IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


බහුජන සංවිධාන සිරිකොතට ඇවිත් ජනපතිට සහය පළ කරති

 

(අංජුල මහික වීරරත්න)

බහුජන දේශපාලන පක්‍ෂ, සිවිල් සංවිධාන, වෘත්තිය සමිති සහ අනුබද්ධිත සංවිධාන කිහිපයක් අද පිටකෝට්ටෙි සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්වී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළේය .

මෙම අවස්ථාවට කර කැලේ පියදස්සි, ලැගුම්දෙනියේ පියරතන,දඹගොල්ලේ පදුමසිරි හිමිවරු ද සහ ආචාර්ය චමින්ද මළලසේකර, ආචාර්ය ඉන්දීවරි අකුරෙගොඩ, ආචාර්ය මහින්ද පෙරේරා, මහාචාර්ය රාහුල් දන්දෙණනිය, සිරිමසිරි භපුආරච්චි, ව්‍යවසායක කුමුදු හෙට්ටිගේ මහත්වරු ද සහභාගී වූහ.

ජනාධිපති දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ශමල් සෙනරත් මහතා මෙහි මුලසුන හෙබවූහ.



අදහස් (13)

බහුජන සංවිධාන සිරිකොතට ඇවිත් ජනපතිට සහය පළ කරති

ජයනාත් Saturday, 03 August 2024 09:40 AM

මෙයාලාට ඡන්ද කීයක් එකතු කරගන්න පුළුවන්ද?

:       9       23

සෙනෙවිරත්න Saturday, 03 August 2024 10:06 AM

ආචාර්ය මහාචාර්ය පට්ටම් තිබුණාට අදමයි ඇහුවේ, රටට කරපු වැඩේ මොකක්ද? හරි මොලයක් ඇත්නම් රනිල්ට සහයෝගය දෙනවාද? වයසේ අගිස්සට ගිහින් වෙන මොනවා කරන්නද? පන්තිය රැකගන්න අවසාන තුරුම්පුව ගහනවා. ඔය කට්ටියට බැහැ මහජන මතයට බලපෑමක් කරන්න.

:       11       31

Dharmatileke Saturday, 03 August 2024 10:46 AM

කවදාවත් අහලා නැති නම් ගොඩක්...

:       11       27

මාළු මාම Saturday, 03 August 2024 08:06 PM

ධර්මෙ මාලිමා මහාචාර්යවරුන් ඔක්කොම මීට කලිං අහල තියෙනවද?

:       0       0

Nimal 1 Saturday, 03 August 2024 10:53 AM

කවුද මේ කට්ටිය? සමහර අයගේ නමත් අහලා නැහැ...

:       8       23

AsankaSaturday, 03 August 2024 06:43 PM

පෙරහැරේ යන අලින්ගේ නම් අහල තිබුණාට රට වෙනුවෙන් කොට ඇදපු අලින්ගේ නම් ප්‍රසිද්ධ වෙන්නේ නැහැනේ... රට දියුණුවට පත්වෙන්නේ කොට ඇදපු අලින්ගෙන් තමයි... එහෙම නම් ඔතැන ඉන්නේ කොට ඇදපු අලි විතරයි කියලා මතක තියාගන්න නිමල් බ්‍රෝ...

:       5       1

de silva Saturday, 03 August 2024 11:05 AM

මේ කවුද?

:       9       22

Lalla Saturday, 03 August 2024 12:48 PM

ඔය ඔක්කොම සංවිධාන එන්න ඕනෑ. ඒත් චීවරය නොගෑවී තියෙන්න ඕනෑ. ලාංකික දේශපාලනය විනාශ කලේ චීවරය... එක අගමැතිවරයෙකුට ජීවිතය අහිමිවූවා මතක නැතිද? දේශපාලනයට ගෑවුණු චීවරය පිටුපස තියෙන්නේ වෛරය වපුරන නිකාය භේද, ආගම් භේද සහ අවසානයේ ජාතිභේදය...

:       12       14

ගමේ එකාලා Saturday, 03 August 2024 01:38 PM

රට බන්කොලොත් කරන්න දායක වෙච්චි තවත් දේශපාලුවෙක් රනිල් කියන්නේ...

:       9       25

විභූෂණ Saturday, 03 August 2024 02:23 PM

බුදුන් වහන්සේගේ කාලයේ නම් මෙහෙම බුද්ධ පුත්‍රයින් හිටියේ නෑ.. ශාසනයට වූ විපතක තරම

:       4       15

saki Saturday, 03 August 2024 03:13 PM

රට ගැන අවබෝධයක් නැති රැළක්...

:       6       16

මොහාන් Saturday, 03 August 2024 05:34 PM

ඔය පිනට කන අය හැමතැනම. අපේ මෝඩ අය තාමත් ඔවුන්ට දානේ ගිහින් දෙනවා...!

:       4       7

reks Sunday, 04 August 2024 12:17 AM

අනාථ නිවාසෙකින් දොට්ටදාපු එවුං ටිකක්ද කොහෙද..!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත


වැස්සෙන් හානි වූ වගාවන්ට වන්දි
2024 නොවැම්බර් මස 29 95 0

අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න


කිඹුල් නඩුවෙන් රාජිත නිදහස්
2024 නොවැම්බර් මස 29 1242 0

බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා


සහල් ආනයනයට ටෙන්ඩර් කැඳවයි
2024 නොවැම්බර් මස 29 516 1

නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට සැපයුම්කරුවන් වෙතින් ටෙන්ඩර් කැඳවන බව ලංකා සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පැවසීය.


ඉඟිනිමිටියේ වාන් දොරටු 6 ම අරී
2024 නොවැම්බර් මස 29 7 0

පවතින වැසි තත්වය හේතුවෙන් ඉංගිනිමිටිය ජලාශයේ වාන්දොරටු හයම විවෘතකර ඇති බව පුත්තලම වාරිමාර්ග අධ්‍යක්ෂ ඉන්ජිනේරු සමන්ති ජයමාන්න මහත්මිය පැවසුවාය.


ලොව ලොකුම රන් නිධිය චීනයෙන්
2024 නොවැම්බර් මස 29 2130 0

රත්තරන් මෙට්‍රික් ටොන් 1,000 කට වැඩි ප්‍රමාණයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබෙන විශාල රන් නිධියක් මධ්‍යම චීනයේ හුනාන් පළාතෙන් හමුවී ඇති බවත් එය ලොව විශාලතම රන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 579 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 791 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2196 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site