IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට

(රංජන් කස්තුරි)

එතනෝල්  නිෂ්පාදනය  සදහා  ඉතා  විශාල  ලෙස  බඩඉරිගු තොග යොදා ගන්නා  බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි  සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

එතනෝල් නිෂ්පාදනය සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්‍රික්ටොන් 50කට අධික ප්‍රමාණයක් යොදා ගන්නා හෙයින් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු ඉතා හිඟව තිබෙන බවද   සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ බඩ ඉරිඟු අවශ්‍යතාවය වසරකට මෙට්‍රික්ටොන් ලක්ෂ 6ක්  වන නමුත් මෙරට නිෂ්පාදනය කරන්නේ මෙට්‍රික්ටොන් තුනකට වඩා අඩු ප්‍රමාණයක් බවද ඉතිරි අවශ්‍යතාවය ආනයනය කිරීමට සිදුව ඇතැයිද අල්ලස් මහතා සඳහන් කළේය.

මෙරට ජනතාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලබාදීම සඳහා බිත්තර සහ කුකුළු මස් මිල අඩු කිරීමට නම් එම කර්මාන්තවලට අවශ්‍ය තරම් බඩඉරිගු ලබාදීමට වැඩපිළිවෙළක් රජය සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

එතනෝල් නිෂ්පාදනයට අවශ්‍ය බඩ ඉරිඟු  එම සමාගම් වලට ආනයනය කිරීමටදීම  හෝ වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කළහොත් කුකුළු ආහාර නිෂ්පාදනයට අවශ්‍ය බඩඉරිගු ප්‍රමාණය දේශීය වෙළඳපොළෙන් ලබාගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

කුකුළු කර්මාන්තය නඟා සිටුවීමට නම් අවශ්‍ය තරම්  බඩ ඉරිඟු තොග ලබාදීමට හෝ ආනයනය කිරීමේ වැඩපිළිවෙලක් නව රජය සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

බඩ ඉරිගු නොමැතිකම කුකුළු මස්  කර්මාන්තයට මරු පහරක් එල්ල කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

බලධා රීන් වහා මැදිහත් වී මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් සකසා  දිය යුතු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (3)

බිත්තර සහ කුකුළු මස් මිල ඉහළට

Gamini Thursday, 14 November 2024 02:41 PM

පුදන කොටම කාපි යකා. තව ටිකක් ඉවසලා හිටපල්ලකෝ හොඳේ...

:       1       1

බොන පියා Thursday, 14 November 2024 05:17 PM

ඇඩෝව්...!

:       0       1

l.p hiripitiya Thursday, 14 November 2024 05:28 PM

දැන් කුකුළන්ටත් ලෙඩලු නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1452 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ත්‍රිකුණාමලය තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 185 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 5480 සජිත් ප්‍රේමදාස 4537 රනිල් වික්‍රමසිංහ 3630, නා


බදුල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 199 0


කොළඹ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 465 0


මොණරාගල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 496 0

මොනරාගල දිස්ත්‍රික්කය කළුතර තැපැල් ඡන්ද ප්‍රතිපලය ජාතික ජනබලවේගය 19686කි. සමගි ජන බලවේගයට හිමි වුයේ ඡන්ද3297, නව ප්‍රජාතන්ත්‍ර වාදි පෙරමුණට ඡන්ද 833හිමි වූ


හම්බන්තොට තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 634 0

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය ඡන්ද 29076ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වූයේ ඡන්ද 3340කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 238 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 557 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1669 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site