IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


බස්නාහිර පළාතට අගුලු දමයි

බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

බස්නාහිර පළාතෙන් කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

අද (11) දිනයේ සිට එළැඹෙන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා කිසිදු පුද්ගලයකු බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.



අදහස් (21)

බස්නාහිර පළාතට අගුලු දමයි

Purawasiya Wednesday, 11 November 2020 02:32 PM

සඳුදා රට ඇරියේ මක්කටෙයි..?

:       0       0

රජින්ද Wednesday, 11 November 2020 02:52 PM

එතකොට කොළඹ වැඩබිම්වල සේවය කරන කම්කරුවන් ගැන කිසිම තැකීමක් නොකර, ඒවායේ කාර්යාලවල වැඩකරන සේවකයින්ට නිවසේ සිට වැඩකිරීම වළක්වමින් වැඩබිම් වලට පැමිණීම අනිවාර්ය කරමින්, එම සමාගම් වල සමූහ වශයෙන් වැඩ කිරීමෙන් රෝගය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් නියෝග කළ කොරෝනා මර්ධනය කිරීමේ නීති තුට්ටුවකටවත් මායිම් නොකරන කොරියන්, චීන ලොක්කන්ට එරෙහිව කිසිවක් නොකර අපේම මිනිස්සුන්ව බිල්ලට දී රටේ ආර්ථිකය ගොඩදැමීම ගැන පමණක් සිතීම සෑහේදැයි නොදනිමි...

:       0       0

සර් Wednesday, 11 November 2020 02:55 PM

ඉඳල හිටල හොඳ වැඩත් කෙරෙනවනේ...

:       31       13

Rata Perata Wednesday, 11 November 2020 03:18 PM

නන්දසේන රට අරින්නේ, වහන්නේ වැසිකිලියේ දොර කියලා හිතාගෙනද කොහේද?

:       17       85

NMWednesday, 11 November 2020 10:29 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිනපතාම වගකිව යුතු නිලධාරීන් කැදවා covid - 19 මර්දනය කලයුතු ආකාරය පිලිබදව උපදෙස් ලබා දුන්නද රට තුල කිසියම් වූ ප්‍රගතියක් නොපෙන්වන්නේ කාගේ වරද නිසාද ? නිලධාරීන් ඔවුන්ගේ කටයුතු නිවැරදිව නොකරන නිසාද ? ජනතව නිලධාරීන්ගේ උපදෙස් පිලි නොපදින නිසාද ?

:       10       3

Loss dialThursday, 12 November 2020 09:59 AM

මෙවා මර්ධනයට උපදෙස් දෙන්න ගෝඨාට තියෙන සුදුසුකම කුමක්ද? අඩුම තරමෙ කියත් මගේ හරිහමන් වැඩ්ඩෙක් ඉන්නවද? නොදන්න දේවල්වල පොරවෙන්න හදනවා. මුලු රටම වලපල්ලට. 15 වෙනකම් දැම්මා. 16 වැනිදාට ඇනිවර්සරි තියන්න ඔන නිසා...

:       0       3

නන්දසේන Wednesday, 11 November 2020 03:36 PM

උතුර දකුණ මාරු වෙලා වගේ.. අරින්න කියල වහනවා. සිරිසේන එක්ක සෙල්ලම් බෑ....

:       10       54

Anuruddha Wednesday, 11 November 2020 03:45 PM

ගාමිණී කුමාරයා යුද්ධ කරනවා වගේ...

:       11       49

wicky Wednesday, 11 November 2020 04:44 PM

ඕක කළින්ම කළා නම් මෙච්චර පැතිරීමක් වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරයිද? ඊට අමතරව දැනුත් වහලනේ... එතකොටත් ඉතින් අපි වගේ ලොක්ඩවුන් කරලා දැන් සති ගාණක් ඉන්නවා. කළින් හිටියයි, පස්සේ හිටියයි කියලා වෙනසක් නැහැනේ. එකම වෙනස ආසාධිතයෝ ගාණ අඩුවෙලා මරණ ගාන අඩුවෙන්න තිබ්බා.

