IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බාල පොහොර දෙන සමාගම් අසාදු ලේඛනයට

 

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර සපයන ආයතන තත්ත්වයෙන් බාල කාබනික පොහොර සැපයූවහොත් එම සමාගම් අනිවාර්යයෙන්ම අසාදු ලේඛනගත (Black List) කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කාබනික පොහොර නිෂ්පාදනය කරන ඇතැම් සමාගම් 2021 මහ කන්නයේ දී කාබනික පොහොර යැයි හඳුන්වමින්  වැව් පස්, දහයියා පුළුස්සන ලද අළු, ටයර් දමා පුළුස්සා කළු පාට කරන ලද පස් ගොවීන්ට නිකුත් කළ බව ජාතික ගොවි සමුළු නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යවරයා හමුවේ පැවසීය.

 කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී ජාතික ගොවි සමුළු නියෝජිතයින්  මෙම කරුණු අනාවරණය කළ අතර මෙවර මහ කන්නයේදී කාබනික පොහොරවල ප්‍රමිතිය සහතික නොකර ගොවීන්ට නිකුත් නොකරන ලෙස ඔවුහු අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් කාබනික පොහොර සාම්පලවල ප්‍රමිතිය පරීක්ෂා කරන අතරම, ගොවිජන මධ්‍යස්ථාන මඟින් ගොවීන්ට මිලදී ගැනීම සඳහා සපයන කාබනික පොහොර සියල්ලම වරින් වර පරීක්ෂාවට ලක් කිරීමටත්, ප්‍රමිතියෙන් උසස් කාබනික පොහොර පමණක් ගොවීන්ගේ තෝරා ගැනීම යටතේ මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 කාබනික පොහොර මිල දී ගැනීම සඳහා එක් ගොවියෙකුට රුපියල් 20,000ක මුදලක් රජය මඟින් සහනාධාර වශයෙන් ලබා දීමට නියමිත බවත් අමාත්‍යවරයා කීය.



අදහස් (1)

බාල පොහොර දෙන සමාගම් අසාදු ලේඛනයට

de silva Thursday, 13 October 2022 02:47 PM

ලොක්කා අර අසූචි පොහොර නැවු පිටින් ලංකාවට ගෙන එන්න කටයුතු කරපු දේශපාලකයින් අසාදු ලේකන ගත කරන්න බලාපොරොත්තුවක් නැතිද?ඔය කුණු රොඩු කාබනික පොහොර කියලා විකුනපු සමාගම් අසාදු ලේඛන ගත කරලා මදි.එවැනි වංචා කල සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න ඕන

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 22 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 90 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 201 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 159 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 267 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2620 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24963 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18848 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1837 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site