IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


බස් හැදිල්ලෙන් කෝටි ගණනක් කම්බස්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය  බස් රථ 300ක් අලුත් වැඩියා කිරීම සඳහා 2022 වර්ෂයේදී  රුපියල් කෝටි 24ක පමණ මුදලක් වෙන්කර ඇතත්   අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇත්තේ බස් රථයක  180ක් පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

ප්‍රාදේශීය වැඩපොළ සහ ඩිපෝවලින්  බස් රථ තුන්සිය අලුත් වැඩියා කිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කරනු ලැබුවේ  මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය විසිනැයිද  එහි දැක්වේ.

මේ අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අම්පාර පෙරසවි ටයර් කර්මාන්තශාලාවෙන් පෙරසවි ටයර්  නිෂ්පාදනය කිරීමේදී රුපියල් කෝටි තුනකට වැඩි මුදලක් වැඩියෙන් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම කටයුත්ත සඳහා මහා භාණ්ඩාගාරය සහ ගමනාගමන මණ්ඩලය රුපියල් කෝටි 11 කට වැඩි ප්‍රතිපාදන වෙන් කර ඇතත් ඉන් කෝටි දහයකට වැඩි මුදලක් වැය කර ටයර් 8997ක්  පමණක් නිෂ්පාදනය කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.

මණ්ඩලය සඳහා බස් රථ එන්ජින් කට්ටල 840 ක් වාර්ෂිකව අලුත්වැඩියා කර ධාවනයට යෙදවීමට සැලසුම් කර  ඒ සඳහා භාණ්ඩාගාරය සහ මණ්ඩලය 2022 වර්ෂයේදී  රුපියල් කෝටි 66 ක් වෙන්කර තිබුණද  අලුත් වැඩියා කර ඇත්තේ බස් රථ 254 ක් බව වාර්තාවේ දැක්වේ.

ඒ සඳහා වැය කර තිබූ මුදල රුපියල් කෝටි අටක් පමණ වන අතර අපේක්ෂිත නිමවූම්  ඉලක්කය  සියයට හැත්තෑවකින් පහළ යෑම  හේතුවෙන් ඉලක්කගත පරිදි බස්රථ  ධාවනයට එකතු කරගැනීමට නොහැකිවී තිබූ බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.



අදහස් (7)

බස් හැදිල්ලෙන් කෝටි ගණනක් කම්බස්

NAMAL Sunday, 21 April 2024 11:40 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා !

:       5       36

NAMAL Sunday, 21 April 2024 12:17 PM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා...!

:       6       30

මලංගමSunday, 21 April 2024 01:14 PM

බොල බූරු පුතේ ලංගම බස් හදන්න දේශපාලුවෝ ගියේ නැහැ. ඔය නාස්තිය කරලා තියෙන්නේ ලංගම ඉංජිනේරුවන්, කම්කරුවන් හා ඩිපෝවේ පාලකයින් තමයි ඉතින් දේශපාලුවන්ට ශාප කරනවා කියන්නේ උඩ බලාගෙන කෙළ ගැසීමක් වගේ වැඩක් වෙනවා.

:       9       14

WijeSunday, 21 April 2024 02:11 PM

ඔයාගේ නම තමයි දාන්න ඕන ලංගමට...

:       0       5

යොවිදු Sunday, 21 April 2024 01:48 PM

රාජ්‍ය දේපල කොල්ල කෑවා වගේම රාජ්‍ය දේපල ගිනි තබා ට්‍රාන්ස්ෆෝමර් ගිනි තබා, ලංගම බස් ගිනි තබා, විනාශ කළ විමුක්ති කාමින්ටද ශාප විය යුතුයි.

:       13       21

NAMAL Sunday, 21 April 2024 02:21 PM

පර දේශපාලුවන්ට බැන්නම තමුන්ට ඇයි රිදෙන්නේ?

:       6       9

himal Monday, 22 April 2024 09:38 AM

මෙතන මේ කියන්නේ වෙන් කරපු මුදල් වියදම් කරලා තියෙන්නේ බාගෙට. ඔක්කොම වියදම් කරලා ඔක්කොම හදලා නෑ කියලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 454 0

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 148 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 482 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙකු මරුට
2024 ඔක්තෝබර් මස 18 853 0

යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල ප


අඟුණකොලපැළැස්ස බන්ධනාගාර වාට්ටුවේ බිත්තියක දුරකතන-සිම්පත්
2024 ඔක්තෝබර් මස 18 332 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ වාට්ටුවක බිත්තියක් මත තිබී ජංගම දුරකථන තුනක් සහ සිම්පතක් බන්ධනාගාර නිළධාරින් විසින් සොයාගනු ලැබූහ .


නිධන් හෑරු 4 ක් කොටුවෙයි
2024 ඔක්තෝබර් මස 18 204 0

මහියංගණය දිවුලපැලැස්ස ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිදන් වස්තු ලබාගැනීමේ අරමුණින් කිනිම් කරමින් සිටි පුද්ගලයන් 4 දෙනෙක් ඒ සදහා යොදාගත් බැකෝ යන්ත්‍රියක්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 628 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site