IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බසයෙන් බැස පාර පැන්න සිසුවා ලොරි මාරයාට බිලි

(ධම්මිකා බාලසූරිය) 

පාසල ඇරී  නිවසට ඒමට  බස් රථයෙන් බැස පාර මාරුවීමට යාමේදී  පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවී  එකොලොස් හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.

කටුපොත,  මූණමල්දෙනිය ප්‍රධාන මාර්ගයේ  අන්ගමුව ප්‍රෙද්ශයේදී අද සවස දෙකට  පමණ මෙම මාරක රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. 
        බස්රථය නැවැත්වූ අවස්ථාවේ සිසුන් කිහිප දෙනෙකුම බස්රථයේ ඉදිරිපස දොරෙන් බැස ඇති නමුත් මෙම සිසුවා  බැස ඇත්තේ  බස්රථයේ  පිටුපස දොරෙනි.

     බස්රථය කටුපොත දෙස සිට,  මූණමල්දෙනිය දෙසට ධාවනය කර ඇති අතර කුඩා ලොරි රථය මූණමල්දෙනිය දෙස සිට කටුපොත දෙසට ධාවනය වෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි. 

     බස්රථයෙන් බැසගත් සිසුවා පාර මාරු වීමට ඉදිරියට ඇදෙනවාත් සමග  පැමිණි ඩීමෝ බට්ටා රථයේ හැපී මද දුරක් රථය සමගින් ඉදිරියට ඇදී ගොස් තිබේ.
     අනතුර සිදුව සුළු කාලයක් තුල දරැවාව කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇතත් රෝහලට ඇතුළත් කරන විටත් දරැවා මිය ගොස් සිට ඇත.

     මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ , මොරගනේ මහා විද්‍යාලයේ හය (6) වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අනුක්කන්හේන,  මගුලාගම පදිංචිව සිටි අයි එච් හිමාෂ ඉදුනිල් නමැති එකොළස් හැවිරිදි සිසුවෙකි.

       අනතුර සිදුවූ  ලොරි රථයේ රියදුරු දමුණුව, මොරගනේ පදිංචි අයෙකු වන අතර රියදුරු සහ රථය පොලිසිය බාරයට ගෙන තිබේ.

      කුලියාපිටිය කොට්ඨාශ බාර සහකාර පොලිස් අධිකාරී අතුල අබේරත්න මහතාගේ නියෝගය මත හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඡායා කුමාරසිංහ මහතාගේ උපදෙස් මත,  රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සූරියහෙට්ටි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් 33505 සිසිර මහතා විසින් පරීක්ෂණ සිදුකරයි.



අදහස් (1)

බසයෙන් බැස පාර පැන්න සිසුවා ලොරි මාරයාට බිලි

Ruhunu Wednesday, 19 April 2023 03:10 AM

නිවන්සුව ලැබේවා පුතේ ඔයාට

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site