IMG-LOGO

2025 ජනවාරි මස 07 වන අඟහරුවාදා


බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී

(ලසන්ත නිරෝෂණ)

සම්ප්‍රදායට එරෙහිව සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයකු පත්කිරීමට විරෝධය පළ කරමින් එම දේවාලයේ කපු මහත්වරුන් ඇතුළු රාජකාරි මණ්ඩලය දේවාලයේ තේවාවන් සහ රාජකාරි කටයුතු වලින් අද ඉවත් වුහ.

හිටපු බස්නායක නිළමේවරයා ගේ රාජකාරි කාලය අවසන්ව්මෙන් පසු ස්ථිර බස්නායක නිළමේවරයකු පත්කරන තෙක් එස්වි. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා  පත් කරනු ලැබුවේය.

එම වැඩබලන බස්නායක නිළමේවරයගේ පත්කිරීම දේශපාලන වුවමනාව මත සිදුවුවක් බවත් සබරගමු මහා සමන් දේවාලයේ සම්ප්‍රදායට අනුකුලව සිදු නොවු පත් කිරිමක්බව  දේවාලයේ තේවාවන් වලින් ඉවත්වු රාජකාරි මණ්ඩලය පවසයි .

රාජකාරි වලින් ඉවත්වු කපු මහත්වරුන් ඇතුළු පිරිස සමන්දේවාලයේ සිට රත්නපුර පානදුර මාර්ගයේ පිහිටි සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසළට පැමිණ නිහඬ විරෝධතාවයක නිරත වුහ.

මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් සම්බන්ධ කරගැනීමට ගත් උත්සහාය අසාර්ථක විය. 

 



අදහස් (11)

බස්නායක නිලමේ ගැටළුකින් සමන් දේවාලයේ තේවාවන් නවතී

Siri Monday, 06 January 2025 01:20 AM

කපුමහත්තුරුන්ට තමන් සේවය කරන දෙයියොත් විශ්වාස නැද්ද අප්පා ? මහපාරේ රස්තියාදු වෙන්නේ නැතුව ඔය ප්‍රශ්නය පඬුරක් ගැටගහල දෙයියන්ටම කීවානම් ඉවරයිනේ. සුටුස් ගාල විසඳලා දෙයි.

:       67       8

ලුම්බිණි Monday, 06 January 2025 05:15 AM

දෙවියෝ තරහ කර ගන්නවා කියන්නේ ඔක්කෝම ඉවර තමයි...

:       4       48

m. saman perera Monday, 06 January 2025 09:36 AM

මේවා ඉතින් දෙයියන්ටම කියලා විසඳාගන්න ඕන දේවල්...

:       0       45

බකල ජයා Monday, 06 January 2025 10:11 AM

දැන් දෙයියෝ බඩගින්නේ අයියෝ...! මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න මිනිස්සුන්ටවත් කියලා බලමු.

:       41       13

Indika Monday, 06 January 2025 11:16 AM

හරිම හිනා.. රටක සංස්කෘතිය අඳුනා ගන්න බැරි අයගේ ආයුෂ කෙටියි...

:       7       84

බකල ජයාMonday, 06 January 2025 12:20 PM

Indika කියන්නේ තේවා සේවා නැවතීම රටේ සංස්කෘතිය කියලා. පැහැදිලි කිරීමට ස්තූතියි..!

:       66       3

Bunny Preena Monday, 06 January 2025 10:56 AM

දෙවියන් මේවාට මැදිහත් වෙන්නේ නැති නිසා හොඳයි. එහෙම නැතිව දෙවියන් දඬුවම් දෙන්න පටන් ගත්තා නම් මේගොල්ලන්ගේ ඇඩ්‍රසුත් නැහැ...

:       56       0

Lalla Monday, 06 January 2025 12:11 PM

ඕක වහලාම දාන්න. ඕකේ ඇති දෙයියෙක් නෑ. කපුවන්ට නිලමේලාට බඩ ගෝස්තරේ හොයාගන්න දූප්පත් මිනිස්සුන්ගේ තුට්ටු දෙකට අනින තැන්...

:       45       5

භාසෙ Monday, 06 January 2025 12:24 PM

@indika, ඇත්තටම මේ ප්‍රශ්නෙන් ගොඩ එන කරන්න පුළුවන් දෙයියන්ටද, මිනිස්සුන්ටද?

:       40       4

සමන් විමක් Monday, 06 January 2025 01:24 PM

ඕවට තමයි කියන්නේ හත්පොලේ ගාගන්නවා කියලා.

:       0       59

නිළමේ Monday, 06 January 2025 04:22 PM

මෙතැන අදහස් දාල තියන සමහර වහල් ජනය දන්නෙ නැහැ ආණ්ඩුවේ හිතවතෙක් නිළමේ තනතුරට තාවකාලිකව පත්කරල කියල.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කන්න වෙලාව එපා කියා විපක්ෂය කන්න ගිහින්
2025 ජනවාරි මස 07 162 0

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දිවා විවේකය එපා කියා දවල් කෑමට වෙලාවට නැගිට ගොස් ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්


මැතිසබේ “කුකුලන්” ගැන කතානායකට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 07 677 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට එහි ප්‍රධානීන්ගෙන් සිදුවන්නේ යැයි කියන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්


පොලිස්පතිට කියන්න ඔන්ලයින් සේවාව යළි ක්‍රියාත්මකයි
2025 ජනවාරි මස 07 352 0

ශ්‍රී ලංකා පොලීසිය මගින් පවත්වාගෙන ගොස් කාලයක් නතරකර තිබූ ’’පොලිස්පතිට කියන්න’’ (tell IGP ) ඔන්ලයින් පැමිණිලි සේවාව යළි ආරම්භ කර තිබේ.


අනුරට අයවැය හදන්න වෙන්නේ රනිල්ගේ රාමුව ඇතුලේ
2025 ජනවාරි මස 07 694 4

ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හි


තෛයිපොංගල් - සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවා
2025 ජනවාරි මස 07 318 0

තෛයිපොන්ගල් උත්සවයට සහ සතිඅන්ත නිවාඩුව සදහා විශේෂ දුම්රිය සේවා මේ මස 10 දා සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


තරුණ සේවා සභාවේ විගණන ප්‍රමාද ගැන කරුණු අසයි
2025 ජනවාරි මස 07 328 0

ජාතික තරුණ සේවා සභාවේ ඉකුත් වසර වල විගණන අංශයෙන් විගණන වාර්තා ඉදිරිපත් කර, නිර්දේශ යොමු කළ ද ඒවාට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ ප්‍රමාදයක් පැවති බ


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 460 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 233 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 222 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site