(සුජිත් හේවාජුලිගේ)
බොහෝ ආයතනවල සෞඛ්‍ය නීති රැකීම හොඳ මට්ටමක නැති බවත් කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග ආයතන හා සාප්පු සංකීර්ණ ඉදිරිපිට දෑත් සේදීම සඳහා මුල් කාලයේදී සවි කෙරුණු බොහෝ ජල කරාම පවා මේ මොහොත වනවිට ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය.
අත් සේදීම සඳහා ආයතන සහ සාප්පු සංකීර්ණය ඉදිරිපිට සවි කෙරුණු බොහෝ ජල කරාමවල සමහර කොටස් කැඩී ගොස් අක්‍රියවී ඇති බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා සමහර ආයතන ඉදිරිපිට ජල කරාම ඇතත් ඒවායේ වතුර නැතැයිද සඳහන් කළේය.
මේ ආකාරයට කටයුතු කිරීම ඥානාන්විත පියවරක් නොවන බවද ඔහු පැවසුවේය.
කොවිඩ් පැතිරීම යම් ආකාරයකට පාලනය වී ඇතත් ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කිරීම දිගටම කළ යුතු බවත් එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්වයන් යළිත් ඇති විය හැකි බවත් ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දුන්නේය.
මුව ආවරණ පැළඳීම, දෑත් සබන් යොදා නිතර සේදීම, පුද්ගලයන් අතර දුරස්ථභාවය පවත්වාගෙන යෑම සහ පොදු ප්‍රවාහන මාධ්‍ය හැකිතාක් මගහැරීම යනාදීවූ සෞඛ්‍ය නීති ජනතාව දිගටම ක්‍රියාත්මක කළ යුතු බව කී හෙතෙම පාසල් විවෘත කිරීම වැනි කටයුතුවලට යොමු වීමට හැකි වන්නේ එසේ කටයුතු කළහොත් පමණක් බවද ප්‍රකාශ කළේය.
වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා රෝගය යළි පැතිරුණහොත් අලුත් සැර කොරෝනා ප්‍රභේද බිහිවනු ඇතැයිද ඔහු පැවසුවේය.
මේ අතර විවිධ මිථ්‍යා මත නිසා සමහරුන් කොරෝනා මර්දන එන්නත ලබා නොගන්නා තත්ත්වයක් ඇතැයි විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
කොරෝනා එන්නත් ලබා ගැනීමෙන් වඳ භාවයට පත්වන බවටත් පුරුෂ ශක්තිය හීන බවටත් වැරදි අදහස් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව පැවසූ ගුණසේන මහතා යම් යම් එන්නත් වඩා හොඳ බවටද සමහරුන් වැරදි ප්‍රචාර ගෙන යන බව සඳහන් කළේය.
මෙවැනි මිථ්‍යා මතවලට නොරැවටී ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයෙන් කුමන හෝ කොරෝනා මර්දන එන්නතක් ලබා ගන්නැයි ඉල්ලා සිටින බවත් කොරෝනා වැළඳීමෙන් මරණ සිදුවීම සහ බරපතළ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීම සඳහා එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම හොඳ නැහැ
lakvidu Wednesday, 29 September 2021 02:20 PM
තමුන්නාන්සෙ එන්නත් වලට කරපු පිස්සු විකාරෙ හොදයි කියලද හිතං ඉන්නෙ?
රෙක්ස් Wednesday, 29 September 2021 04:51 PM
ඔහෙලා එන්නත් බෙදුව හැටි නම් හරි ශෝක්...!