IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


බෙහෙත් ඉල්ලා වෛද්‍යවරු පාරට බසිති

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඖධෂ හිගයට වහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍යවරු පිරිසක් අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිටදි උද්ඝෝණයක නිරතවුහ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින දැඩි ඔසු හිගය කඩිනම් පිළියමක් ලබාදෙන ලෙස රජයට බලකර සිටියේය.

මෙහිදි අදහස් දැක්වු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ අනුරාධපුර ශික්ෂණ රෝහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය රංජන් ගනේගම මහතා මෙසේ පැවසිය.

‘අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි ඔෘෂධ හිඟයක් හා ශෛල්‍ය වෛද්‍ය උපකරණ හිගයක් තියෙනවා. මේ දවස් ගත්තාම නිදහස් සෞඛ්‍ය කියලා එකක් නැති මට්ටමටම වැටිලා තියෙන්නේ.රෝහල එන ලෙඩ්ඩු තමන්ට අවශ්‍ය බෙහෙත් පිටින් ගන්න වෙලා තිබෙනවා. දොස්තරා විදියට අපිට වගකිමක් තියෙනවා මේ සම්බන්ධයෙන් කතාකරන්න.

 



අදහස් (10)

බෙහෙත් ඉල්ලා වෛද්‍යවරු පාරට බසිති

Nirmal Friday, 13 January 2023 08:38 AM

බෙහෙත් නැති එකට උද්ඝෝෂණ කරන එක හොදයි. මෙවැනි ඒවට හේතුව සෞඛ්‍ය අංශයේ මුදල් නැති කම. රෝහල් වල බෙහෙත් නෑ. ළමා වාට්ටු වල ළමයින්ට කෑමට බිත්තරයක්වත් නෑ. ගිලන් රථවල ඉන්ධන නෑ. හැබයි එච්චර මුදල් නැති වෙලත් තාම බහුතරයක් වෛද්‍යවරු ලක්ෂ ගනන් හොර අතිකාල ගන්නව. දන්ත වෛද්‍යවරු උදේ 8-2 පමණයි. සති අන්තයේ නිවාඩු. නමුත් පැය 120 හොර අතිකාල දාගෙන ලක්ෂ 2ක අවම වැටුප් ගන්නව. ඉතාම පිළිකුල්. මිනිස්සු මෙවැනි හොරකම් වලටත් විරුද්ධ වෙන්න ඔනි. මහජන සල්ලි. සත්‍ය වශයෙන්ම වැඩ කරන පැය ගණනට පමණක් අතිකාල ගෙවන්න නීති හදන්න. උගත්තු ලෙස පෙනී සිටිමින් සුදු ඇඳගෙන හොරකම් කලාම කවුරුත් දන්නෙ නෑ. මේ රටේ අවුල 225 විතරක් නෙවේ. ඕනෑම කෙනෙක් මේ පිලිබඳ සොයා බලන්න බොරුද කියලා

:       7       14

Kasun Friday, 13 January 2023 08:48 AM

ඒ උනාට ඔයාල ලක්ෂ ගනන් හොර OT දානව නේද තාම. ඕනෑම ආයතනයක මුදල් නැති වෙන විට අනවශ්‍ය වියදම් නතර කරනවා . හැබැයි ඔයාලා ලෝකෙ කොහෙවත් නැති සේවා මුර විදියවල් හදාගෙන මාසෙට දවස් 10 ක් වත් වැඩ කරන්නෙ නැතුව හවස 4 ටත් කලින් පුද්ගලික පොළවල් වලට දුව දුව මහජන සල්ලි අසාධාරණ විදියට අතිකාල දාගෙන පිටට පේන්න උත්ඝෝෂන කරනව. දන්න අය දන්නව තමුන්ගෙත් කෙරුවාවල්. සම්පූර්ණම රජයේ වරද තමා. නමුත් මෙයලත් 225 වගේම තමා.

:       5       20

nanda Friday, 13 January 2023 09:01 AM

මෙ ආන්ඩුවට මෙ රට ගොඩගන්න බැරි බව තමා පෙන්නෙ. කරුනාකර පුලුවන් කට්ටියකට රට බාර දෙන්න නැත්නම් මිනිස්සු දහස් ගනනින් මැරෙන්න පටන් ගනීවි.

:       0       7

LalFriday, 13 January 2023 12:25 PM

කරුණාකර ජවිපය අපිට එපා... අපිට තවත් කියුබාවක් අවශ්‍ය නෑ...

:       6       4

sharm warnFriday, 13 January 2023 02:40 PM

කියුබාවක් එපා. කියුබාවෙන් දොස්තරලා ඇවිල්ලා මෙහෙ මිනිස්සුන්ට නොමිලයේ සේවය දුන්නාට කමක් නැහැ. එහෙමද?

