IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


බස් දුවවන්න සේවකයන් නෑ

(නිමල කොඩිතුවක්කු)

බස් රථ සේවකයන් වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් බස්රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවසීය.

නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු බස් රථ සේවකයන් 50,000ක ගෙන් 30000ක පමණ ප්‍රමාණයක් සේවයට වාර්තා කර නොමැති බවත් විජේරත්න මහතා සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් අහිමි වීම හේතුවෙන් ඔවුන් වෙනත් රැකියා තෝරාගැනීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද ඔහු පැවසීය.

බස්රථ සේවකයන්ගේ පවතින හිගය හේතුවෙන් බස් රථ ධාවනයට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුල ධාවනය වන බස්රථ 6800 න් ධාවනයට එක් කර ඇත්තේ 800 ක පමණ ප්‍රමාණයක් පමණක් බවත් විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය

 



අදහස් (8)

බස් දුවවන්න සේවකයන් නෑ

බස්තියන් Sunday, 03 October 2021 01:20 PM

කොන්දා නැතිව දුවමු. එතකොට පොල් පටවන්න එකෙක් නෑ. පිටරටවල ඔය යසට දුවන්නේ. හැමදාම උදේ මිනිස්සුන්ගේ ප්‍රෙෂර් වැඩිකරලා දවස පීඩනයකින් ආරම්භ කරන්නේ මේ කට්ටිය තමයි. මිනිස්සුන්ගේ ලෙඩත් අඩුවෙයි. රටත් දියුනු වෙයි. කොන්දො නැති බස් සේවයක් පටන් ගන්න මේක නියම චාන්ස් එක.

:       0       32

senaSunday, 03 October 2021 07:09 PM

බස් දුවවන්න සේවකයන් නොමැතිබව මගීන්ට පවසා විසදුමක් ලබාගැනීමට නොහැක. කළහැකි පහසුම විසදුම වන්නේ රියදුරන්ගේ වැටුප් වැඩිකර එම වැඩිවූ මුදල ලබාගැනීමට bus tickets මිල වැඩි කිරීම වේ. දෙවනුව පුද්ගලික bus සදහාද මගින්හට bus tickets ලබාදීම නීතිගත කලයුතුවේ.

:       1       1

Nuwan Sunday, 03 October 2021 02:25 PM

මොනවද වෙන රැකියා.

:       1       5

Raveendra Sunday, 03 October 2021 02:41 PM

බස්වල වැඩකරන්න මිනිස්සු හොයන්නේ ඇයි ? දුවන්න බැ පාඩුයි අරකද මේකද කිව්වා නේද අඩමින් හොටු පෙර පෙර ??

:       1       15

bandula G Sunday, 03 October 2021 03:23 PM

නෑ නෑ, බැහැ බැහැ, අපහසුයි හැමදාම මේ විදියට තමයි.

:       0       0

Saku Sunday, 03 October 2021 03:36 PM

රියදුරුට පමණක් බස් රථය රැගෙන යා හැකි, ඇතුල් වීමේදී ගාස්තුව අය කරන මැෂිමක් සවි කරානම් රටම සිංගප්පුරුවක් වගේ වෙනවා. සිංගප්පුරුවේ වගේ තනි අයිතිය තියෙන බස් රථ නොදී සමාගමක් ලෙස සියලුම පෞද්ගලික බස් රථ වෙළද ලියාපදිංචි කල සමාගමක් කරානම් රේස් යන එකත් නැති වෙලා විනයත් හැදෙනවා.. රටම පිළිවෙලක් වෙනවා.

:       0       1

Dilshan Sunday, 03 October 2021 04:55 PM

අනේ එහෙම හරි කමක් නෑ ඔය විශම කර්මාන්තේ නැති වෙලා යනවනම්. විශම දේවල් සොබාදහමෙන් හරි නැති වෙලා යන්න ඕනේ. මිනිස්සු යන්න එන්න වෙන ක්‍රමයක් හොයාගනියි. දැන් බස් වල එන්ජින් එහෙමත් මලකඩ කාලා ඇති නේ දුවන්නේ නැතුව.

:       0       2

ඉන්දික Sunday, 03 October 2021 06:16 PM

මම මේ ඇත්ත කතාවක් කියන්නේ. බස් ධාවනය පටන් ගත්තේ සිකුරාදානේ. මම ඊයේ පානදුර කොටුව බස් එකක නැගලා ගියා දෙහිවල ඉඳන් කොටුවට. බස් එකේ සේවකයෝ දෙන්න දාගෙන හිටිය මාස්ක් දෙක දැක්කා නම් PHI අල්ලන් යනවා. ඒ තරම් ජරාව. නිල් පාට සර්ජිකල් මාස්ක් එක දුඹුරු පාට වෙලා. ඒ තරම් පරණයි..ඉතින් වැඩක් තියනවාද එකෙන්..මාස්ක් දැම්මට වැඩක් නෑ මෙහෙම..කොරෝනා නෙවෙයි වෙන ලෙඩ හැදෙනවා..අනික බුලත් විට කනවා ..හොල්ට් එකේ නැවැත්තුවාම කෙල ගහලා ආපහු දානවා. මේවා හොයන්න බලන්න කිසි නිලධාරීන්,පොලිසි, ඔය මහලොකු ප්‍රවාහන අධිකාරී කවුරුත් නෑ...මෙහෙම පොදු ප්‍රවාහන කළොත් තවත් රැළි එයි ඉස්සරහට

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2152 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 511 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1035 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5686 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 752 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4585 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site