එක පන්තියේ එක ලෙසටම උන්නාට
ඇඳුමක්-පැළැඳුමක් නැති කළ මිතුරාට
පත-පොත ඇඳුම් දුන් නෙත තෙත්වී ඊට
බෝසත් සිතක් නොමවෙද මේ දරුවාට
කවිය : ආරියසේන හඳුවල
(නිමල් ජයරත්න)
ඉරුණු නිල ඇඳුමක් ඇඳගෙන ආ තෙවන වසරේ පාසල් සිසුවකුට එම පන්තියේම සිසුන් කළ උසුළු විසළු නොඉවසූ එහි තවත් සිසුවකු තවත් දරුවෙක් එම දරුවාට අලුත් ඇඳුමක් ලබාදීමට කාරුණි වූ පුවතක් වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයෙන් වාර්තා වෙයි.
එහි තුන්වැනි වසරේම ඩබ්ලිව්.ආර්,ඒ. සනුල හන්සන් විජේසුන්දර නමැති සිසුවා මෙම සත් ක්‍රියාව සිදුකර ඇති බව ලුම්බිණි ප්‍රාථමික විදුහල්පති දෙල්විට මෙත්තාලංකාර නා හිමියෝ පැවසූහ.
සිසුවාට උසුළු විසුළු කරනු දුටු සනුල හන්සන් ඒ බව තම මව්පියන්ට පවසා ඔවුන්ගේ ද සහාය ඇතිව මෙසේ අලුත් ඇඳුමක් ලබා දීමට කටයුතු කර ඇත.
තම පන්තියේ ඉරුණු ඇඳම් ඇඳගෙන ආ මිතුරාට අනිත් සිසුන් විහිලු, තහලු, හා කෝචොක් කරන සිද්ධිය දුටු සනුල හන්සන් මව්පියන්ට පවසා තිබේ,
පසුව මවුපියන් සමඟ වැලිකන්ද නගරයට ගිය සනුල තම මිතුරාට ඇඳුම් සපත්තු ලබාදෙන බව මවුපියන්ට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මසා නිම කළ එම ඇඳුම් කට්ටලය රැගෙන, මව්පියන් සමග මොනරතැන්න ගම්මානයේ යාළුවාගේ නිවසටම ගොස් එවා ලබා ඇති බවද මෙත්තාලංකාර නාහිමියෝ සඳහන් කළහ,
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බෝසත් සිතක් නොමවෙද මේ දරුවාට
කසුන් Friday, 19 May 2023 05:47 AM
සනුල දරුවා ගැන ඉතා ආඩම්බරයි. ඕක නොදැක්ක වගේ එච්චර කල් හිටපු ගුරුවරු ටික ගැන කනගාටුයි.
ජෝෂොෆ් Friday, 19 May 2023 05:55 AM
ඇත්තටම මට එම පුතණුවන් ගැන හරිම සතුටුයි ඒත් ඉතින් පංතියභාර ගුරුභවතා හෝ භවතිය ගැන හරියට දුකයි මට මිට්ට තට්ටේ සහ සංගමය මතක් වුනා
Ariyapala T. Hewage Friday, 19 May 2023 06:47 AM
මේක අනිත් අයටත් ඇස් අරින්න ලොකු ආදර්ශයක්. සුභ පැතුම් සනුල
Chin Friday, 19 May 2023 07:37 AM
Media වල යා යුත්තෙ මෙවැනි news.
Sam Friday, 19 May 2023 07:47 AM
මීඩියා වල යායුතු නිවුස් මේවා තමයි.
මැක්ස් Friday, 19 May 2023 08:03 AM
මෙවන් හෘදයාංගම පුවත් සේ ම ආදරණීය පුතුන් පිළිබඳ කියැවීමට සහ දෑන ගන්නට ලැබීම වාසනාවකි. මෙම සද්ක්‍රියාව සිදු කිරීමට මූලික වූ ඒ දරැවා සැබෑම පුත්‍ර රත්නයකි. ඔහුටත්, ඊට උදවු උපකාර කළ දෙමාපියන්ටත්, නිසි ඇගැයීමක් කරමින් පුතු දිරි ගැන්වීමට කටයුතු කළ විදුහල්පති ස්වාමීන් වහන්සේටත් ගෞරවාචාරය වේවා!
wathsala Friday, 19 May 2023 09:02 AM
බුදු සරණයි පුතාට....! සියළු දෙවියන් ආරක්ෂා කරත්වා!.
