IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බාල බෙහෙත්වල කැරපොතු කොටස් - වීදුරුකෑලිත් තිබිලා

(සුජිත් හේවාජුලිගේ)
මෑත කාලයේදී  මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන් ද තිබී හමුවූ බව ජාතික  විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙයට අමතරව දෘශ්‍ය අංශු පැවැතීම, පෙති  කැඩී යාම, වර්ණය වෙනස්වීම, නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර ජීවී ආසාදන වැනි ලක්ෂණ සහ විවිධ ප්‍රතිපල රැසක් ද එම ඖෂධවලට අදාළව   හඳුනාගෙන තිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ හේතුවෙන් ඖෂධ රැසක් භාවිතයෙන් ඉවත් කර තිබූ බව ද ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙසේ කැරපොත්තන් සහ වීදුරු කැබලි හමුවී ඇත්තේ ප්‍රතිජීවක ඖෂධ, ආසාත්මිකතා, ඇඳුම, පිළිකා, හෘද රෝග, අක්ෂි ආසාදන  හා වකුගඩු රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ගවලය.
රජයේ රෝහල් සඳහා පසුගිය 2022 වර්ෂයේදී නිකුත් කළ වෛද්‍ය සැපයීම්වලින් රුපියල් කෝටි 35 ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබූ බවත්  තවත් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීම හේතුවෙන්  භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ බවත් එහි සඳහන් වේ.
මෙම තත්වය ගැන  විගණන නිලධාරින්  වසර ගණනාවක් තිස්සේ අනාවරණය කළ ද අවම කර ගැනීමට කටයුතු කර නොතිබුණු බව පවසන එම වාර්තාව පසුගිය වර්ෂයේදී පමණක් රුපියල් කෝටි 24 248කට වැඩි වටිනා ඖෂධ තත්වයෙන් අසමත්වීමෙන් භාවිතය අත්හිටුවා තිබූ බව ද  සඳහන් කරයි.
මේ අතර සැපයුම්කරුගේ සුදුසුකම් හා ඖෂධයේ තත්වය පිළිබඳව පරීක්ෂා කිරීමෙන් තොරව ඖෂධ සැපයීමට පහසුකම්  දීමෙන් ඖෂධ සම්බන්ධයෙන් අවදානමක් මතුවන බව විගණන නිලධාරීන් නිරීක්ෂණය කර ඇත.
මේ අතර ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් අය කර ගත යුතුව ඇති රුපියල් කෝටි එකසිය හතළිහකට වැඩි මුදලක් මෙතෙක් අය කරගෙන නොතිබූ බව ද  විගණන  වාර්තාවේ දැක්වේ.

 



අදහස් (6)

බාල බෙහෙත්වල කැරපොතු කොටස් - වීදුරුකෑලිත් තිබිලා

Asela Sunday, 26 May 2024 09:33 PM

මේ වංචාවන්ට සම්බන්ධ සියලුම දෙනා ගෝල්ෆ් පිටියට ගෙනල්ලා ප්‍රසිද්ධියේ වෙඩිතබා බුලට් එකේ සල්ලිත් උන්ගෙ පවුල්වලින් අයකරගන්න ඕනේ.

:       0       14

anuranga7 Sunday, 26 May 2024 09:44 PM

රට ගොඩදාපු රනිල්ට ඊ ලඟ පාරත් පත්කරගමු

:       6       3

සෙනෙවිරත්න Monday, 27 May 2024 06:54 AM

ඇමති සහ නිළධාරින් තව තවත් නිරයේ පතුලටම ගිලේවා! ඉදිරියට මෙවන් හොරු, ඩීල් නැති පාලනයක් උදාවේවා!

:       0       7

NAMAL Monday, 27 May 2024 09:19 AM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .

:       3       4

NAMAL Monday, 27 May 2024 09:25 AM

බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ශාප වේවා !! හෙණ පහල වේවා ! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු

:       2       4

රෝයි ෆෙඩ්රික්ස් Monday, 27 May 2024 11:52 AM

ඔහෙනම් ඕවා අරූටම පොවමු. කෙහෙල් අලය ඇප ඉල්ලුවේ එයාට ලෙඩ හැට හුටාමාරක් තියෙනවා බෙහෙත් කන්දරාවක් බොන්න තියෙනවා කියලානේ. බලෙන් පොවන්න ඕනේ හිරකාරයෝ ලව්වා... ඉඳා බීපිය කෙහෙල් අලය කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 57 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 232 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි
2024 සැප්තැම්බර් මස 28 132 0

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 3976 1

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 531 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 2109 8

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37922 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24999 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 772 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 274 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site