( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ ජනතාවට "බූස්ටර්" එන්නත ලබාදීමට තීරණය කිරිම ඉතා සාධනීය පියවරක් බව මෙරට සිටින කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පවසයි.
ශ්‍රී ලංකාව එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා යහපත් අයුරින් කළමනාකරණය කරමින් පවත්වාගෙන බව කැනේඩියානු මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා සමග පැවැති හමුවක දී කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා මේ බව ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
මෙම සාකච්ඡාවේදී කැනඩා රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක් වටිනා සිරින්ජර් සහ සෞඛ්‍ය උපකරණ තොගයක් ද කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත සංකේතාත්මකව පිරිනැමිණි.
එම හමුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය ද එක්ව වූවාය.
මෙරට ක්‍රියාත්මක ගෘහස්ථ ප්‍රතිකාර වැඩ පිළිවෙල අතිශය සාර්ථක බවත් එය ලෝකයටම ආදර්ශයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය එහිදි ප්‍රකාශ කර තිබේ
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බූස්ටර් එන්නත දීම ගැන ලංකාවේ කැනඩා මහ කොමසාරිස්ගේ ඇගයුමට
Sriland Sunday, 07 November 2021 01:39 AM
ඒගොලන්ගේ බඩු, අපේ අය 3ක් මදි කියලා 4ත් ගහන්න කියයි.
Donald Sunday, 07 November 2021 09:13 AM
ලෝකයේ ඡනගහනය අඩු කරන උත්සාහයේ දේ ලංකාව පෙරමුණ ගැනීම අතිවිශිෂ්ටයි තව වැච්සින් බූස්ටර් දෙකක් තුනක් අපි එවන්නම්කො ලබන අවුරුද්දේත්. වැක්සින් ගහල අතුරු අසනීප අමාරුවලට අපේ බේත් එවන්නම් නොමිලේ. එතකොට අපිට ඒ ගමන්ම අපේ බෙහෙත් වැඩ කරනව ද කියලත් ටෙස්ට් කර ගන්න පුලුවන්.
Donald Sunday, 07 November 2021 09:36 AM
ලෝක ඡන ගහනය අඩු කිරීමේ පරීක්ෂණයේ දි ලංකාව සහ දකුණු ආසියාවේ නුඹලා තමයි පලමු තැන! නුඹලාට තව බූස්ටර් එවන්නම් ලබන අවුරුද්දේත්. අප්‍රිකාවට ත් යවනවා. වැක්සින් ගහල අතුරු ආබාධ ආවොත් අපි බේත් දෙනව උඹලට නිසා අඩු මිලට. එතකොට අපේ බේත්වල කොලිටියත් ඔය ගමන්ම පරීක්ෂා කර ගන්නත් පුලුවන්. අපි තව අලුත්ම වැක්සින් දෙනව මේ වැක්සින්වලින් වැඩේ උනේ නැත්තනම්.
එන්නත්පාල Sunday, 07 November 2021 11:34 AM
වැඩ පිළිවෙලක් තියනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ලංකාවේ උඹලයි, දකුණු ආසියාවයි තමයි පෙරමූණේ ඉන්නේ. තව බූස්ටර් අපි උඹලට එවනවා. මාස දොළහට දොළහක් වුණත් උඹලා ආසාවෙන් ගහගන්නවනේ. මේ ගමන් අතුරු ආබාධ ආවොත් කියපල්ලා අපේ බේත් දෙනවා... උඹලාට එතකොට බේත්වල කොලිටිය බලන්න කරන පරීක්ෂණෙත් ඒ ගමන්ම ඉවරයි...