IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බිළිඳු දරුවන් 30 දෙනෙකු මුදලට අලෙවි කිරීමේ  මිනිස් ජාවාරමක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකරු  මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි සහිතව  රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.

සැකකරුට විදේශ ගමන් තහනම් කළ අතර,අලුතින් ගර්භනී මව්වරුන් ආයතන වෙත බඳවා ගැනීම නොකළ යුතු බවත් ,සෑම මාසයකම මුල් ඉරුදින ළමා හා කාන්තා කාර්යාංශය පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහැරියේ මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචි උක්වත්ත  ආරච්චිලාගේ සදෙස් මංජුල( 47) යන අයයි.

එම මිනිස් ජාවාරම සම්බන්ධයෙන් ළමා හා කාන්තා ළමා හා කාන්තා කාර්යංශ ලද තොරතුරක් අනුව ඒ අධ්‍යක්ෂක කාන්තා ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව  මෙම සැකකරු  ඉකුත්  21වෙනිදා මාතලේ උකුවෙල ප්‍රදේශයේ දී   අත්අඩංගුවට ගත් බව  සැකකරු අධිකරණ ඉදිරිපත් කරමින්  එම කාර්යාංශයේ නිලධාරීහු  පැවසූහ.

අතවරයට පත් ගැබිනි කාන්තාවන් සහ දරුවන් හදා වඩා ගැනීමට  නොහැකි ආර්ථික දුෂ්කරතා වලින් පෙලෙන ගැබිනියන්ට සහනයක් සලසන බව කියමින් අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබෙන සැකකරු අලුත උපන් බිලිදුන් තෙවන පාර්ශවයකට රුපියල් ලක්ෂ එකහමාරකට මුදලකට  අලෙවි කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත .

සැකකරු මිනිස් ජාවාරම සඳහා යොදා ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක් බවත්  එම ස්ථාන ද පරීක්ෂාවට ලක්කළ බවත්, එක් ස්ථානයක ගැබිණි මව්වරුන් දොළොස් දෙනකු දරුවන් මුදලට විකුණා සිටි මව්වරුන් පස් දෙනෙකු සහ විකිණීමට සූදානම් කිසි තවත් දරුවන් තිදෙනකු  පොලිස් භාරයට ගත් බව  කාර්යාංශයේ නිලධාරීහු අධිකරණයට පැවසූහ.

නඩුව ලබන මස 4  වැනිදා කැඳවීමට නියමිතය.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශ මූලස්ථානය අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා රණසිංහ මහත්මියගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (8)

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

Bamunuarachchi Wednesday, 23 December 2020 01:47 PM

දරුවන් විකුණන්නේ දරුවන් හදාගැනීමට බැරි නිසා දරුවන් එපාවූ අම්මලා. දරුවන් මුදලට ඉල්ලන්නේ දරුවන්ට ආශාකරන හදාවඩා ගැනීමේ හැකියාවක් ඇති අම්මලා. ඉතින් නීත්‍යානුකූල ක්‍රමයකට මේ දරුවන් ගනුදෙනුව කරන්න ඉඩ සලසා දෙන්න. පිට රටවලට රැගෙන ගිය දරුවන් ලොකු මහත් වුණාම තම මුල් දෙමව්පියන් සොයා ගෙන එන සැටි අපි අසා තිබෙනවා දැක තිබෙනවා. මේ පුද්ගලයා කුඩු විකිණීම හෝ හොරකම් කිරීමට හෝ පාතාලයට සම්බන්ධව කටයුතුකළ කෙනෙක් නොවෙයි. දරුවන් ඉල්ලුම හා දරුවා සැපයීම සම්බන්ධව දන්නා හා සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් පමණයි.

