IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බස් ගාස්තු අඩු නොවේ

(යොහාන් භාසුර)

ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

බස් ගාස්තු සංශෝධනය මිල සූත්‍රයට අනුව ක්‍රියාත්මක වන බව කී විජේරත්න මහතා මිල සංශෝධනය සඳහා සූත්‍රයට සියයට 4 ක බලපෑමක් වියයුතු බව ද සඳහන් කළේය.

මෙහිදී මිල රුපියල් 10 කින් අඩු වීමේදී මිල සූත්‍රයට සියයට 4 ක බලපෑමක් නොවීම නිසා ගාස්තු සංශෝධනයක් නොවන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (8)

බස් ගාස්තු අඩු නොවේ

Lankaputha Sunday, 01 September 2024 04:39 PM

මිනිසුන් වැඩිපුර ඇවිදිය යුතුය... ඔවුන්ව වර්ජනය කර ඔවුන්ට ලැබෙන ආදායම අඩු කළ යුතුය.

:       1       8

Basthiyan Sunday, 01 September 2024 05:53 PM

හෙන ගහනවා! පසුගිය දිනක බස් ගාස්තු සංශෝධනයක් කළා... මම හොඳින්ම දන්නා එක් ගමනාන්තයක පෙර පැවැති ගාස්තුව රුපියල් 96/= යි. සියයම ගත්තා ළඟදී අඩුකළාම ගාස්තුව රුපියල් 91/= යි. ආපසු දෙන්නේ රුපියල් පහයි ලංගම ගාස්තුව අඩුකර තිබුණා... දැන් ඒක වෙනස්කර ගාස්තුව 94/= ක් බවට පත්කර ඉතිරි හැටියට රුපියල් පහක් දෙනවා. මෙහෙම තියෙද්දී දැනටත් රුපියල් සීයක් ගන්නවා. කොහේද මෙහෙම වෙන්නේ...? මෙහෙම ඒවා අනන්තවත් තියෙනවා. ඒ ගමන් කියන්න ඕනෑ මුන්දැලා කිසිදාක ටිකට් එකක් දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකට් පොත් වලින් ප්‍රවාහන අධිකාරියට ආදායම් ඉපැයීම කරන්න පුළුවන් වුණත් ඒ ගැන නොබලන ටිකට් පරීක්ෂකලා මග දිගටම ඉන්නවා... බැලුවොත් 500/= නැත්නම් 1000/= දීලා බසයේ අයිතිකරුම කියනවා... අයිතිකරුගේ ෆෝන් එක වැඩ නැහැ කතා කරන්න බැහැ මේක තියාගන්න කියලා තමයි සල්ලි දෙන්නේ... අධිකාරියට ලැබිය යුතු ආදායම් තමයි අහිමි වෙනවා ඇත්තේ..

:       1       7

ජයනාත් Sunday, 01 September 2024 06:13 PM

බස් මුණුට වැඩිපුර ලාබ අරගෙන ඡන්දෙට පිංකිට වියදම් කරන්න ඕනෑ නේ...!

:       0       4

saman Sunday, 01 September 2024 07:15 PM

දැන් මේ රනිල්ගේ සහායට ඉන්නවා කිව්ව කෙනෙක් නේද​? ඒ කියන්නේ රනිල්ගේ වැඩ සාර්ථක මදි නිසා මහ ජනතාවට සහන දෙන්න බැරිද​?

:       0       4

සෙනෙවිරත්න Sunday, 01 September 2024 09:57 PM

එහෙම කරන්න එපා, රනිල්ට වාසිවෙන වැඩක් කරන්නකෝ...!

:       0       0

SL Monday, 02 September 2024 02:47 AM

ලංකාවේ ඩීසල් මිල අඩු කරන එකෙන් මහජනතාවට ලැබෙන රෙද්දක් නැහැ. මීට පෙරත් මාස කිහිපයකට කලින් ඩීසල් මිල අඩු කරා එතකොටත් කීවේ තව ටිකක් ඩීසල් මිල අඩු කලොත් බස් ගාස්තු අඩු කරනවා. කියල කොවිඩ් කාලේ සීට වල විතරක් ඉඳගෙන යන්න කියල වැඩි කරපු බස් ගාස්තුවට තමා දිගටම ප්‍රතිශත එකතු කර කර උඩට ගෙනාවේ දැන් යන්නේ පොල් පටවලා. පුද්ගලික බස් සේවය බස් සමාගම් දෙක තුනකට දීලා ,තනි තනි අයිතිකාරයින් ඉන්න එක නැති කරන්න ඕනේ.

:       0       0

B Amarasinghe Monday, 02 September 2024 03:53 AM

ගියපාර සංශෝධනයත් නොවුණා වගේ තමා. ඉතිරි සල්ලි හරියට දෙන්නේ රු 100/- ට අඩු ටිකට්වලින් රුපියල් 80= ටිකට් එකට විතරයි

:       0       0

NWS KUMARA Monday, 02 September 2024 11:09 AM

අඩු කරනකොට නීති ගොඩයි... වැඩි කළානම් මොනවත් නෑ.. පුදුම සංගම්

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 23 0

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5339 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 804 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 4068 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 3732 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 2478 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16859 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 82 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 263 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site