(ඩී.ජී.සුගතපාල)
බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිර මැදිරිවල , ඉන්පිටත සහ බන්ධනාගාර රෝහලේ කළ හදසි සෝදිසියකදී හෙරොයින් , ජංගම දුරකතන සහ ඒවායේ උපාංග රැසක් සොයා ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
විශේෂ කාර්ය බලකාය නිලධාරින් විසින් ඊයේ රාත්‍රියේදී මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.
දුරකතන අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන අටක් චාජර් හයක්, සිම් කාඩ්පත් පහක්,ඩේටා කේබල් නවයක්,ඇතුලු උපාංග රැසක් අත් අඩංගුවට ගෙන ඇත. මෙවා ඉදිරිකටයුතු සඳහා බන්ධනාගාර අධිකාරිවරයාට බාරදි ඇතැයි කියයි.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුල
අම්පාර සමන්තුරේ පැවති ජනරැළියක් අතරතුර සෙනඟට තෙරපුණු දැරියක බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් විය.
කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදි
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් දාහතර දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී අද පැවසීය.
සාලියවැව දුනුමඩලෑව යාය 6 ප්‍රදේශයේදී ආච්චි අම්මා සහ සියා ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මුණුබුරකු සැ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
බුස්ස බන්ධනාගාරයෙන් දුරකතන රැසක් හසුවෙයි
Suneth Thursday, 03 April 2025 09:18 AM
අයියෝ පොලිසිය! ඒව බන්ධනාගාර මෑන්ටම දුන්නම හෙට ඉඳල ආයෙත් අවශ්‍ය තැනට යයි. ඒ සිම් කාඩ් නම්බර්ස්වලින් කාටද කතාකෙරුවෙ කියල හොයාගන්න. හැබැයි බන්ධනාගාර අයගෙන් ප්‍රශ්න කරන්න එපා. ඒ අය මොනවත්ම දන්නෑ. ආයෙත් කිව්ව ඔන්න මොනවත්ම දන්නෙම නෑ.
dasun Thursday, 03 April 2025 09:30 AM
එක්කෝ බන්ධනාගාර කොමසාරිස් බූස්සේ පදිංචි විය යුතුයි, නැත්නම් STF එකට බූස්සේ බන්ධනාගාරයේ පාලනය භාර දිය යුතුයි.
රනේ Thursday, 03 April 2025 11:56 AM
හෝදල හෝදල ආයිත් මඩටම දාන්න එපා
නිමල් පෙරේරා Thursday, 03 April 2025 12:34 PM
ඇයි මේ ආණ්ඩුවටවත් බැරි ද සිග්නල් ජෑමර්ස් සවි කරන්න බන්ධනාගාර වල. එහෙම කළානම් ඔය ප්‍රශ්නය නිකංම විසඳෙනවා
බකල ජයාThursday, 03 April 2025 01:08 PM
ජෑමර්ස් හයි කරපුවම අවට පදිංචි අය කඩු පයිට් ගහගන්න එනවලු. ජෑමර්ස් තිබුණත් බූස්සෙ අමුත්තන්ට දැනුම් දීල කරන්ට් එක විසන්දි වෙනකොට ජෑමර්ස් ඕෆ් වෙනවා. කරන්ට් එන්න කලින් අවශ්‍ය කෝල්ස් ඔක්කොම ගන්නවලු. ඔන්න ඕකලු විස්තරේ.
ravin Thursday, 03 April 2025 12:44 PM
දූෂිත නිලධාරීන්ගේ සහායෙන් නැවත නැවත සියලු අවශ්‍යතාවයන් සපුරාගැනීමි. ලොක්කාගේ ඉඳලා පොඩ්ඩා දක්වා ඇතුල්වීම හා පිටවුම දැඩි පරීක්ෂාවට ලක් කළොත් හා සටහන් පවත්වා ගෙන ගියොත්, තරමක් හෝ දුරට පාලනය කරගත හැකිවේවි