(දිල්රුක්ෂි ග්‍රේරූ සහ නිපුන් ගරුක)
පරිගණක පද්ධතියේ බිද වැටීම් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) සිට සති දෙකක කාලයක් අත්හිටුවීම තීරණය කළ බව බස්නාහිර පලාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.
පරිගණක පද්ධතිය වරින් වර බිඳ වැටීම් හේතුවෙන් දිවයින පුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු නොවන බැවින් පරිගණක පද්ධතිය යාවත්කාලීන කරන තෙක් තාවකාලික පියවරක් වශයෙන් බස්නාහිර පළාතේ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (13) දින සිට ඔක්තෝම්බර් 26 දින දක්වා සති දෙකක් සඳහා අත්හිටුවීමට අද (12) තීරණය කළ බව විජේතුංග මහත්මිය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් ICTA ආයතනය සමඟ සාකච්ඡා කර නිත්‍ය විසඳුම් ලබා දෙන තෙක් තාවකාලික පියවරක් ලෙස අද ( 12) දින සිට කල් ඉකුත් වු වාහන ආදායම් බලපත්‍ර ලබා දීම හා දෙසැම්බර් 31 දක්වා කාලය තුල ලබා ගත යුතු බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් 27 දින සිට ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දින වලදී බස්නාහිර පළාත් මෝටර්රථ දෙපාර්තමේන්තුව, කළුතර, ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්වලට අදාළව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් සිදු කරන බව විජේතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත් හිටුවයි
Sunil Wednesday, 13 October 2021 05:44 AM
ඉතාම කාර්යක්ෂම කාර්ය අංශයක්.