CC Friday, 19 May 2023 09:13 AM
අනුන්ට මුහුණ දීමට සිදුව ඇති කටුක තත්ත්වය පිළිබඳව තම හදවත උනුවන,සහකම්පනයෙන් (empathy) පිරුණු සිත් ඇති වටිනා දරුවන් අනාගත ලෝකයට වැඩයෙන් අවශ්‍ය වී ඇති මොහොතක ඔබ වැනි විශ්ෂ්ඨ දරුවන් තම ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වා ඇත්තේ අපේ රටේ අනාගතය අප සිතන තරම් අදුරු නොවන බවයි. මේ පුතාගේ මේ සත් ක්‍රියාව ලොවටම ආදර්ශයක් ,මේ දරුවාගේ දෙමාපියන්ට ,ගුරුවරුන්ට මහත් ආඩම්බරයක් මේ විදුහල් මාතාව ඔබ වැනි වටිනා දරුවන් පිළිබඳ අනාගතය තුළ ආඩම්බරයෙන් කථා කිරීමට අවැසි සටහන් ඉතිහාසය තුළ නොමැකෙන ලෙස සනිටුහන් කරනු ඇත. සනුල හසන් පුතනුවණි ඔබගේ අනාගතය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා ,අධ්‍යාපනයේ නිම් වලලු පුළුල් කරමින් ලක් මව බබලවන මහා උගතෙක් වෙන්නට ඉත සිතින් ප්‍රර්ථනා කරමි.ඔබට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා!!
Nihal Friday, 19 May 2023 01:08 PM
කාගම සිරිනන්ද ස්වාමින් වහන්සේ මතක් වුණා, දරුවන් දෙදෙනාම මහන්සියෙන් කැපවී ඉගෙන ගන්න, වාසනාවන්තු අනාගතයක් සිකුරුයි, මේ දරුවා මාධ්‍යයට ගෙනත් තවත් ඇගයීමට ලක්කර අනිත් දරුවන්ට පාඩමක් ඉගැන්විය හැකියි...
Lalla Friday, 19 May 2023 01:36 PM
මහ පන්සල්වල එකතුවන කානිවල් 10% ලැබුණොත් රටේ පහසුකම් නැති පාසල් සිසුන්ට අවශ්‍ය දේ දිය හැකියි. එක V8 එකක් මිලියන තිහක්වත් වෙනවා.
SUNIL MILANO Friday, 19 May 2023 02:23 PM
මට මගේ පාසල් ජීවිතය මතක් වුණා. මගේ ඒ මිත්‍රයා අද ජීවිතයෙන් සමුඅරගෙන නමුත් ඒ සුන්දර මතකයන් සිතතුළ දෝරගලනවා. කෙසේ වෙතත් පුතේ නුඹට බුදු සරණයි. සැමදා යහපත් දේ ඉදිරියටම ගෙන යන්න. නුඹටත්, දෙමව්පියන්ටත් ගොඩක් පින්...
Wilson Friday, 19 May 2023 03:25 PM
වැලිකන්ද කියන්නේ කොහොමත් දුප්පත්කම වැඩි ප්‍රෙද්ශයක්... ප්‍රධාන හේතුව වැලිකන්දේ ඉන්න නිලධාරීන් අල්ලසට, දූෂණයට ලක්වීමයි. යුද්ධය නිසා අඩු ඉගෙනීමක් තියෙන්නේ. ඒ නිසා වැලිකන්දේ මිනිස්සු කිසිම දෙයක්.. ප්‍රශ්න කරන්නේ නැහැනේ. හරි අසරණයි. හොරා කන්න ඇති නිලධාරීන් හම්බ වුණු දවසට වැලිකන්ද දියුණු වෙනවා... බලාගෙන ඉද්දි. යුද්ධයෙන් බැට කාපු මිනිස්සු දැන් ආර්ථික ප්‍රශ්නවලින් බැට කනවා.
Nadadawa withanage sisira kumara Friday, 19 May 2023 07:25 PM
මනුස්සයින් සහ අමනුස්සයන් අතර වෙනසක් දුටුවෙමි...!
Resandi Friday, 19 May 2023 07:27 PM
හොඳ දරුවෙක් බිහිකරපු දෙමාපියන්ට සදා ණයගැතියි.