IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


බස් අනතුරින් සිසුහු තිදෙනෙක් රෝහලට

(කේ. බුද්ධික කුමාරසිරි)

කොළඹ - අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ නවගමුව රණාල සුදවිල ප්‍රදේශයේ දී   සිසු සැරිය ලංගම බස් රථයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන්  සිදු වූ රිය අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් තිදෙනකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කළ බව නවගමුව පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ එක් ශිෂ්‍යයකුගේ තත්වය බරපතල බවත් අනිත් සිසුන් දෙදෙනාට තුවාල සිදුව ඇතැයිද කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ද පොලිසිය පවසයි.

කොළඹ සිට හැටන් බලා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කළ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අවිස්සාවේල්ල සිට කොළඹ ආනන්ද විද්‍යාලයට පාසල් සිසුන් රැගෙන යමින් තිබූ ලංගම බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් එම අවස්ථාවේදී පාසල් ළමුන් රැගෙන යමින් සිටි බස් රථය මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි කණු දෙකක වැදී නතරව ඇතැයි ද පොලිසිය පවසයි.

අනතුරට සම්බන්ධ කොළඹ සිට හැටන් බලා ධාවනය කරමින් සිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයේ රියදුරු සහ කොළඹ සිට හම්බන්තොට බලා ධාවනය කල පෞද්ගලික බස් රථයේ රියදුරු යන රියදුරන් දෙදෙනාම අත් අඩංගුවට ගත් බවත් එම සැකකරුවන් දෙදෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් නවගමුව පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය



අදහස් (0)

බස් අනතුරින් සිසුහු තිදෙනෙක් රෝහලට

ඔබේ අදහස් එවන්න

දියත

නඩු භාණ්ඩ භාරකරුගේ දුරකථන - බැංකු වාර්ථා කැඳවයි
2024 ඔක්තෝබර් මස 15 11 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ


වැස්ස ක්‍රමයෙන් අඩු වෙයි
2024 ඔක්තෝබර් මස 15 221 0

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


නිදහස් උළෙල සංවිධානයට මෙහෙයුම් කමිටුවක්
2024 ඔක්තෝබර් මස 15 855 0

77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


IMF වැඩපිළිවෙල නිසා සුබ වාදී වෙමු
2024 ඔක්තෝබර් මස 15 118 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව


ඩෙංගු හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 15 64 0

පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.


මාලු මිල ඉහළට
2024 ඔක්තෝබර් මස 15 1235 0

වෙළඳපොළේ මාලු මිල ගණන් යළිත් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 472 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 463 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1456 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site