(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය.
මියගිය සියලු දෙනා පිරිමි පුද්ගලයන් බව පොලිසිය කියයි.
මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරත් සමග පොලිසිය,යුද හමුදාව සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක්ව බසයේ සිරවී සිටි පිරිස මුදා ගෙන රෝහලට රැගෙන ගොස් ඇත.
බසයට සහ ගසට සිරවිමෙන් තුවාල ලබා සිටි සිටි පිරිසෙන් පස් දෙනකු මෙසේ මියගොස් ඇත.
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දි ලංගම බස් රථයක් මතට විශාල ගසක් කඩාවැටීමෙන් 17 දෙනකු රෝහල් ගත කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය කියයි.
තවත් දෙදෙනකු බස් රථය තුළ සිර වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත.
කොළඹ සිට වැල්ලවත්ත දෙසට බස් රථය ගමන් කරමින් සිටියදී මෙම ගස බස් රථය මැදට ගස කඩා වැටී ඇතැයි පොලිසිය කියයි.
ඡායාරූප (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
රජය ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් හතෙන් කිසිදු ගිවිසුමක් පාර්ලිමේන්තුවේ සභාගත කර නැතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුම
ඇමරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් මුලින් ඇමරිකාව සමග සාකච්ඡා කළ යුතු අතර පසුව දේශීය වශයෙන් ප්‍රශ්න විසඳන ආකාරය ගැන සැලසුම් කළ යුතු බව හිටපු ජනාධිපති
ඇමෙරිකාව පැනවූ තීරු බද්ද ඉවත්කර ගැනීමට සාකච්ඡා මේසයට නොපැමිණ ඊට පිළිතුරු ලෙස පෙරළා බදු සහ අපනයන සීමා පැනවීම හේතුවෙන් චීනයේ සිට ඇමෙරිකාවට ගෙන්වන භාණ්
පිල්ලයාන්ගේ නීතිඥයා බවට ගම්මන්පිල පත්වීමත් සමග අතීතයේ සිදුවූ වංචා දූෂණ ඝාතන කොතරම් බරපතල දැයි එයින් පෙනී යන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයත
සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට අප්‍රේල් 21 සිට 25 දක්වා කාලයේ නිවාඩු ලබා
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට
චින්තක Friday, 06 October 2023 08:09 AM
ඔය ආසන්න ප්‍රදේශයේ විශාල වශයෙන් ගස් තියෙනවා ඉතාමත් හොදයි වනාන්තරයේ ඇවිදිනවා වගේ යන්න පුළුවන් ඒත් ඉතින් එම ගස් කල් ඉකුත්ව තිබෙන බව පේන නිසා ඉදිරි නොවැටෙන්න ක්‍රමයක් සැකසීම කලොත් මෙහෙම අනතුරු නොවෙන්න පුළුවන්
ABFriday, 06 October 2023 08:05 PM
කඩාවැටුණු ගස් සහ දිරාපත්වූ ගස් ඉවත් කලපසු නා පැල/ ගස් ( National Tree ) සිටුවන්න...
සෙනෙවිරත්න Friday, 06 October 2023 09:07 AM
තනිකරම මාර්ග සංවර්ධන අධිකාරිය වගකිව යුතුයි. ගස් දරාපත්ව තිබේ නම් එය ඉවත්කළ යුත්තේ නගර සභාවද? කොහේද මේවාට පොරවක් කියතක් ගන්නවත් සල්ලි නැහැ. ඉන්න දේශපාලන හෙංචයින්ට, අධ්‍යක්ෂකලාට පඩි ගෙව්වාම... අනේ ගමකින් ආපු අහිංසක මිනිස් ජීවිත පහක්...!
suranga Friday, 06 October 2023 09:27 AM
කොළඹ නගරසභාවක් තියෙනවා. අනතුරුදායක ගහක් ගලවලා දාන්න ඕනේ කමක් නෑ. පුදුම පාලකයෝ...!