:       14       44

IndunilThursday, 24 December 2020 02:38 AM

ඔබේ තර්කයේ එක පැත්තක් හරි... නමුත් ගනුදෙණුවක් වීම... ඔබ කියන්නේ ඔබ උපන් මොහොතේ ඔබේ දෙමාපියන් ඔබට අකමැති වූවා නම් ඔවුන්ට ඔබව විකුණා ගනුදෙනුවක් කිරීමට අයිතියක් තිබුණා. එසේත් නැතිනම් ඔබ ඉපිදවීමට ජන්මාණු වලින්වත් දායක නොවුණු අයෙකුට අතරමැදියෙකු සේ මුදල් ඉපයීමට හැකි බවද? ඔබ අදහස් කලේ දරුවන් නඩත්තු කිරීමට හැකියාවක් නැතිය... හැකියාවක් ඇති අයෙකුට ගනුදෙනු වලින් තොරව දරුවන් පැවරීම නම්, ඒ මතයේ මමත් ඉන්නවා.

:       0       0

BamunuarachchiSunday, 27 December 2020 01:54 AM

කැමති කෙනෙක් ලයන් ෆෛන්ඩ් යුවර් වේ ෆිල්ම් එක බලන්න.

:       0       0

MISHAL-MATARA Wednesday, 23 December 2020 03:09 PM

මුස්ලිම් එක්කෙනෙක් මේක කරල තිබුනා නම් බලාගන්න තිබුනා පාඨකයන්ගේ හොද අදහස් ටිකක්...

:       10       23

prabha Wednesday, 23 December 2020 08:19 PM

නීත්‍යානුකූලව මේවා ගැන සොයාබලා කටයුතු කිරීම රජයේ වගකීමයි.

:       0       0

SL Thursday, 24 December 2020 04:04 AM

එක්කෙනෙක් ගම් වල ඉන්න කෙල්ලෝ රවට්ටලා මෙවාට තල්ලු කරන ජීනාව නිදහස් කළා. තව එක්කෙනෙක් මේ වගේ අවනත් කම්වලට ගොදුරු වුනු කාන්තාවන්ගේ දරුවන් විකුණන එකාට දරුවන් විකුනන්න නිදහස දෙන්න වගේ යනවා. ඉස්සරහට මේ නිදහස දෙන අයට ගිහින් කඩෙන් බඩු ගන්නත් පුළුවන්.... ජීනා මැඩම් ලඟට ගිහින් ගමේ කැකුලියක් බලන්නත් පුළුවන්.. කන්ජිපානි වත් නිදොස් කොට නිදහස් කරපල්ලා... සාදු සාදු !!!

:       0       0

Kamal KoyralaThursday, 24 December 2020 09:45 AM

මරණ දණ්ඩනය, ජීවිතාන්ත සහ දීර්ඝ කාලීන සිරදඬුවම් හිමිවී බන්ධනාගාරගතව සිටින රැදවියන්ට පොදු සමාවක් ලබාදීම සම්බන්ධ ජනාධිපතිවරයාගේ තීරණය හෙට (25 වැනිදා) දිනයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව බන්ධනාගාර හා පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ කියයි... කොහොමද ඒක?

:       0       0

Bamunuarachchi Saturday, 26 December 2020 08:55 AM

MISHAL-MATARA එහෙනම් දෙනවා ඇට්ටි හැලෙන්න. දැන් තේරෙනවාද අපි යන්නේ මොන පැත්තටද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 0 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


’ජනතාව තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු කරන්නේ නෑ’
2024 නොවැම්බර් මස 15 45 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන


දිවුලපිටියේ මනාප පරක්කු වුණැයි චෝදනාවක්
2024 නොවැම්බර් මස 15 257 0

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා දිවුුුුුුුලපිටිය මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රතිඵල ලේඛනය පත්තල ගෙදර


මහින්දගේ වාර්තාව හරිනි බිදියි
2024 නොවැම්බර් මස 15 382 0

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.


හිටපු මැති ඇමතිලා අනූ දෙකක් ගෙදර
2024 නොවැම්බර් මස 15 616 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.


නීතී කැඩූ අපේක්ෂකයින් තිදෙනකු ඇතුළු 69 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 122 0

මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 277 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 588 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1710 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site