(නිමල කොඩිතුවක්කු)
ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඊට අදාළ ගණනය කිරීම් ආරම්භ කර ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය. ඒ අනුව අද දිනය ඇතුළත නව බස් ගාස්තු ප්‍රකාශයට පත්කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.
මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .
අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම
කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය
කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බස් ගාස්තු පහළට
de silva Tuesday, 01 October 2024 12:02 PM
රාත්‍රී 8 පසු ගමනක් යාමට බස් නැත , පුද්ගලික බස්රථ ධාවනය කරන්නේ වාසි වෙලාවට පමණි , හවස 5.30 පසු අධිවේගී මාර්ගයේ වුනත් කොළඹ යාමට බස් නැත , පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කල යුතුය , ලංගමට නැවත පන දෙන්න ඕනේ , අර ශ්‍රී ලන්කන් ගුවන් සමගම නමැති සුදු අලියා විසින් 2008 සිට මේදක්ව රුපියල් කොටි 36000 පමණ මහජන මුදල් ගිලදමා ඇත , මේවා ලංගමට ආයෝජනය කලානම් අද අපේ ප්‍රවාහන ප්‍රශ්නය බොහෝදුරට විසදී ඇත , මිනිස්සු පුද්ගලික වාහන , ත්‍රිරෝද රථ , යතුරු පැදිවලට හුරුවී ඇත්තේ පොදු ප්‍රවාහන සේවය දුර්වල නිසාය ,
Padmasiri Tuesday, 01 October 2024 12:27 PM
මාර්ග අංක 600 මාර්ගයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 15 කට අඩුයි නමුත් බස්ගාස්තු ඉතාමත් වැඩියි මීට මාස දෙක තුනකට පෙර බස්ගාස්තු අඩුකලත් එම මාර්ගයේ අඩු කලේ නැහැ එම මාර්ගයේ ඉතාමත් අසාධාරණ ආකාරයට බස්ගාස්තු අය කරන බව හොදින්ම පරීක්ෂා කලොත් පෙනේවි එහි එක් ගාස්තු ක්‍රමයක් ගැන කිව්වොත් මුලින්ම තිබුන ගාස්තුව රුපියල් 96 ක් වුනා පසුගියදා රුපියල් 91 ක් බවට පත්වුනා ඉතින් 96/= වෙනුවට රුපියල් 100/= අයකළ ගාස්තු 91/= වුනාම 95/= ගන්නවා ලංගම කට්ටියම 91/= වෙනුවට 95/= ගන්නවා ඇත්තටම එම මාර්ගයේ ගාස්තු ගැන සමීක්ෂණයක් කර අසාධාරණ ආකාරයට අයකරන බස්ගාස්තු සංශෝධනයක් කරන්න කියලා ඉල්ලනවා ඒ සමඟ බිලියන ගණනක් වියදම් කර සංවර්ධනය කළ එම මාර්ගයේ හා ඇහැලියගොඩ පනාවල හරහා දෙහිඕවිට මාර්ගයේ දුර ගමන් සේවා බස් ධාවනයට අනුමත කරනවා නම් ලොකු සෙතක් වෙනවා