(අංජුල මහික වීරරත්න)
සංචාරක වීසා මගින් බහරේනයට පැමිණ එය අනුග්‍රාහකයෙකු නොමැතිව රැකියා වීසා බවට පරිවර්තනය කිරීමට නොහැකි බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බව එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය උපුටා දක්වමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව, කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක් මත එය රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.
කෙසේ වෙතත් අනුග්‍රාහයෙකු සමඟ සංචාරක වීසා, රැකියා විසා බවට පරිවර්තනය කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනය කර ඇති අතර, ඒ අනුව මිට පෙර අය කළ බහරේන් ඩිනාර් 60 ක ගාස්තුව ඩිනාර් 250 දක්වා ඉහළ නංවා තිබේ.
මිට පෙර 2024 පෙබරවාරි මස 13 වෙනි දින සිට බලපැවැත්වෙන පරිදි බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබිණි.
ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ. ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු, අනුග්‍රහකයෙකු නොමැතිව බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා හෝ පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 30 කගේ පමණ ප්‍රකාශ සටහන් කර ඇති බව පොලිස් මාධ්
බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ පිලිපීන ජන රජයේ විදේශ සේවා ආයතනය (FSI) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය
ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීමට කැබිනට් ඇනුමැතිය ලැබී ඇත.
කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියෙහි ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ කාලය දීර්ඝ කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා - පාකිස්ථානු රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීම වෙනුවෙන් මුද්දර නිකුත් කිරීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සහ පාකිස්ථානු තැපැල් ආයතන
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා කටයුතු වලට අදාලව සිදුවන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා වන සම්මුතිය (බීජිං සම්මුතිය, 2010) මෙරට බලාත්මක කිරීම පිණිස න
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
බහරේනය වීසා නීති දැඩි කරයි
Kamal Koyrala Tuesday, 25 February 2025 02:58 PM
සංචාරක නොවන වීසා සියල්ල විදේශ සේවා කාර්යාංශය තුලින් අනුග්‍රාහකයා ගේ සියලු දත්ත එරට මෙන්ම මෙරටට ලබා ගත යුතුයි .එවිට අතරමන් කරන අයගේ විස්ටහ්ර දන්නා බැවින් ඔහු හෝ ඔවුන්ගේ පවුලේ අය වගේම දැරිය යුතුයි