක් චෝදනාවකට වසර 10 බැගින් චෝදනා 03ට වසර 30ක සු`ථ වැඩ සහිත සිරදඬුවම් නියම කොට සිරදඬුවම වසර 10ක කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් 5000/- බැගින් චෝදනා 03ට රුපියල් 15000/-ක දඩයක් නියම කළේය.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 17 කිම්මං තුඩාව ප්‍රදේශයේදී ලොරියක් පෙරළී යාමෙන් අධිවේගී මාර්ගය මුළුමනින්ම ඇහිරි කිලෝමීටර් හතරකට අධික දුරක් දැඩි රථ
‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතූන් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලය තුළ මහනුවර ප්‍රදේශයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය සහ ව්‍යාප්තිය වැලැක්වීම සඳහා විශේෂ ස
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කර ප්‍රතික්ෂේප වූ නාමයෝජනා පත්‍ර අධිකරණ තීන්දුවට අනුව නැවත මැතිවරණයට ඇතුළත් කිරීමෙන් තැපැල් සහ නිල ඡන්ද පත්‍රිකා නැව ම
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශ
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස මෙම මස 27 වැනි ඉරිදා යොදාගෙන ඇති බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.
ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල්-ධලයි මහතා සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් අද (18) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බාල දැරියක් කෙළෙසූ හිටපු විදුහල්පති වසර 30 ක් හිරේ