IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘‘බාල බෙහෙත් සිද්ධියට ගොඩක් අය ඉන්නවා‘‘

(මුදිතා දයානන්ද)

බාල එන්නත් ගෙන්වීමේ ජාවාරම පිටුපස හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පමණක් නොව ඊට පෙර සිටි සෞඛ්‍ය ඇමැතිවරුන් කිහිප දෙනකු ද සිටින බවට සැකයක් පවතින්නේ යැයි ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ඔහු මේ බව පැවැසුවේ, බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යලයේදී පැවැති මාධ්‍ය හමුවකදී බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් මාධ්‍යව්දියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මීට පෙර පැවරූ බොහෝ දූෂණ නඩු විභාගවලදී ඒවාට සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට නොගත්තා සේම මෙම සිදුවීමට සම්බන්ධ දේශපාලනඥයන් ද අත්අඩංගුවට නොගන්නා බව ද ඔහු පැවැසීය.

මෙම ගනුදෙනුව කෝටි සියයක ගනුදෙනුවක් බව ද, අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා යැයි කියන පුද්ගලයා එවැනි කොන්ත්‍රාත්තුවක් කළ හැකි මට්ටමක කෙනකු නොවන බව ද, ඔහු මෙහි එක ඉත්තකු පමණක් බව ද ජයතිස්ස මහතා කීය.

ජනාධිපතිවරයා රට පුරා තැන තැන ගිහින් විශ්වවිද්‍යාල හදන්න පොරොන්දු දුන්නත්, අලු‍තෙන් ආරම්භ කළ වෛද්‍ය පීඨ තුන මගින්වත් ගුණාත්මක වෛද්‍යවරුන් මෙරටින් බිහි කරගැනීම සඳහා කිසිදු සැලසුමක් නැතැයි ද ඔහු පැවැසීය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අනුමත කළ වෛද්‍ය පීඨ අටක් රටේ පවතින අතර, වයඹ, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවලට අනුබද්ධව තවත් වෛද්‍ය පීඨ අටක් රජය ආරම්භ කළ බව ද, එහෙත් ඒවාට වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත හැකි අඩුපාඩුකම් සැපිරීමට තවමත් පාලකයන් අසමත්ව ඇතැයි ද ජයතිස්ස මහතා කීය.

මේ වෛද්‍ය පීඨවල ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට පුහුණුව ලැබීම සඳහා ශික්ෂණ රෝහලක් අවශ්‍ය පහසුකම් සහිතව ගොඩනගා නැති බව ද, අවශ්‍ය කරන මහාචාර්ය ඒකකයන් ගොඩනගා නැති බව ද, මේ නිසා මේ පීඨවල ඉගෙන ගන්නා සිසුන් විශාල පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද ජයතිස්ස මහතා පැවැසීය.

 



අදහස් (1)

‘‘බාල බෙහෙත් සිද්ධියට ගොඩක් අය ඉන්නවා‘‘

ක්රිෂ්ණා Sunday, 24 December 2023 09:11 PM

අර්බුධ තියෙන තරමට නලින්දලාට හොඳයිනේ....කියව කියවා ඉන්න පුළුවන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල හමාස් ගැටුම ආරම්භ වී වසරක්
2024 ඔක්තෝබර් මස 07 91 0

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගුවනින් මෙන්ම ගොඩබිමින් ද ප්‍රහාර ආරම්භ කර අද (7) ට වසරක් සපිරේ.


නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 1356 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 956 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 543 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 361 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1321 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39224 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25610 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1097 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 384 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site