අමා Friday, 06 October 2023 11:15 AM
ඉතාම කණගාටුදායක පුවතක්, ඕක වෙන්න කලින් ඔය ගස කැපුවා නම්, පරිසරවේදියෝ කියාගන්න අයගේ හෑලි ටික බලාගන්න තිබුණා.
seneFriday, 06 October 2023 04:10 PM
අමා, හරි වැරදි වෙන්කොට හඳුනා නැති ඔබ වැනි ඈයෝ සිටින රටට ගිහින් තියෙන කල පේනවානේ...?
Aravinda Monarawila Friday, 06 October 2023 01:19 PM
කොළඹට මහා නගර සභාවක් තිබුනට වැඩක් නැහැ නගරාධිපතිගේ ටොයිලට් එක හදන්න කොටි ගානක් වියදම් කෙරුවට පුරවැසියන්ගේ ආරක්ෂාව සුභාෂිංශන තුට්ටුවකටවත් ගණන්ගන්නේ නැහැ
පිටරැටියා Friday, 06 October 2023 03:02 PM
හරිම කණගාටුදායක පුවතක්... අනවශ්‍ය දේවලට කෝටිගණන් වියදම් කරන මහනගර සභාව මේවාට වගකිව යුතුයි.
Nimal Friday, 06 October 2023 06:55 PM
ලංකාවේ වැඩ වෙන්නේ ඔක්කොම මේ විදිහට තමයි. අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්නේ. දැන් ඵල ඇති ගස් ටික කපයි.
ලසන්ත Saturday, 07 October 2023 06:14 AM
ඉදිරී වැටුණු මේ ගසේ කඳ දිරාපත්ව වටේට තිබුණු මුල්වලින් තමයි තිබිලා තියෙන්නේ.. ඉතින් ගැඹුරට ගිය මුල් පද්ධතියක් නැහැ. එවැනි ගස් ඉවත්කරන්න ඕනෑ. ඒ සමග යටිතල වගාවකුත් ආරම්භ කිරීම කරන්න ඕනෑ..
චන්දිම ෆොන්සේකා Friday, 06 October 2023 11:28 PM
ගස් තියෙන්න ඕනෑ. නැතිනම් කොළඹ කොන්ක්‍රීට් සහරා කාන්තාරේ වගේ රස්නෙයි. හැබැයි ඒ ගස් ගැන හොයලා බලලා නඩත්තු කිරීමක් කරන්න ඕනෑ. මොකද කොයි දේ කරන්න වුණත් යම් කිසි විදියක් තියෙනවා. දැන් ඊළඟට වෙන්නේ මේ පිට දාලා හොඳ ගසුයි, නරක ගසුයි ඔක්කෝම කපාගෙන යාවි හරියට අර මාතර නගරයට සෙවන දුන් මහා ගස් ටික කපාගෙන ගියා වගේ.
පාලිත මුණසිංහ Saturday, 07 October 2023 07:43 AM
නිවැරදිව මිනුම් හා අනුමත සැලසුම් හා සීමාමායිම් සහිත මහාමාර්ගයක එම සීමාවන් තුළ දෙපස පිහිටි ලොකුකුඩා සෑම ගසක් පිළිබඳවම අයිතිය ඇත්තේ එම ගස අදාල ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහනගර සභාවකට හෝ මාර්ග සංවර්ධන අධිකාරියට යන්නයි මගේ අදහස. ඒ අනුව එම ගස් කප්පාදු කිරීම, සමබර කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ ඉවත් කිරීම හා නැවත රෝපණය කිරීම පිළිබඳ වූ පූර්ණ වගකීම ඇත්තේ එකී ආයතන වලටයි. පුරවැසියන් වශයෙන් සෑම කෙනෙකුම අනතුරකට පෙර අවධානයෙන් පසුවීමේ වැදගත්කම වටහාගත යුතු කාලයකි මේ.