:       0       0

Thilina Wednesday, 11 November 2020 05:27 PM

සමහර අදහස් දැක්කාම යමක් කියන්න ඕනේ කියලා හිතුනා. ඇත්තටම මමත් පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. රට වහනවට ගොඩක් අය කැමතියි. මට වුනත් ප්‍රශ්නයක් නැහැ මාස 3ක් 4ක්වත් යනකම් පඩි ගෙවන නිසා. ඒත් මේකේ රට වහනකම් බලන් ඉන්න අයට නොතේරෙන දේ තමයි අති බහුතරයක් මිනිස්සු එදිනෙදා කුලියක් වෙළදාමක් කරලා ජීවත් වන අය. ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි රටේ අති බහුතරයක් මිනිස්සුන්ට අසීමිත ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා රට වැහුවම.. අපි අපේ වගකීම කොච්චර දුරකට ඉටු කරනවද කියලා පාරට බැහැලා බලන්න. කොච්චර කිව්වත් මාස්ක් එක හරියට දානවද? මීටරයක් දුරින් ඉන්න කිව්වට ඉන්නවද කියලා. නිකන් කකා බිබී ඉන්න මිනිස්සුන්ට රට වැහුවට කමක් නැහැ. ඉතින් රජයක් වුනත් හැම පැත්තක්ම බලන්න ඕනේ. මේක වසංගතක්. කාටවත් අත්දැකීම් නැහැ කොහොමද මේක 100% නිවැරැදිව පාළනය කරන්නේ කියලා. ඉවසීමෙන් වගකීමෙන් යුතුව හැසිරෙමු.

:       0       1

RGN Wednesday, 11 November 2020 05:56 PM

රටේ ජනතාවටත් වගකීමක් දෙන්න. හැමදේම රජයෙන් කරනකන් බලන් ඉන්න ජනතාවට පණිවිඩයක් දෙන්න.

:       0       0

Ashan Wednesday, 11 November 2020 07:40 PM

මේක තේරුමක් නැති වැඩක්. මොකද මේ වෛරසයේ පැතිරීම දින 14 ක් ඇතුලත වෙන්ඩ පුලුවන් ඉතින් මේ වගේ දවස් 4 නැත්නම් 5 වහන එකේ තේරුමක් නෑ. දින 14 හෝ 28 සම්පූර්ණයෙන් වැහුවනම් මේක පාලනය කරගන්ඩ පුලුවන්. කොහෙද මේක යුද්ධයක් කියලනෙ හිතං ඉන්නේ.

:       0       1

Wijebahu Wednesday, 11 November 2020 09:57 PM

සරත් ෆොන්සේකා නැත්නම් මෙගොල්ල තාම යුද්ද කරනවා.

:       0       2

banda Wednesday, 11 November 2020 10:17 PM

නොවැම්බර් 15 න් පස්සේ බස්නාහිර කොවිඩ් අවසන් වෙනවද.?

:       0       1

banda Wednesday, 11 November 2020 10:18 PM

දැන් අනාගෙන අවසන්, දැන් අපි කොරෝනා සමග ජීවත්වෙමු.

:       0       9

නුවන් Thursday, 12 November 2020 12:12 AM

ලංකාවේ ආර්ථිකයෙන් 41% වසා දැමීම හෝ අඩපන කිරීම කියන්නෙ මොකක්ද ? මේකෙන් ආර්ථිකයට මොකද වෙන්නෙ?

:       0       3

pakeer Thursday, 12 November 2020 03:00 AM

එකපාර සති 6කට රටම වහලා... සැක ඔක්කොම පිසිආර් කරලා ඒ එක්කම සැක ඔක්කොම නිරෝධානය කරානම් හරි.

:       2       5

bandaThursday, 12 November 2020 10:14 AM

ඔක්කොම පීසීආර් කරන්න පහසුකම් ලංකාවෙ තියෙනවද?

:       0       1

Galapara Thursday, 12 November 2020 05:06 AM

වට්ටි අම්මා කෙනෙක්ව සෞඛ්‍ය ඇමැති තනතුරට දාලා. රටම අනාථ කළා. දැන් ඉතින් රට ගොඩගැනිලි බොරු රජෝ.

:       0       0

සුමල් Thursday, 12 November 2020 06:26 AM

අපේ සහයෝගය ඔබටයි ජනපතිතුමනි, මීට ලංකා එක්සත් වඩේ වෙළඳුන්ගේ සංගමය.

:       0       0

Athula k Thursday, 12 November 2020 09:16 AM

මෙක කරන්න ඇත්තේ දීපවාලිවලට කොළඹ වැඩබිම් සහ කඩවල වැඩකරන වතුකරයේ ද්‍රවිඩ තරුණයින් යනඑක නවත්වන්න. වතු ආශ්‍රිත ජනතාව ඉන්නේ එකගොඩෙ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සමන් ද සිල්වාට ජනපතිගෙන් අවසන් ගෞරව
2025 අප්‍රේල් මස 29 45 0

ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සමන් ද සිල්වා මහතාගේ දේහයට ජනාධිපති අනුර දිසානායක මහතා අද අවසන් ගෞරව දැක්වීය.


බටලන්ද වාර්තාව නීතිපතිට යවයි
2025 අප්‍රේල් මස 29 45 0

“බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපති කාර


ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 1203 0

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 650 4

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 827 5

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 1247 13

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 37 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 19 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1053 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site