:       1       2

Chai Friday, 13 January 2023 11:10 AM

මේකෙ කොටන එවුන් බොහෝමයකට රුදාව ඇත්තේ ඖෂධ නොමැතිකම නොව, දොස්තරලාගේ පඩියයි. යකෝ නිකම්ම කෙනෙක්ට දොස්තර කෙනෙක් වෙන්න බැහැ. අවුරුදු ගාණක කැපකිරීමක ප්‍රතිඵලයයි ඒක. අනික නිදහස් අධ්‍යාපනයට නියම සාධාරණය කරපු පිරිසක් තමයි ඒ අය. ගොඩක් අයට නිකන් දෙන අධ්‍යාපනයෙහි අගය ඉගෙන ගන්න කාලේ වටහා ගන්නේ නැතුව කැලෑ පනිනවා. අන්තිමට පාරතොටේ රස්තියාදු ගහමින් රටටම බරක් වෙනවා. අනික් රටවල් වලට සාපේක්ෂව ලංකාවේ දොස්තරලා ගන්නේ හිඟන පඩියක්... වාර්ෂික පඩිය USA වල USD 200000 ගන්න විට ලංකාවේදී ලැබෙන්නේ වාර්ෂිකව USD 8000ක් විතරයි. සෞඛ්‍ය දත්තවලට අනුව සංවර්ධිත රටක මට්ටමකට ලංකාව ගෙන යන්න ඒ අයට පුළුවන් වෙලා තියෙනවා. නිදහස ලබද්දී ආසියාවේ දෙවෙනියාට සංවර්ධනය වී තිබූ රට, බංකොළොත් රටක් බවට පත්කරපු හොර දේශපාලකයින්ට විරුද්ධව එකෙක් මේකෙ කොටන් නෑ. හරි නම් පොදු ජනතාව තමයි උද්ඝෝෂණ කරන්න ඕනෑ ඖෂධ ලබාදෙන ලෙස ඉල්ලා.

:       8       11

sharm warnFriday, 13 January 2023 12:28 PM

දොස්තරලගේ පඩිය ගැන නෙවෙයි. අතිකාල හොකරකම ගැන මේ කියන්නේ. ඒ නිසා වැරදියට ගන්න එපා. අනිත් එක එයාලගේ ඕනෑම පෞද්ගලික වාසි සහගත ඉල්ලීමක් වෙනුවෙන්ම එයාල වැඩ වර්ජන කරන්න ඉදිරිපත් වුණානේ. එයාලගේ වර්ජන වලින් කීයක්ද පොදුජන යහපතට කලේ. නමුත් අපි අගය කරනවා මේ වෙලාවේ එයාලා එළියට එන එක ගැන. ඒ වගේම එයාලා අනෙකුත් වෛද්‍ය ක්‍රම සේරම බල්ලට දාලා රසායනික ඖෂධ ප්‍රවර්ධනය කිරීම ගැනත් අපි කතාකරන්න ඕනි. මේ වෙලාවේ බෙහෙත් වර්ග හිඟ නම් එයාලට පුළුවන් වෙන්න ඕනි දේශිය වෙදකම එක්ක වැඩ කරන්න. ඇත්තටම එයාලගෙ ඉලක්කය රෝගීන් සුවත් කිරීම නම්.

:       4       7

ලුම්බිණි Friday, 13 January 2023 12:49 PM

නිදහස් අධ්‍යාපනයට නියම සාධාරණය කරපු පිරිසක් බව ඇත්ත. A තුනක් තියා ගෙන මෙඩිකල් කරන්න බැරි අය උන්නත් S තුනකින් මෙඩිකල් කරාම පඩිය ගැන බලන්නම ඕන.

:       2       4

NirmalFriday, 13 January 2023 02:05 PM

බුද්ධිමත් මහතාණෙනි, ඉහත කොමෙන්ටුවල සඳහන් වී ඇත්තේ වැටුප ගැන නොව නිවසේ සිටින සහ සේවය නොකරන කාලයට අතිකාල හොරට ගැනීම ගැනයි. එයද වරදකි. ඔබගේ අදහසට අනුව වෛද්‍යවරයෙක් වීමට නිකම්ම කෙනෙකුට බැරි නිසා හොරට අතිකාල ගැනීම සාධාරණද? රටේ අනෙකුත් සියලුම වෘත්තිකයින් වෛද්‍යවරයෙක් වීමට නොහැකි නිසා වෙනත් වෘත්තීන් තෝරාගත් අයද? USA වල වැටුප ලංකාවේ වැටුප සමග සසඳන්නේ ඒ රටවල්වල වෙනත් වෘත්තිකයින්ටද ලංකාවේ වැටුප මෙන් සිය ගුණයක් ගෙවන බව නොදැනද? එසේ කියා ඔවුන් හොරට අතිකාල ගන්නවා නම් ඒක සාධාරණද? නිදහස් අධ්‍යාපනය සාධාරණය ඉටු කරන්නේ ඔවුන් විතරද? ඔබගේ මෝඩකම පෙන්නවන්න එපා. වැරදි දේට වැරදි කියන්න. හරි දේට හරි කියන්න. ඔක්කොම මහජන සල්ලි. කළයක හිල්නිසා වතුර එලියට යනවා නම් හිල් සියල්ල වසා දැමිය යුතුයි. එක හිලක් හදපුකෙනා උපාධිය ගත්තේ කැපවීමෙන් කියලා හිල නොවසා සිටිනවා නම් ඒත් කළයේ වතුර ඉතුරු වෙන්නේ නැත...

:       3       7

කොන්දොස්තර Friday, 13 January 2023 01:19 PM

ඉතින් ඕකට කරන්න ඕන ඔබතුමන්ලා කරන්න කියපු මෙතෙක් නොකල යහපාලනය කාලයේ හිටපු සුව ඇමතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම පමණයි

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 822 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 92 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 996 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 304 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 316 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 166 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site